Monday, August 31, 2015


ඈත සිට බැලුම්ලන සදවත
කඩුපුලෙත් හාදු පිනි තවරත
ඉතින් මගෙ හිත ගත්ත හිතවත
මේ තරම් දුරින් හිද පලනැත

අවාරේ පත් හැලුන ගසක්වුව
සුළං රැළි සමග පොර බදනු ඇත
රෑ බදුලු පුරාවත නිමාවුණ
රෑක නුඹ හිනා වී පලක් වෙද !

කැපෙන තැන් බිදෙන තැන් උගනිමි
සිරගතව නොයිද තව ඉගිලෙමි
සුළං රැළිවල හැපී ඉපිලෙමි
නම නොදත් ප්‍රේමයක මියයමි

වාචාල තරුකැලට වහන් වුණ
කවිකාර සදවතක් දැකගමි
පුරාතන කැපුම් තැන් පිරිමැද
සිහින් ස්වරයෙන් හෙමින් හිනැහෙමි

ඔව් ඉතින් ඒ "ඔබ" තමයි
ඔබේ හද මත අත තබා
හෙමි හෙමින් මුදු බසින් මුමුණමි...

Saturday, March 7, 2015

රිදෙන් ඇති බිත්තියට !


හිත බිමට වැටුණ වෙලාවක
හිස බිත්තියේ ගහගත්ත වේගෙට
රිදෙන් ඇති බිත්තියට හරි සැරට
දෙදරුම් කෑවෙ ඒ නිසයි උලුවස්ස

දුර්වර්ණ වී තිබුණ තැනෙකින්
හම ටිකක් ගැලවිලා වැටුණෙය
කලින්දා හම ගියපු තැනකින්
පතුරකුත් ගැළවිලා විසි විය

සුදු පාට බිත්තියේ පපුවෙන්
රතු පාට ලේ ගලන්නට විය

නෑ කමක් නෑ කියා ගෙන
හිනා වී ගෙනම උන්නාට බිත්තිය
වේදනා විදින් ඇති හරි තදට
දෙදරුම් කෑවෙ ඒ නිසයි උලුවස්ස...

Saturday, January 31, 2015

? තේමා දමන්නේ කොහොමද - අපිරිමිත ආදරයට ?

මවු පිය රූප හිත යට
සිය සිය වරක් සිප ගෙන
රත් පෑ අහස් හෙවනට
පිය පුතු ඉතින් නික්මිණ

සූරියකාන්ත මල -
පොළෝ තලයට
මුහුණ බර කර
සුබ පැතුම් පෝළිමේ
අන්තිම කොනට එක් විය

කාටත් හොරා හෙමිහිට
ඇස යට උනපු තෙත හිත
ඇසිපිය හෙළන වේගෙට
ඇසටම ආයෙ දියවෙත !

පියවරු හෙළන දහඩිය
ටොන් ගණන් එක්අහු කර
සදන්නට හැකිය ඒ එක කදුල

හී සරින් පලා ගෙන
එබුණොතින් නෙත යටට
කුසුමක් තියේවි ය එතැන
සුවදක් අරන් පුබුදින
අම්මා කෙනෙකුටම මිස
වෙනත් හිතකට නොතේරෙන...!