Saturday, March 7, 2015

රිදෙන් ඇති බිත්තියට !


හිත බිමට වැටුණ වෙලාවක
හිස බිත්තියේ ගහගත්ත වේගෙට
රිදෙන් ඇති බිත්තියට හරි සැරට
දෙදරුම් කෑවෙ ඒ නිසයි උලුවස්ස

දුර්වර්ණ වී තිබුණ තැනෙකින්
හම ටිකක් ගැලවිලා වැටුණෙය
කලින්දා හම ගියපු තැනකින්
පතුරකුත් ගැළවිලා විසි විය

සුදු පාට බිත්තියේ පපුවෙන්
රතු පාට ලේ ගලන්නට විය

නෑ කමක් නෑ කියා ගෙන
හිනා වී ගෙනම උන්නාට බිත්තිය
වේදනා විදින් ඇති හරි තදට
දෙදරුම් කෑවෙ ඒ නිසයි උලුවස්ස...