Monday, October 29, 2012

පමා වූ ලිපිය..

 

         ඕං රීං කට්ටු කට්ටු
       වර වර ඒස්වා...හ්..
       ගූගල් හේ යාහූ හේ මෙරේ ‍ප්‍රොෆයිල් හේ
       වරෝ වරෝ...
       ආ....

                             
                               "අලුත් බ්ලොග් එකක්.."
                               "ෂා ඔයත් දැන් අලුත් විදියෙ බ්ලොග් කාරියක්                                   වෙලා.."
                               "ජයම වේවා.."
                               "අෆ්ෆට සිරි අන්න @$$!*&$@ තදැන්                                      
බ්ලොග් ලියන්න පටන් අරන්.."
 
මමත් ඕවා අහ ගනිච්චි. (සමා වෙන්ඩ අන්තිම වාක්‍යය නම් කනටම නොවැටිච්චි. ඒත් තැනක කියන්ඩ ඇති කියලා හිතිච්චි.)
                  

                                  බ්ලොග් ගැන මෙලෝම දෙයක් නොදැන හිටිය දවසක "බ්ලොග් ලියන්න අදහසක් නැද්ද?" කියලා  එක පාරටම යාළුවෙක් අහපි. මමත් ගනන් ගත්තෙ නෑ. මොකෝ මං බ්ලොග් කියන වච‍නෙ අහලවත් තිබුන යෑ. ඒ අහපු ප්‍රශ්නෙ මොකක්වත් විහිළුවක්වත් ද කියලා හිතුණෙ මමත් කට පියං ඉන්න බැරුවට ඊට කලින් විහිළුවක් කරපු හන්ද ද කොහෙද. (හරියටම සුවර් නෑ හොදේ ඒක). 

 
                                  ටික දවසක් ගත වෙච්චි. බ්ලොග් ගැනත් අමතකම වෙච්චි. ඕං දවසක් ආයෙම තවත් යාළුවෙක් කියපි  "උඹ කාලෙ කන් නැතුව බ්ලොග් එකක්වත් කරපියකො" කියලා. ඒ යාළුව ටිකක් සැරටම
කිව්වෙ නැතෑ ඒක. අඩේ මගෙත් ඔලුවට ආවා කලිනුත් බ්ලොග් කතාවක් කවුදෝ කියපි නේද කියලා. මමත් දුර බනු‍ව ටිකක් විතර ඉක්මනට කට් කරලා (එහෙම නොකලා නම් මං කන් දෙක පුරවලා දේශනයක් අහ ගන්නවා මගෙ රචනා ‍ශෛලිය ගැනයි ගහන්න පාරමී පුරන තවමත් නොගහපු පොත ගැනයි) කල්පනාවට වැටිච්චි. 


                                   මුලින් කියපු තැනැත්තා තාක්ෂණ වේදයේ උපාධි ධාරියෙකුට සම කළ හැකි නිසාත් දෙවන තැනැත්තාට මේ දිනවල අධික වැඩ ප්‍රමාණයක් තිබුන නිසාත් දෙවනියට සදහන් කළ යාළුවට වාත නොවී පළමු යාළුවගෙන්ම බ්ලොගේ විස්තර ඇහැව්වා. ඒ පාර බ්ලොග් කීපෙක විස්තර එවපි. ඒ බ්ලොගවලට මගෙත් හිත වැටිච්චි... ඊට පස්සෙ යාළුවට මාරම වාතයක් වෙච්චි. (අනේ ඒකට නම් සමා වෙන්ඩ හොදේ) මොකෝ මං බ්ලොග් ගැන තියා ජාලය ගැනවත් මෙලෝ හසරක් දැනන් හිටි එකක් යැ. (දැන් නම් ඩිංගක් දන්නවා ඔන්න)

                          
      බ්ලොගක් හදන හැටි මුල ම ඉදලා කියලා දෙන්න යාළුවාට සිද්ධ වුණා. නින්දත් කඩා ගෙන දුර බනුව හරහා මගෙ බ්ලොග හදන්න උදවු කළාට ගොඩක්ම පින්... ආ මොකක්ද ඇහුවෙ? ඒ කවුද කියලා ද? ඔයා එයාව හොදට අදුරන‍වා..තාමත් කවුද මේ කියලා සුවර් නැත්නම් මෙතනින් ගිහිල්ලාම බලන්නකො..  http://magepissulokaya.blogspot.com/


                                   අර මං දෙවනියට කිවුව යාළුවා එයා ගැනත් කියන්නම ඕනි. වචන 10ක් කතා කළොත් 9කින්ම මට සද්දෙ දානවා. නරකකට නෙවෙයි යාළු කමටම තමයි. කියන්නෙත් ඇත්ත හන්දා කට වහ ගෙන ඉන්න එකම තමයි හොද. ධනූ තෑන්ක්ස් හොදේ...  
මෙන්න මෙතනින් ගිහින් එයා‍වත් කියවන්න. http://ahikuntakaya.blogspot.com/

 
                                   මේ නම් දෙකත් එක්කම කියවෙන තවත් නමක් තියෙනවා. "ලියපන්කො බ්ලොගග් හොද කමෙන්ටුවක් දාන්න" කියලා කිවුවට මලිතෝ තාම නම් ඒ කමෙන්ටුව ලැබුණෙ නෑ ඔන්න මට.. මොක වුණත්ගොඩක්ම ස්තූතියි ඔයාටත් නොමියෙන මිතු දම වෙනුවෙන්...

                      ආ...තව දෙයක් කියන්න තියෙන‍වා ඕං..ඒ තමයි ලබන ආත්මෙ සහෝදරයො වෙලා එකම මවු කුසක ඉපදෙන්න ඉන්න 3න් දෙනා. අඩේ මතක තියා ගන්ඩවා හොදයි ඔතන‍ට තව සහෝදරියො
2න්නෙක් එන‍වා...කවුරුවත් නංගිලා මල්ලිලා වෙන්නත් කැමති නෑනෙ.. අපෙ අප්පේ එතකොට නිවුන්නුම 5 යි....


                          බ්ලොගේ හදපු දා ඉදලා කමෙන්ටුවක් දාන්න පෙරුම් පුරන සෂියෝ ගොඩක් ස්තූතියි ඔයාටත්..වෙන මොකටවත් නෙවෙයි හැම දේකටම... බ්ලොගේ ගැන මතක් කරන හැම වෙලේම අහවල්
ආයතනය නොසෑහෙන්න බැනුම් අහන හන්දා ත් එහෙව් ආයතනයක් අකාලෙ නටබුන් වෙලා යනවා බලන් ඉන්න බැරි හන්දාත් ආයෙම බ්ලොගය මතක් කරන් නෑ ඔන්න. පුළුවන් ද‍වසක කමෙන්ටු දාන්ඩකො...

 
                                        තවත් සිහිපත් කිරීමක් තියෙනවා...මාර කේස් එක කියන්නෙ මං අර මුලින්ම කියපු යාළුවටයි මෙයාටයි තියෙන්නෙ එකම නම..පටලවා ගන්ඩ එපා හොදේ දෙන්නව. ආණ්ඩුවේ Z මැල්ලුම අපිව මුණ ගස්සලා අමරණීය මිතු දමක් හැදෙවුවා. මගෙ බ්ලොගේ කියවලා ගොඩක් වටින විචාර එවනවාට ඔයාටත් සෑහෙන්න ස්තූතියි ඉසුරුවෝ... මට e-ලිපියකින් ලැබුණ මේ සුන්දර වචන කියවලාම එයාව අදුර ගන්ඩකෝ..(ඉසුරුවෝ සමා වෙන්ඩ ඕනා මේක දානව ට හොදේ)


" මම කවුද ළග ලියූ ලිපියට..,
----------------------------
පිහාටුවක් බිම වැටුනේ
හුළඟ තරහ උනු හන්දද,
ආයෙම අපි යාලු වෙලා
පාවෙන්නට හැකි නොවේද..

ඇළ දොල ගං ඉවුරු දිගේ
යා යුතු දුර මහ සයුරට,
අතරමගක මග වරදා
නොයනු පිණිස ගං දිය හට,
නොගැටි පාර කියනු කෙලෙස
ඉවුරට චුට්ටක් රිදුනට,
ගං දෙ ඉවුර දුටුවෙමි
අප මව් පියො දෙන්නා විලසට..

හඳත් පායලා ඇති දවසක
විය ගහ එක්වීලා,
විය සිදුරෙන් අහස බලන්නට
හැදුවලු කැස්බෑවා,
නමුත් එසැන උගෙ ආයුෂ
ගෙවුනලු, කරුමෙක සේයා!!
වගේ කතාවක් දිය බුබුලෙන්
මට මතකෙට අවා..

වැලි කැටයක් මුතු ඇටයක්
කල හැටියට මුතු බෙල්ලා,
එක පැතුමක් එක සිතුමක්
දැකගන්නට සැබෑ වෙලා,
කෑ වලියක් කල හරියක්
විඳ ගන්නට බැරි වීලා,
වැලි කැටයක් මුතු ඇටයක්
වන විට දිවි අහිමි වෙලා..

ඉරි තලා ගිය පැතුම් අතරෙක
ජීවිතය වේලෙන්නට නොදී
හිසට ටකරන් පයට ගොම මැටි අතුරා
හිනැහෙන්නට වෙර දරන
අපේම මිනිසුන්ට
නුඹේ පන්හිඳ
සවියක් වේවා!!"

                                 කස්ටියක් ගැන විතරක් කියනවා කියන්නෙ තව කස්ටියක්ව අමනාප කර ගැනීමක් කියලා මමත් අහලා තියෙනවා..ඒ උනාට මගෙ යාළුවො එහෙම නෑ.. කසුන් (අපිවත් මුණ ගැස්සුවෙ Z මැල්ලුම), දුලෝ, සේනෝ (අහ් සමාවෙන්ඩ ඕනා ඒකට නම්), රමිතයෝ, ප්‍රමෝ, ශානියෝ... මගෙ බ්ලොගේට දීර්ඝායුෂ පතලා මං එක්ක කිවුවට වඩා වැඩි දෙයක් අනෙක් කස්ටිය එක්ක කිවුවා නේද.? මට ආරංචියි ආ.... තෑන්ක්ස් හොදේ... ඔයාලා ගැනත් දිගට ලියන්ඩ ගියොත් බ්ලොගේ හමාර කරන්ඩ වෙන් නෑ. ඒ හන්දා කස්ටිය ගැනම මතුවට ලිපියක් ලියන බලාපොරොත්තුවෙන් මේ පෝස්ටුව මතු සම්බන්ධ කරන්නම්..

                                        "ඔයාගෙ පෝස්ටු දිග වැඩි" කියලා මං ලියන එකක්වත් කියවන් නැති අමාරුවෙන් කියෙවුවත් තේරුන් නෑ කියන මලේ දවසක ඔයාට අහන් ඉන්ඩ මං බ්ලොගේම කියවන්නම්කො. කියවන්න කම්මැලියි, තේරෙන්නෙ නෑ කියලා කිවුවත් හැම දේටම "එළ" කියලා වචනවලට වඩා ඇස් දෙක පාවිච්චි කරලා කියන මලේ ඔයාටත් තෑන්ක්ස් ආ..(මං දන්නවා ඔයා මේකත් කියවන්නෙ නම් නෑ කියලා)..
                               මං ලියන ඒවා හැමදාමත් මුලින්ම කියවන අප්පච්චි, අම්මේ, අක්කේ ගොඩක් ස්තූතියි හැම දේකටම. මට ඉතින් මගෙ හිතයි අතයි හම්බුණේ ඔයාලාගෙන් හන්දා ආයෙ කියන්ඩ දෙයක් නෑ ඒ ගැන..

      මගේ වචනවලට දිරි දෙන හෙෂාන් මස්සිනේ තෑන්ක්ස් ආ...          

 බ්ලොගේ කියවාපු, කියෙවුවෙ නැතත් මට සුබ පතාපු එකී මෙකී නොකී හැමෝටම සෑහෙන්ඩ ස්තූතියි.. 
   
 ජයම වේවා..!

 මං

 ඔයාලා හැමෝටම ආදරේ කරන,

                සාජා.                       

                                       
  පසු සටහන -   

              (ලියන්න ඕනි කියලා  හැමදාම හිත හිත හිටිය වචන ටික දැන් තමයි ලියවුනේ.කියන්න තියෙන දේ ලැබුන අවස්ථාවෙදි කල් යවන් නැතුව කියන එකනෙ හොද. මොකෝ මේ ලැබුණ අන්තිම අවස්ථාවද දන්නෙත් නෑනෙ. එහෙමයි කියලා අපි මේ ලෝකෙ දාලා යන්නෙත් නැති වෙච්චි ඕං..


අ‍ඩේ ඕං තරහ වෙන්ඩ නම් එපා දැනුයි මතක් වුණේ කියලා. ලියන්න ඕනි හොදම විදිය මොකක්ද කියලා හිත හිත දවස් ඇරියත් ක්‍රමයක් ඔලුවට ආවෙ නැති හන්දා මෙහෙම ම ලියවෙච්චි හොදේ..)

20 comments:

  1. මෙන්න දෙවෙනියට කියපු පුද්ගලයා
    http://ahikuntakaya.blogspot.com/
    (තනියම මඩ නාලා පුරුද්දක් නැති නිසා සෑහෙන කාලෙක සිට මාත් එක්ක මඩ නාපු සහෝදරයවත් එකතුකරගත්ත එහෙනම් හොදේ)

    ReplyDelete
    Replies
    1. මම ඒ බ්ලොගේ හරියටම දැන ගත්තෙ දැන්..සමාවෙන්න ධනු ඒක පෝස්ටුවට දාන්න පරක්කු වුණාට. මගෙ දුර බනුව ‍බදුලු ගිය හන්දා තොරතුරු දැන ගැනීම් ඇණ හිටියනේ..

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. සජෝඕ ...මම ඔයාගේ බ්ලොග් එකේ තියෙන හැම ලිපියක්ම කියවනවා...රස විදිනවා ...!!එත් මම ඔයාට කිව්වා වගේ මට ඒවාට කවියකින් කමෙන්ට් දාන්න තේරෙන්නේ නැහෙ..!!!වාක්‍ය ටිකකින් කමෙන්ට් දැම්මට ඒක ලස්සනත් නැහෙ...!!අනිත් යාලුවෝ හැමෝම ලස්සනට කවි වලින් කමෙන්ට් දානවා මම බලනවා ...කොච්චර සංගීතය රස විදින්න ආස උනත් කවි පද දෙකක්වත් ලස්සනට ගැටගහගන්න මට බැහැනේ..(දෙවියෝ හැම හැකියාවම හැමෝටම දීලා නැහැලුනේ සාජෝ . ...)
    මට ඔයාගේ බ්ලොග් එක හොයාගන්න උදව් කලේ ඉසුරු හෙට්ටිආරච්චි යාළුවා ...මොකද මම මිට කලින් කවදාවත් බ්ලොග් කියලා දෙයක් අහලා නැහෙ ...(ඔයා වගේම තමා)ඔයා මට ලින්ක් එක එව්වට මට හොයාගන්න බැරි උනා...!!ඉසුරු මට ඒකට උදව් කළා.මේකෙත් මට කමෙන්ට් දාන්න තේරෙන්නේ නැති නිසා මම හැරෙන තැපෑලෙන් එයාටම කමෙන්ට් එක දුන්නා.."ෂා නියමඊ " කියලා ...!!!ඉසුරු හෙට්ටිආරච්චි යාලුවටත් බොහොම ස්තුති ...!!(කමෙන්ට් එක පාස් කලාට )
    සාජා..ඔයාට මේ දේ තවත් හොදට කරගන්න ශක්තිය ලැබේවා...!!!ඔයාට මගෙන් සුබ පැතුම් ....!!!(මේ ටික දාලා ඔයාගේ බ්ලොග් එක කැත උනා නම් මට සමාවෙන්න යාලුවේ...!!)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාලුවේ..ඔයාලගෙ අදහස්වලින් බ්ලොග් එක කවදාවත් කැත වෙන් නෑ.මොකද ඒ හදවතින්ම එන අවංක අදහස් හන්දා..
      ගොඩක් ස්තූතියි හැම දේකටම..

      Delete
  4. එස් බී මාමල බන්දුල මාමල මොක කලත් ඉතින් කල වැඩෙන් නම් අන්තිමට හොඳ යාලුවො ටිකක් ඉතුරු උනා..එකට කට්ට කෑවම බොක්ක හැදෙනවලුනෙ නෙහ්..

    අයියෝ ඩෝන්ට් මෙන්ෂන් ඉට්..හිතෙනව-කියනව එච්චරයි,මේ දවස් වල ඉතින් ඔහොම එකක්වත් හිතුවෙ නැත්තන් මොලේ මලකඩ කනව පාවිච්චි නොකර පැත්තකට දාල තියෙන නිසා,එහෙව් එකේ අපියි ස්තුති කොරන්ඩ ඕන අපිට බලන්ට බොලොග් ලියනවට:)
    ඕකට ඉතින් සමාව ඉල්ලන්නෙ මක්කටෙයි..

    මේ..වරහන් අස්සෙ ශානිකා කිව්ව එකත් ඇහුන හොඳේ..එනිටයිම්,හැබෑටම ශානිකා බෑ කිය කිය ඉන්නෙ නැතුව නරකද ටිකක් ට්‍රයි කලා නම්,අමාරුම නම් සජාගෙන් ටියුෂන් එකක් ගන්න ;)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉසුරු.. ශානියෝ ඉසුරු අන්තිමට කියපු දේ නම් හිතලා බලන්න වටිනවා ඔන්න..

      Delete
    2. මේකනේ සාජෝ වැඩේ,ඉසුරු ඉදලා ඉදලා කිව්වේ මට කරන්න බැරි වැඩක් ගැනනේ අප්පා....;)මම ඔයාගෙන් ටියුෂන් ගන්න ආවොත් ෂුවර් එකටම ඔයාට මේ බ්ලොගය ලියන්න වෙන්නේ නැහැ ටික කාලයකට...!!එතකොට ඉසුරුම ඕන් කියයි "නරකද ශානිකා ඔය ටියුෂන් එක නවත්තලා සාජාට බ්ලොගය ලියන්න දුන්නා නම්" කියලා...!!!මේ කොමෙන්ටුව දැක්ක ගමන් උනත් අපේ යාලුවට එහෙම හිතෙන්න පුළුවන්...!! ඒ නිසා ඕන් සාජෝ ඔයාට කරදරයක් වෙන්න බැරි නිසාත්(ඔයාගේ බ්ලොගයට අපි ආස නිසා),ඉසුරුට පසුතැවීමක් ලබාදෙන්න ඕනි නැති නිසාත්(මට සාජාගෙන් ටියුෂන් ගන්න කියලා කරගත්ත දේ ගැන) මම ඔය යෝජනාව පසුවට සලකා බලන්නම්කෝ හොදේ ...!!!(අම්මෝ...ඇති යාන්තම් නේද???යාලුවේ....)

      Delete
  5. අඩේ අප්පා.. අපිවත් මතක් වෙලා තියනවනේ එහෙනම්...
    මොනවා උනත් SB මාමා Z මැල්ලුම හදල හොද යාලුවෝ ටිකක් එකතු කලා.
    උඩ බැලුවත් තේරුමක් නැති බිම බෙලුවොත් මෙලෝ විචාරයක් හිතාගන්න බැරි වෙලාවක
    අවුරුදු ගානක් ඔය මොලේ හොදට පදම් කරලා ගත්තු වචන ගොන්නයි අදහස් ගොන්නයි
    වේලිලා ගල්වෙලා බෝර ගහන්න වෙනකන් තියා නොයිද
    මේ වගේ කාටත් වැඩක් තියන වැඩකට බැහැපු එක කොච්චර දෙයක්ද
    වැඩේනම් එල කිරි
    ඕනි වෙලාවක අපේ සහයෝගය සජා ට තියෙනවා

    ReplyDelete
  6. අහ් අපිවත් මතක් වෙලා තියෙන්න…
    කොහෙද ඉතින් ජංගමේ නැති කර ගත්තම කොහොමද සුබ පතන්නෙ? :D
    බොහොම ස්තූති…
    ඔය ලස්සන අදහස් අපිටත් රසවිඳින්න ඉඩක් දුන්නට
    හොඳට පද ගලපන්න බැරි උනාට පුන්චි හරි කොමෙන්ටුවක් කොටන්න
    ඉඩක් දුන්නට…..
    ජය පතමි හදවතින්ම……..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විභෂ් (නම ලිවුවා හරිද මන්දා)...

      Delete
    2. විභාෂ්වින් රවිහංස....... :)

      Delete
  7. කොමෙන්ට්ටුවක් දාන්න චුට්ටක් පමා උනා...ගනන් ගන්න එපා..

    O/L පන්තියෙදි අපි නිතරම ඹයාගෙ පෑන්තුඩින් ගලාආපු ලස්සන අදහස් රසවින්ද...ඵ් කාලෙ ගෙවිල ගිහින් දැන් අවුරුදු 5කටත් ලන්වෙන්න මයෙහිතේ.දැන් ඹයාගෙ බ්ලොග් 1 කියවද්දි ආපහු මගේ හිත ඒ සුන්දර,නිදහස්,ජීවිතේ ගැන බරක්පතලක් නොදැනුන කාලය(දැන් කියලත් ජීවිතේ ගැන ඒ හැටි බරපතලක් නෑ) දිහාවට පියාඔලගියේ කට කොනෙන් පුංචියට හිනාවකුත් අන්දවගෙනයි(ඒ වගේ කාලයක් ආයෙ එන්නෙ නෑ). ඒ සුන්දර අතීතයට අපහු අපිව එක්කගෙන ගියාට දහස් වරයක් ඔයාට ස්තූතියි !!!

    ඒ කාලෙ පුංචි කොලකෑලි වල හඳ තරු ගැන කවි ලියපු ඒ කෙල්ල දැන් සයිබර් අවකාශයටත් ඇවිල්ල,නිකම්ම නෙමෙයි,අර අපිට නොදැනිම ගෙවිලගිය කාලෙ පුරාවටම එකතු කරගත්ත අලුත්මඅලුත් ලස්සනමලස්සන අදහස් ගොඩාරියක් එක්ක...අපිට හරිම සතුටුයි...ඒ වගේම හරිම ආඩම්බරයි...

    ඹයාගෙ අලුත් අදහස් නිර්මාණ එනකම් අපි මඟබලාගෙන ඉන්නව...
    ඹයාට ජයෙන් ජය!!!!

    ReplyDelete
    Replies
    1. Pramodaya Harshana Bandara ගෙන් දිග කොමෙන්ටුවක් සයිබර් අවකාශයේ වැටුමයි මයෙ හිතේ…….. . :)

      Delete
    2. ගොඩක්ම ස්තූතියි ප්‍රමෝ..බරක් පතලක් නැති ඒ කාලෙ කවියක් වගේම ගලා ගෙන ගියා.අපි කවි ඇතුලෙ කොයි තරම් උන්මත්තක උනාද කියනවා නම් සමහර වෙලාවට මිස්ලට හොරෙන් පවා පාඩම අතරෙත් පුංචි කොළ කෑලිවල කවි ලියලා අතින් අත pass කරලා රස වින්ද කාලෙ කවදාවත් අමතක වෙන් නෑ..
      ඒ කාලෙ මගෙ හිත ඇතුලෙ කවි කාරියක් ඉපදුණා නම් ඒ කවි කාරිය උපන් ‍ගෙයිම මිය යන්නෙ නැතුව ලස්සනට ලොකු මහත් උනේ ඔයාලා හැමෝ‍ගෙන්ම ලැබුන ආශිර්වාදය හන්දා..ගොඩක්ම ස්තූතියි ඒ හැම දේකටම..
      විභශ් කියපු කතාව ඇත්ත නම් ගොඩක්ම සතුටුයි ඔයාගෙ පළවෙනිම දිග කමෙන්ටුව මට ලැබුණට..

      Delete