Tuesday, January 22, 2013

සින්ඩිගේ දින පොත 04 පිටුව.

                සින්ඩි සෙම්්‍රතිශ්‍යාවට බෙහෙත් ොයා ගනී 03.


පසුගිය ොටස් මෙතනින් බලමු...
                     දින පොතට පෙර වදන. 
                     සින්ඩි සෙම්ප්‍රතිශ්‍යාවට බෙහෙත් හොයා ගනී 1
                             සින්ඩි සෙම්ප්‍රතිශ්‍යාවට බෙහෙත් හොයා ගනී 2

අද එතැන් සිට........




රජතුමාට කොණ්ඩෙ කපන වැඩේටම සූදානම් කරපු වෙනම කාමරයක් කාමරයක් තියෙනවා. ඒ කාමරේ ඇතුළෙ තියෙන්නෙ මහා විශාල මූණ බලන කණ්ණාඩියකුයි කොණ්ඩෙ කපද්දි රජතුමා ඉදගන්න රාජකීය පුටුවයි විතරයි. හරිම පිළිවෙල යි. පැහැදිලි යි.
                         ඔන්න ඉතින් රජතුමා දැන් අර පුටුවෙ වාඩි වෙලා කොණ්ඩෙ කපා ගන්න සූදානම් වුණා. කරණවෑමියත් රජතුමාගෙ කොණ්ඩෙ කපන්න පටන් ගත්තා. රජතුමාත් ඇස් දෙක පියා ගෙන සනීපෙට ඉන්න ගමන් පොඩ්ඩක් නින්ද ගියා. කරණවෑමියා ‍දිගටම කොණ්ඩෙ කපනවා. ඒත් රජතුමා සැපට නිදා ගෙන ඉන්න හැටි දැක්කාම
එයාටත් පොඩි නිදිමත ගතියක් ඇවිත් ඈනුමක් ගියා. (අපිත් අත්දැකීමෙන්ම දන්නවානෙ ඈනුම කවදාවත් තනි වෙන් නෑ කියලා. කීප දෙනෙක් කතා කර කර ඉන්න තැනක එක්කෙනෙක්ට ඈනුමක් ගියොත් තවත් එක්කෙනෙක්ට දෙන්නෙක්ට හරි ඒක බෝ වෙලා තමයි නතර වෙන්නෙ)
                                                         කරණවෑමියාගෙ ඈනුම ඉවර වෙලා කට වහන කොට එයා ලාවට වගේ දැක්කා ජනේලෙන් මොකක්දෝ දෙයක් එළියට පනිනවා වගේ. ඒත් එයා ඒක ගණන් ගත්තෙ නෑ නිදිමත හන්දා හැදුන දෘෂ්ටි මායාවක් කියලා හිතලා.
                                               ඔන්න දැන් කරණවෑමියා රජතුමාගෙ කොණ්ඩෙ කපලා ඉවරයි. රජතුමා තාමත් නිදි. රජතුමාට ඇහැරවන්නෙ නැතුවම කොණ්ඩෙ හරියට කැපිලා ද කියලා බලන්න කරණවෑමියා රජතුමාගෙ ඉස්සරහාට ගියා. කොණ්ඩෙ දැන් ලස්සනයි. ඒත් රජතුමාගෙ මූණෙ මොකක්දෝ අඩුවක් වගේ දෙයක් කරණවෑමියාට පේනවා. එයා ටික වෙලාවක් රජතුමා දිහා බලාගෙන කල්පනා කළා...
                                                විනාසයි !!! රජතුමාගෙ නහය තිබුණ තැන නෑ. කරණවෑමියාට හීන් දාඩිය දැම්මා. එයාට නිදිමත හැදුන වෙලාවෙ නහය කැපිලා වීසි වෙන්න ඇති. දැන් ඉතින් නහය නැති වුණ බව දැකලා රජතුමා කරණවෑමියාට මොකක් කරයිද දන්නෑ.
                                               මොකක් කරන්නද කියලා හිතා ගන්න බැරුව වෙව්ලන අතරෙ කරණවෑමියාට මතක් වුණා අර ජනේලෙන් විසි වෙනවා වගේ පෙනුනෙ නහය වෙන්න ඇති කියලා. එයා ජනේලෙ ගාවට දුවලා ගිහිල්ලා එළිය බැලුවා. නහය පේන තෙක් මානෙකවත් නෑ. එයා දුකෙන් එළිය බලා ගෙන ඉන්න කොට හදිස්සියේම දැක්කා සින්තටියා දේශයට පහළින් තියෙන සිංහ දේශයෙ බිම දිගේ මොකක්දෝ පුංචි දිලිසෙන දෙයක් රෝල් වෙවී යනවා වගේ. මෙයා හිතුවා ඒ රජතුමාගෙ නහයම තමයි කියලා. දැන් ඉතින් වැඩේ හරි. කරණවෑමියාට හරිම සතුටුයි. එයා තමන්ගෙ අත ටුක් ගාලා දික් කරලා අර රජතුමාගෙ නහය වගේ දැක්ක දේ අර ගත්තා. ඒක අතට අරන් ඇස්‍ දෙක ගාවට ළං කරලා බැලුවාම කරණවෑමියා දැක්කා සාමාන්‍ය නහයකටත් වඩා ඒක දිස්නෙ දෙනවා කියලා. මේක නම් නහයක් වෙන්නත් බෑ කියලා කරණවෑමියාට හිතුණා. ඒත් කියන්න බෑ රාජ තේජසට නහය මෙහෙම දිස්නෙ දෙනවාද
දන්නෑනෙ. කරණවෑමියාට රජතුමාගෙ නහයෙ හැඩරුව හරියට මතක තිබුණෙත් නෑ. මොකෝ කොණ්ඩෙ කපන්න ආවම බොහොම පරිස්සමෙන් කොණ්ඩෙ කපනවා මිසක් රජතුමාගෙ නහය දිහා බලන්න යන්නෙ නෑනෙ. ඔන්න තමන්ගෙ අතින් කැපිලා ගිය කොණ්ඩ ගහක් ගානෙ හැඩරුව නම් එයාට හොදට මතකයි.
                                                  මේ අතේ තියෙන්නෙ රජතුමාගෙ නහයම ද කියලා කල්පනා කරන අතරෙ කරණවෑමියා දැක්කා රජතුමා ඇහැරෙනවා වගේ. කරන්න දෙයක් නෑ ඒ රජතුමා‍ගෙ නහය වුණත් නැති වුණත් දැන් කරන්න තියෙන්නෙ ඒක හයි කරන එක. ඉතින් කරණවෑමියා ටුක් ගාලා රජතුමාගෙ කලින් නහය තිබුණ
තැනින් ඒක හයි කළා. දැන් හරි වෙනසක් පේන්නෙ නෑ. ඒක රජතුමාගෙ නහයම තමයි.
                                                ඔන්න ඉතින් රජතුමාට ඇහැරුණා. එයා හිරි ඇරලා ඇස් දෙක පිහ දාලා එහෙම කණ්ණාඩිය දිහා බැලුවා. ෂා ! කරණවෑමියා හරි අපූරුවට කොණ්ඩෙ කපලා. රජතුමාට හරි සතුටුයි.  එයා
එහාට මෙහාට හැරි හැරී කණ්ණාඩියෙන් හැඩ බලන අතරෙ මූණෙ මොකක්දෝ වෙනසක් වෙලා වගේ තේරුණා. මොකක්ද ඒ? රජතුමා තව ටිකක් මූණ කණ්ණාඩියට ළං කරලා හොදට බැලුවා. වෙනදාට වඩා මූණ හරිම එළියයි. ඇයි ඒ? රජතුමා ටික වෙලාවක් කල්පනා කළා. පස්සෙ තමයි රජතුමාට වෙලා තියෙන දේ තේරුණේ. අද කරණවෑමියා
කොණ්ඩෙ කපලා ඉවර වෙලා රජතුමාගෙ නහයත් ඔප දමලා. සීරුවට ලස්සනට ඔප දිදී තියෙනවා. කරණවෑමියාට තෑගි බෝග, ධන ධාන්‍ය ඇතුළුව ගම් හත අටක් පවරලා දෙන්න තරම් රජතුමාට සතුටුයි. 



                                            රජතුමා තමන්ගෙ බිසොවුන් වහන්සේටත් කතා කළා. "හාමිනේ මේ බලන්නකෝ අපේ කරණවෑමිතුමාගෙ වැඩ. අද නම් උන්දැට මාත් එක්ක භෝජන සංග්‍රහයක් භුක්ති විදින්න දෙන්නම ඕනි." රජතුමාගෙ සද්දෙට බිසොවුන් වහන්සේත් ඇවිත් බැලුවා කරණවෑමියා මොකද කරලා තියෙන්නෙ කියලා. රජතුමාගෙ සතුට දැකලා එයාට ත් සතුටුයි. හැබැයි එයාට තේරුණා මෙතන මොකක්දෝ පටලැවිල්ලක් වෙලා තියෙන විත්තිය.....

ඔයාලාට හිතා ගන්න පුළුවන් නෙ මොකක්ද වෙලා තියෙන්නෙ කියලා ?


මතු සම්බන්ධයි ේ....

 

21 comments:

  1. මට මීටර් නෑ...
    හැබෑට මොකක්ද වෙලා තියෙන්නේ??????

    ReplyDelete
    Replies
    1. අනික් කොටස් ටිකත් ඉස්සරහට කියවමුකො තරියා...

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. හැබෑට මොකද වෙන්න ඈත්තෙ??
    වට්ටක්ක ගානක් වටින රත්තරන් නහයක්වත් හයිකල්ලද?? ;-)

    ReplyDelete
    Replies
    1. හි හි ඉස්සරහට කියවලා බලමුකො යාළුවා...

      Delete
  4. ම්ම්.. නහය අනිත් පැත්තට හයි කළා වත් ද..? උඩ යට මාරු වෙන්න.. :)

    ReplyDelete
    Replies
    1. ම්....ම්හු.... බලමුකො ඉස්සරහට කියවලා...

      Delete
  5. අර කරාබුවද මොකද්ද එක හයි කරලද?? අනාථයි!

    ReplyDelete
    Replies
    1. අලේ සුපුන් හලියට ගෙස් ‍කරලා.. තෑග්ගක් දෙන්න වටිනවා... :) :)

      Delete
  6. මටත් හිතාගන්න බෑ....
    රජෙක්ගෙ නහයක් එක්ක සෙල්ලම් හොඳ නෑ....!!!

    ReplyDelete
    Replies
    1. හි හි ඒක නම් මරු කතාව...
      ඉස්සරහට කියවලා බලමුකො යාන්ත්‍රිකයා...

      Delete
  7. හිතා ගත්ත..හැබැයි හරිද දන්නෙ නෑ :D
    අපි දන්නෙ නැහැනෙ මේ අමුතු දේසෙ අයගෙ නාස් කන් මොන වගේද කියල :p

    ReplyDelete
    Replies
    1. වැරදුනාට කමක් නෑ. කියන්නකො හිතුව දේ....:)

      Delete
  8. තව කොටසක් තියෙනවද...

    ReplyDelete
    Replies
    1. ම්..ඔව් තියෙනවා යාළුවා.. ඒ ටිකත් කියවමු ඉස්සරහට..

      Delete
  9. මේ කොටසින් විතරක් නම් මොකද වුනේ කියා හිතන්න අමාරුයි බලමු අනිකත් කියවලා

    ReplyDelete
    Replies
    1. ගොඩක් සතුටුයි මේ පැත්තට ආවට... :)

      Delete
  10. ඉස්සරහ ටිකත් ඉක්මනට දාමුනේ.....

    ReplyDelete
    Replies
    1. තව ටික දවසකින් දාන්නම්....
      ස්තූතියි මේ පැත්තෙ ආවට...:)

      Delete
  11. අර වට්ටක්කා ගානක් වටින කරාබුව තමයි රජතුමාගේ නහයට හයි කරල තියෙන්නේ.. හික්ස්.. :) කතාවේ ඉතුරු ටිකත් දාමු ඉක්මනට.. මම අද තමයි මුලින්ම මේ පැත්තට ආවේ.. ගොඩක් ලස්සනට ලියල තියෙනවා.. කතාවේ මුල් කොටස් ටිකත් කියෙව්වා.. හරිම රසවත්.. අපෙන් සුබ පැතුම්..ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි උදයංග.... ගොඩක් සතුටුයි..
      තව ටික දවසකින් ඉතුරු කොටස් දාන්නම්...

      Delete