Monday, December 9, 2013

නුඹ වෙනුවෙන් ඉපදුන සිත...!


සංසාරේ හැමදාමත්
ළගින් ඉදන් බලන් ඉන්න
ඇයත් එක්ක යන පාරෙම
මටත් ටිකක් ඉඩ තියන්න..

අවිහිංසක ඇගෙ දෝතට
ආදරයෙන් ගෙනැවිත් දෙන
මල් පොකුරෙන් එක පෙත්තක්
මා ළගටත් විසි කරන්න..

ආදරයෙන් දොඩමලු වෙන
නුඹෙත් ඇගෙත් ලෝකය වෙත
හිනා වෙලා පෙම් බදින්න
ගොළු හදකට ඉඩක් දෙන්න..

නුඹ නමටම ඉපදුන සිත
නුඹ නමටම මියැදෙන දින
මදකට නැවතී මා ළග
සංසාරේ ගිම් නිවන්න...




Sunday, December 1, 2013

සීතලයි උදුවප්..!


උහුලන්න බැරි තරම්
සීතලයි උදුවප්

ඉපදුණ නිසා නෙවෙයි උඹ -
විසි හතර
ගොළු වුණ නිසයි මම -
සදහට...

කියවන කොට
මගේ කවි පෝලිම
දැනෙනවද උඹට රළු ගතිය
මතකයිද මන්දා
අන්තිමට මුදු වුණේ
මගේ හිත
දෙසැම්බර් මාසෙක වග

නපුරු ඇති මම!
නරක ඇති මම!
අහිංසක වුණ නිසා
ඉස්සරම දවසක...
පෑගෙන කොටත් දෙපයට
උන්නු නිසා හිනා වී ගෙන..
"වැරදීම" විසික් කර
පිස දා නොගත් නිසා
අත් දෙක..

දැනෙන්නෙත් නෑ ඇනුන වග -
පිහි තුඩග
උහුලන්න බැරි තරම්
සීතලම සීතලට
ගල් වෙලා හරි තදට
මුදු නෑ ඉතින් දැන් හිත!

මතකයිද මුල වචන ;
ඉපදුණ නිසා නෙවෙයි උඹ -
විසි හතර
ගොළු වුණ නිසා මම -
සදහට...

ගියා නම්
ගිය තැනක ඉන්නැතුව
රිද්දනවද මන්දා මම..!!
.
.
.
.
කොච්චර වුණත් තාමත්
රිදෙනවා මට
ඒ නිසයි ගෙතෙන්නේ
කදුළු හිම පත්තිරුව
සීතලම සීතල
දෙසැම්බර් මාසෙක...