Tuesday, October 22, 2013
රිදෙනවා පපුවට සැරටම..
කලකට ඉහත අත් දෙක වෙන් වුණාදෝ
හිත යට පිපුණ මල් පෙති පර නොවීදෝ
හිතටත් හොරා අත් දෙඅතක බැදීදෝ
සින්නක්කරව ඉවතට විසි වුණාදෝ
විදින කොට ඇස් දෙකෙන් - රිදුණු හිත
රිදෙනවා පපුවට සැරටම
ඇහැට ඇහැ මුණ ගැහෙන කොට
දැනෙනවා නේද ඒ බව
ගොතනවා තාම මේ හිත
සින්ඩිගේ කතන්දර
කලින් වගෙමයි මගෙ හිත
රහට - විරහවට දෙකටම
ඇස් සතරක් හමු වෙන වාරෙක
දන්නවා මම හිනැහෙන්න බැරි කාරණ
කොයි තරම් දැඩි කළත් හිත - හිත
බර වැඩි නේද තවමත් කදුලු කැට
දිලිසෙන කොට අහසෙ තරු කැට
හද ළගින් මැවෙන ඔය නෙත
හිනාවක් නැතුව හිර වෙන කොට
කැතයි මට ජීවිතේ ඒ තරමට
ගොතන කොට හිත කයි කතන්දර
නුඹ ගැනත් අහනවා හරියට
කියන්නට දෙයක් නැති කොට
ඔහු තමයි ඉන්නේ සහයට
හැමදාම වගේ ලස්සනට
ගොතනවා හේතු හරියට
සම සමයි ඒ හිතත් දැන් මට
ඒ නිසයි දැනෙන්නෙත් ආදරය...
Friday, October 18, 2013
වන වැදුණු - සෙවන වුණු
නිසල බිම
මතක වෙඩි
පුපුරන කොට - හදිසියෙම
බිම වැටුණු
කොක් රෑන දැක දැක
අපරාදයක් නොකළ
අත් දෙක
හූල්ලන්නෙ
රතු ලේ සිතැතිව ම..
අහිංසක දෙනෙතක
රැදුණ ලේ පාට
මග තොටක දැක
සුදුපාට වෙන කොට
අහිංසක නැති හිත
නගයි දොස් - පරොස්
හරියට...!!
ළගකදි බැදුණ
අත්දෙක
අත හැරෙයි - විසි වෙයි
දුරටම...
Sunday, October 6, 2013
මහේෂ්,
මට සැකයි
උඹ ගැන
යශෝරාවය රස විදපු
උඹෙන් ඇයි
බලදේවගේ ලෝකයක්
ගෙත්තම් නොවුණෙ කියලා...
මහේෂ්,
මට සැකයි
ලෝකය
යශෝරාවය ඈත් කරලා
බලදේවගේ ලෝකය කුඩු කරලා
දැම්මෙ ඇයි කියලා...
මහේෂ්,
මට සැකයි
මම ගැන
යශෝරාවයවත්
බලදේවවත්
නොදැකම
“අමා“ ලව අප්පිරියා වුණ
ගන්ධබ්බයෙක් වුණේ
ඇයි කියලා...
Subscribe to:
Posts (Atom)