Wednesday, October 24, 2012

ඉපදීම



කටු පොකුරු මල් කරන
මල් පොකුරු පර කරන
වියළි පෙති පස් කරන
එපස් යළි මල් කරන

මගේ සිත මට නොදෙන
හිතේ විස කටු ඇනෙන
ආයෙමත් හිත හැදෙන
ලෝකයක් මුණ ගැසින..

6 comments:

  1. මුන ගැසුනු ලෝකයේ
    දුකින් සතුටින් ගෙවන
    දිනෙන් දින මහලුවන
    ජීවිතය බොරුවක්ද

    සිතේ ඇදි සිතුවමක්
    නොවෙද මේ ලෝකයම
    දුවන්නේ කොහෙද මේ
    නොමැරෙනා ලෙස සැවොම

    ReplyDelete
  2. කටු පොකුර සිප ගනිමි..
    හෙට මලක් වනු පිණිස..

    ReplyDelete
  3. යමක් ඇති නැති වියෙන්
    තවත් දේ මැවුනේලු

    සිතක් හඬනා දුකින්
    යලිත් සුවපත් වේලු

    නොනැවතී පිළිවෙලින්
    යස අයස පැමිනේලු

    ලෝ දහම මේ බැවින්
    පැන යන්න නොහැකීලු

    ReplyDelete
  4. දරුව අඬද්දි
    අම්ම හිනා වුනු මොහොත… ....





    ReplyDelete
  5. ස්තූතියි යාළුවනේ ඔයාලා හැමෝටම..

    ReplyDelete
  6. කටු ඇනුන නුබේ සිත
    සුව උනයි බලා නොහිද
    තව ඇනෙයි කියා සිත
    පිය නගනු නව ලොවට

    ReplyDelete