Thursday, April 11, 2013



සරා සද,
රෑ අහස එකලු කර
දෝතින්ම රැගෙන'විත්
හැගුම් මන්දාකිණිය

කුමුදු මල,
සිත් කොනක පිපී ගෙන
හීනියට දැල්වෙන
කණාමැදිරි එළියට
හෙමි හෙමින් කොදුරන
විදින්නට 
අසම්මතයේ මිහිරියාව....


(ඡායාරූ අන්තර්ජාලයෙන්)

17 comments:

  1. සම්මතයට පිටින්
    අසම්මත පෙමක
    මිහිරියාව අත්විදීන්නෙමි
    හුදකලවේ තනිවී....

    ReplyDelete
    Replies
    1. අසම්මත පෙම ලොවට
      සම්මත ය තනි හිතට....:)

      Delete
  2. විඳ ගන්න ඉඩ දෙයිද
    අසම්මතයේ මිහිර
    කුරිරු මේ සමාජය
    හුදෙකලා තනි ඔබට................

    ReplyDelete
    Replies
    1. අසම්මතය නොසලකන
      අකීකරු සිතට
      රහසක්ම වුණාවේ එය.....:)

      Delete
  3. කැකුළු මල් හිත් පොඩිය..,
    විඳිනු ඇත්ද පෙමක් 'අසම්මත' ?
    බැන්දේ නමක් එවිලසට ,
    නිසාවෙන් ; සිත් සහසක්.....

    තේරුම් ගත්තා හරිද මන්දා සාජානි :D

    ReplyDelete
    Replies
    1. කිසිවෙකුත් නොදක්නා
      ලෙංගතුම හැගුම් පොදි...... :)


      Delete
  4. ඔබටත් එසේම වේවා නලින් අයියෙ.......

    ReplyDelete
  5. සියලු යහපත් පැතුම් ඉටු වෙන නිදුක් නිරෝගී සුවපත් නව වසරකට සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ඔයාටත් සුබම සුබ වාසනාවන්ත නව වසරක් වේවා වර්ෂා...!!!

      Delete
  6. ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබටත් පවුලේ සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. සුබම සුබ වාසනාවන්ත නව වසරක් වේවා සුපුන්...!!!

      Delete
  7. සම්මතයට පටහැනි ව
    අසම්මතයේ මිහිරියාව
    කරා නොඇ‍දෙන්න සබඳ . . .

    දුක් සුසුම් ඉතුරු කර
    අසම්මතය හැර ගිය දා
    හද දැවී අළු වේවී . . .

    ලස්සණ කවියක්, සජානි :) ඔබටත් පවුලේ සැමටත් සියලු යහපත් පැතුම් ඉටු වන සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. හිතේ ඉපදෙන වදන් වැල්
      ජීවිතය හා මුසු නොවී
      හිතේ මිය යන නිසාවෙන්
      කවියකට පමණක් ම ගොනු කළෙම්....

      ගොඩක් ස්තූතියි ධාරා....ඔයාටත් පවුලේ සැමටත් ලැබුවා වූ අලුත් අවුරුද්ද වාසනාවන්ත සුබ නව වසරක් වේවා...!!!

      Delete
  8. සඳුට සදහට සෙනෙහෙ පෑමුත් උදුල තරු කැටයම්
    හිරුට පෙම් බැඳි එකදු තරුවක් සිටිය නොහැකිද යම්.......

    සම්මතය අසම්මතය
    ඉරකින් වෙන් කරල
    සම්මතය තුල හිරබත් කන මිනිස්සු

    නිදහසේ මේ ලොකෙට ඉපදුනු අපි
    අනුන් හදපු සම්මතයක හිර වෙලා ජීවත් වෙනව...
    සම්මතය තුලම මැරිල යනව..............



    ReplyDelete
    Replies
    1. හ්ම්ම්....ඇත්ත විභෂ්....
      ගොඩ දෙනෙක් පිළිගන්න ගමන් හංගලා දාන ඇත්තක්...

      Delete
  9. සමාවෙන්න කවියකින් පිළිතුරු පඹදින්නට මසුරු උනාට...
    මට මතක් වෙන්නේ ඒ කලෙත් හඳ එලියට අවදිවුනු කොඳ මල් ගැනයි...

    ReplyDelete
    Replies
    1. මතකය මතකයක්ම වුණාවේ සුහද...
      රසබර වේදනාත්මක අතීතය...අනාගතේට පාර කියාවි...!!

      සාද‍රයෙන් පිළිගන්නවා ඔයාව මේ පැත්තට...
      ඊළග වතාවෙ කවියකින්ම පිළිතුරු ඕනි...

      Delete