Monday, December 9, 2013

නුඹ වෙනුවෙන් ඉපදුන සිත...!


සංසාරේ හැමදාමත්
ළගින් ඉදන් බලන් ඉන්න
ඇයත් එක්ක යන පාරෙම
මටත් ටිකක් ඉඩ තියන්න..

අවිහිංසක ඇගෙ දෝතට
ආදරයෙන් ගෙනැවිත් දෙන
මල් පොකුරෙන් එක පෙත්තක්
මා ළගටත් විසි කරන්න..

ආදරයෙන් දොඩමලු වෙන
නුඹෙත් ඇගෙත් ලෝකය වෙත
හිනා වෙලා පෙම් බදින්න
ගොළු හදකට ඉඩක් දෙන්න..

නුඹ නමටම ඉපදුන සිත
නුඹ නමටම මියැදෙන දින
මදකට නැවතී මා ළග
සංසාරේ ගිම් නිවන්න...




Sunday, December 1, 2013

සීතලයි උදුවප්..!


උහුලන්න බැරි තරම්
සීතලයි උදුවප්

ඉපදුණ නිසා නෙවෙයි උඹ -
විසි හතර
ගොළු වුණ නිසයි මම -
සදහට...

කියවන කොට
මගේ කවි පෝලිම
දැනෙනවද උඹට රළු ගතිය
මතකයිද මන්දා
අන්තිමට මුදු වුණේ
මගේ හිත
දෙසැම්බර් මාසෙක වග

නපුරු ඇති මම!
නරක ඇති මම!
අහිංසක වුණ නිසා
ඉස්සරම දවසක...
පෑගෙන කොටත් දෙපයට
උන්නු නිසා හිනා වී ගෙන..
"වැරදීම" විසික් කර
පිස දා නොගත් නිසා
අත් දෙක..

දැනෙන්නෙත් නෑ ඇනුන වග -
පිහි තුඩග
උහුලන්න බැරි තරම්
සීතලම සීතලට
ගල් වෙලා හරි තදට
මුදු නෑ ඉතින් දැන් හිත!

මතකයිද මුල වචන ;
ඉපදුණ නිසා නෙවෙයි උඹ -
විසි හතර
ගොළු වුණ නිසා මම -
සදහට...

ගියා නම්
ගිය තැනක ඉන්නැතුව
රිද්දනවද මන්දා මම..!!
.
.
.
.
කොච්චර වුණත් තාමත්
රිදෙනවා මට
ඒ නිසයි ගෙතෙන්නේ
කදුළු හිම පත්තිරුව
සීතලම සීතල
දෙසැම්බර් මාසෙක...


Monday, November 18, 2013

දවසක හමුවෙමු - හමුවී හිනැහෙමු - හිනැහී වැළපෙමු - අපි ආයේ...

 9

"බනිනවා යාළුවෝ හොදටම"

"මොකටද?"

"ඔයාව හම්බ වෙනවට..."

"මටත්.."

"මම දන්නවා..."

"අපිට ඒ කාලෙත් කවුරුවත් හිටියෙ නෑ.. "

"අදත් නැහැ.."

"යාළුවො හැමදාම කරන්නෙ බනින එක විතරයි..අපි දෙන්නා විතරයි හැමදාම.."

"හ්ම්ම්..වැරැද්දක් කරන්නෙ අපි..."

"කවුරුවත් සමාව දෙන එකක් නෑ..ඒ දෙන්නවත් සමාව දෙන එකක් නෑ..."

"අපි අපිට සමාව දී ගමු.."

               -හොදටෝම හිනා අපිට-

"යන්න කලින් එක දෙයක්.."

"ම්ම්..?"

"පොරොන්දු වෙන්න.."

"මොකක්ද?"

"ආයෙම හම්බ වෙනවා කියලා.."

"කවදද?"

"ලබන ආත්මේ.."

"පොරොන්දු වෙනවා.."

"ඔහොම බෑ.. මෙහෙම ඉදුල් අත උඩින් ඔය ඉදුල් අත තියලා.."

"ඔයාට නම් පිස්සු.."

"ආයෙම බත් කටක් කවන්න එනකම් බලන් ඉන්නවා.."

"මම එනවා.."

"පොරොන්දු කැඩුවොත් පවු.."

"ඔයා දන්නවනෙ මගෙ පොරොන්දු රැකිල්ල.."

-හොදටෝම හිනා අපිට-



දවසක හමුවෙමු - හමුවී හිනැහෙමු - හිනැහී වැළපෙමු - අපි ආයේ...

 8

"දෙන්න මගේ ලේන්සුව"

"මේසෙ දූවිලි..පිහදාන්නම්.."

"පිහදැම්මොත් බලාගමු.!"

"මුකක්ද?"

"දානවා ජනේලෙන් පල්ලට.!"

"ලේන්සුව?"

"නෑ ඔයාව"

"හා...පිහදැම්මා ඔන්න.."

"අන්න කළා..කවුරුවත් කරන් නෑ මට ඔහොම..තව ඇගිල්ලත් දික් කරනවා.."

"ඌයි"

"කඩනවා ඇගිල්ල"

"ආ"

"විසි කරනවා ලේන්සුව..එපා ආයෙම මට."

"තරහ ගිහින් ඔයාට..!
මෙන්න මගේ ලේන්සුව..පිහදානවා මුළු මේසෙම මම..ඒකෙත් දූවිලි දැන්..මේ..."

"දෙන්න ඕක මෙහාට"

"මොකටද?"

"තියා ගන්නවා මම"

"ඕක හෝදලා නෑ"

"එහෙනම් හොදයි"

"හඩ්ඩා"

"හඩ්ඩි"

"දෙන්න ඔයාගෙ එකත් මට..."

-හොදටෝම හිනා අපිට-







ඉන්නවා මම

ලයිබ්‍රියේ අන්තිම පේළියේ
තාමත්
දැනෙන කොට වෙහෙස
ජීවිතයට
හිනා වෙනවා තනියම
එතන නැවතුන
අපේ ආත්මත්
එක්ක...



Sunday, November 17, 2013

දවසක හමුවෙමු - හමුවී හිනැහෙමු - හිනැහී වැළපෙමු - අපි ආයේ...

 7

"යන්න කලින් එක දෙයක්.."

"මොකක්ද?"

"මේ ඔරලෝසුව මගෙ අතේ බදින්න.."

"ඔරලෝසුව නෙවෙයි මේ රාබිය..ඔයාට ගෙනාවෙ.."

"මට?"

"ඔහොම බලන්නෙ නැතුව අත දෙන්න මෙහාට.."

"දකියි ඔයාගෙ යාළුවො.."

"කමක් නෑ.."

"කමක් නෑ?"

"දැන් මම බය නෑ ජීවිතේට.."

"ගොඩක් වෙනස් වෙලා?"

"ඔව්..මම දැන් ස්වාධීනයි..කාටවත් දෙන්නෙ නෑ මාව පාලනය කරන්න.."

"ඒත් ඔයාට හොද නෑ"

"ඔයා බයයි..බයගුල්ලා..උදවු වෙන්න මේක ගැට ගහන්න.."

"ආයෙ ගැළවෙන්නෙ නැති වෙන්නම බදින්න.."

"මම දන්නවා ගළවන්නෙ නැති බව.."

"තදට බදින්න..දවසක ගළවන්න ඕනි වුණත් ගළවන්න බැරි තරමට තදට බදින්න.."

"එයා ගළවයි මේක.."

"නෑ..ගැළෙවුවොත් මම..වැඩි පරිස්සමට සාක්කුවට දා ගන්න.."

-හිනා හොදටෝම අපිට-

 
පෙම්වත,
තියා ගන්න රාබිය
ඇයත් එක්ක හමු වුණොත්
දවසක
නලවන්න මගේ සිත
මට පෙනෙන්නට
අද වගේම ආදරෙන්
තියා ගන්න
මගේ රාබිය..


දවසක හමුවෙමු - හමුවී හිනැහෙමු - හිනැහී වැළපෙමු - අපි ආයේ....


 6

 "ඔන්න කදුළු"

"ඒ හිනා වෙලා"

"ඔයාගෙ බොරු හිනාව..හංගන්න බෑ ඔය හිත.."

"පිස්සු ඔයාට"

"හිනා වෙන්න එපා බොරුවට"

"හිනා වෙනවා මං හැමදාම"

"අඩනවට වඩා හිනා වෙන කොට රිදෙනවා ගොඩක්"

"ඒ කොහොමද?"

"හංගන්න බෑ ඔයාට කිසි දෙයක්"

"මෝඩයා"

"හ්ම් පිළිගන්නවා..මම මෝඩයි.."

"අන්න දැක්කද? මම කිවුවනේ ඒ කාලෙත්..
ඔයා පළවෙනි වතාවට මට පරාද වුණා..සමරන්න ඕනි ඒක නම්.."

"මෝඩයි මම..ගොඩක් මෝඩයි.. දැනන් හිටියෙ නෑ මේ තරම් ආදරයක් තිබුණ වග.."

"එහෙම කියන්න එපා"

"මෝඩයි ඔයත්..කිවුවෙ නෑ මට කිසි දෙයක්.."

"හ්ම්...මමයි වැරදි..."

"නෑ මම..."

"අපි දෙන්නම.."

"ඔවු දෙන්නම වැරදි..දෙන්නම මෝඩයි.."

"මතකද ඉස්සර ඔයාට මෝඩයා කියද්දි කේන්ති යනවා? හොදටම බැන්නා දවසක් මට...!!"

-හොදටෝම හිනා අපිට-



දවසක හමුවෙමු - හමුවී හිනැහෙමු - හිනැහී වැළපෙමු - අපි ආයේ...

5

"පටන් අරන් ද?"

"නෑ තාම"

"ලයිබ්‍රිය ගාව ඉදන් බලන් හිටියා ඔයා යනකම්ම"

"මට හිතුණා කොතන හරි බලා ගෙන ඇති කියලා"

"එදා cls ගියා වගේ.."

"ඔව්..මට මතක් වුණා ඒක..හොරෙන්ම පස්සෙන් ඇවිත් cls එකට යනකම්ම බලන් හිටියා නේද?"

"හ්ම්ම්.."

"ඔයාට නම් පිස්සු..හැමදාමත් එහෙමයි.."

"වෙනස් වෙන්නෙ නෑ"

"පණ්ඩිතයි හොදටම..."

-හොදටෝම හිනා අපිට-


කොතන හිටියත්
දැනෙනවා මට
බලාගෙන කියලා
මගෙ දිහා...

Saturday, November 16, 2013

දවසක හමුවෙමු - හමුවී හිනැහෙමු - හිනැහී වැළපෙමු - අපි ආයේ...

4

"රතු වෙයි මූණ"

"ඒ මොකද?"

"අවුව ඔයාට"

"කමක් නෑ"

"කකුලටත් අවුව"

"හ්ම් ඔවු නේද.."

"කලු වෙයි.."

"කමක් නෑ"

"බෑ එහෙම වෙන්න"

"ඔයාටත් අවුව"

"ඔවු මාත් කලු වෙයි"

"ඔයාගෙ තව මොනාද කලු වෙන්න තියෙන්නෙ"

"ආ..ඔන්න කිවුවා...මේ බලනවා මම සුදුයි...කවුරුවත් කියන්නෑ මට ඔහොම..."

"මම කියනවනෙ ඒ වුණාට"

"ඔයාගෙ කකුල පිච්චෙනවා.."

"කමක් නෑ.."

"ඔන්න මගේ කකුලෙන් වහනවා ඔයාගෙ කකුල.."

"පිස්සු ඔයාට.."

"මූණත් වැහුවෑකි.."

"මූණ?"

"ඔවු අනිත් කකුලෙන්.."

"කකුලෙන්.!!"

"හි හි ඔන්න අවුවටත් කලියෙන් රතු වුණා මූණ.."

-හොදටෝම හිනා අපිට-




Friday, November 15, 2013

දවසක හමුවෙමු - හමුවී හිනැහෙමු - හිනැහී වැළපෙමු - අපි ආයේ..

"දන්නවද මම දැන් කොතනද ඉන්නෙ කියලා?"

"කොතනද?"

"හොස්ටල් එකේ වහලෙ උඩ"

"වහිනව නෙ?"

"ඔවු වහිනව හොදටම.."

"දැන් කිවුවෙ මට වහින නිසා කන්න එළියට යන්න කම්මැලි කියලා?"

"ඔවු කන්න යන්න කම්මැලි..තෙමෙනව නේ..."

"වහලෙ උඩ තෙමෙන් නැද්ද එතකොට?"

"තෙමෙනවා..ඒ වුණාට නිල් පාට කුඩයක් තියෙනවා ළග.."

"ඉහළ ගන්න ඕක..මොකටද වහලෙ උඩ නැග්ගෙ.?"

"බෑ ඒක දිහා බල බල ඉන්නවා..මට මගේ නොවන මගේම නිල් කුඩයක් තිබුණා කිය කිය..."

"තෙමිලා ලෙඩ වෙයි..බහින්න ඔතනින්.."

"බෑ.."

"විහිලු නෙවෙයි. බහින්න කිවුවෙ..!"

"හොදින් කිවුවොත් බහිනවා.."

"හා බහින්න.."

"බෑ එහෙම බෑ.."

"බහින්න..."

"එහෙම කිවුවට බහින්න හිතෙන් නෑනෙ.."

"කෝ බහින්නකෝ..."

"මදි මදි"

"බහිනවා එක පාරක් කිවුවම.!"

"හි හි ඔය එක පාරක් යැ..දැන් කී පාරක් කිවුවද?"

"මගෙ යකා අවුස්සන් නැතුව බහින්න ඔතනින්.."

"යකායවත් කියලා බලමු කියන්න ඕනි විදිය තේරෙයිද කියලා..."

"බැහැපිය කියන දේ අහලා.!!"

"හම්මොහ්..ඉන්න ටිකක්....."

"හ්ම්ම්..
බැස්සද?"

"නෑ මේ තව උඩට නගින්න තැනක් නැද්ද කියලා හෙව්වෙ.."

"හිතුවක්කාරයා..."

"ඔයා වගේමයි..."

-හොදටෝම හිනා අපිට-




















Thursday, November 14, 2013

දවසක හමුවෙමු - හමුවී හිනැහෙමු - හිනැහී වැළපෙමු - අපි ආයේ...


2

“ඉස්සර වගේමද හිත.?“

“මොකක් ගැනද.?“

“මං ඇහුවෙ අපේ විප්ලවේ ගැන..“

“ඔයා හැමදාම කිවුවෙ මං රැඩිකල් නෑ කියලනේ..“

“තාමත් මතකයි නේ ද හැම දේම.?“

-හොදටෝම හිනා අපිට-

“මතකද අපි අපේ ගිය ආත්ම බැලුවා.?“

"ඔයා ඒ කාලෙ රුසියාවෙ විප්ලව කරද්දි මම චූටි බබෙක් කිවුවෙ.."

"ඔවු අපි කිසිම ආත්මෙක හම්බෙලා තිබුණෙ නෑනෙ.."

"ඒ වුණාට ලබන ආත්මෙ හම්බෙනවා නේද?"

"මොකටද?"

"විප්ලව කරන්න"

-හොදටෝම හිනා අපිට-

Wednesday, November 13, 2013

දවසක හමුවෙමු - හමුවී හිනැහෙමු - හිනැහී වැළපෙමු - අපි ආයේ...


1

එක ගාවමයි දෙක උපන්නෙ
අපූරුයි දෙක
පැටලෙනවා හිත
දෙකේ ඉලක්කම ගාව
  අපි දෙන්නගේ
  මාස දෙකක කතාව
  අවුරුදු දෙකක විදවීම
  සති දෙකක හමුවීම..
මතකයි ද 29.?
එතනත් මුලට දෙක
ඇයි ඉලක්කම් දර්ශකේ.?
ඒක ඔයාගෙ ගණන් සාස්තරේ
ඒකත් දෙක..
ඒත්
දැන් ආයෙමත් නම්
දෙකේ ඉලක්කම
හමු වෙන්නෙ
නැති වේවි
අපිට...!!












Tuesday, October 22, 2013

රිදෙනවා පපුවට සැරටම..














කලකට ඉහත අත් දෙක වෙන්       වුණාදෝ
හිත යට පිපුණ මල් පෙති පර        නොවීදෝ
හිතටත් හොරා අත් දෙඅතක            බැදීදෝ
සින්නක්කරව ඉවතට විසි              වුණාදෝ

විදින කොට ඇස් දෙකෙන් - රිදුණු හිත
රිදෙනවා පපුවට සැරටම
ඇහැට ඇහැ මුණ ගැහෙන කොට
දැනෙනවා නේද ඒ බව

ගොතනවා තාම මේ හිත
සින්ඩිගේ කතන්දර
කලින් වගෙමයි මගෙ හිත
රහට - විරහවට දෙකටම

ඇස් සතරක් හමු වෙන වාරෙක
දන්නවා මම හිනැහෙන්න බැරි කාරණ
කොයි තරම් දැඩි කළත් හිත - හිත
බර වැඩි නේද තවමත් කදුලු කැට

දිලිසෙන කොට අහසෙ තරු කැට
හද ළගින් මැවෙන ඔය නෙත
හිනාවක් නැතුව හිර වෙන කොට
කැතයි මට ජීවිතේ ඒ තරමට

ගොතන කොට හිත කයි කතන්දර
නුඹ ගැනත් අහනවා හරියට
කියන්නට දෙයක් නැති කොට
ඔහු තමයි ඉන්නේ සහයට
හැමදාම වගේ ලස්සනට
ගොතනවා හේතු හරියට
සම සමයි ඒ හිතත් දැන් මට
ඒ නිසයි දැනෙන්නෙත් ආදරය...


Friday, October 18, 2013



  වන වැදුණු - සෙවන වුණු
නිසල බිම
මතක වෙඩි 
පුපුරන කොට - හදිසියෙම
බිම වැටුණු 
කොක් රෑන දැක දැක
අපරාදයක් නොකළ
අත් දෙක
හූල්ලන්නෙ
රතු ලේ සිතැතිව ම..

අහිංසක දෙනෙතක
රැදුණ ලේ පාට
මග තොටක දැක
සුදුපාට වෙන කොට
අහිංසක නැති හිත
නගයි දොස් - පරොස්
හරියට...!!

ළගකදි බැදුණ
අත්දෙක
අත හැරෙයි - විසි වෙයි
දුරටම...


Sunday, October 6, 2013














මහේෂ්,
මට සැකයි
උඹ ගැන
යශෝරාවය රස විදපු
උඹෙන් ඇයි
බලදේවගේ ලෝකයක්
ගෙත්තම් නොවුණෙ කියලා...

මහේෂ්,
මට සැකයි
ලෝකය
යශෝරාවය ඈත් කරලා
බලදේවගේ ලෝකය කුඩු කරලා
දැම්මෙ ඇයි කියලා...

මහේෂ්,
මට සැකයි
මම ගැන
යශෝරාවයවත්
බලදේවවත්
නොදැකම
“අමා“ ලව අප්පිරියා වුණ
ගන්ධබ්බයෙක් වුණේ
ඇයි කියලා...

Tuesday, August 20, 2013

කල්පනා..


කල්පනා කරන කොට
සියක් වර
විසික් වෙයි හැගුම් බර
සියොත් කැල
වසක් නම් නෑ තවත්
විසක් මිස
මසක් වුව ගෙවී යයි
නොදැනීම...

හදිසියෙන් පාර පනින කොට
යටවෙලා රෝදෙකට
චප්ප වුණා එළිවැට
ගැස්සුනා කවි හිත
ඇද වුණා අකුරු පේළි
මන්ද හාසයක් නම්
නෑ මෙතන
අනුප්‍රාසය විතරයි ඉතිරි
තැනින් තැන

දිග අරින්නවත් බැරි විදියට
දූලි වෙලා හැඩය
දෝෂ කියන්න වුණත්
තාලයක් එපැයි කවියට

මොන මගුලක්ද
විසික් කරලා දාපන්
ඔන්න ඕක...


Monday, August 12, 2013





















දෙවසරකට පෙරාතුව
නුඹට ලිවු වදන් පෙළ
ආයෙමත් ලියනවා
ඔහු නමට..

දැනෙන කොට හිරිකිතක්
ආදරේ ගැන
අතින්වත් අල්ලන්නෙ
කෝම මං
ජීවිතය..

සිල් ගත්ත මගේ හිත
තවම අනිමිසයක
ඒ ගැන...


Sunday, August 11, 2013



පහන් තිර දැල්වී
තව තවත්
අදුරෙහි ගනකම
සිහි කරවයි...


Tuesday, August 6, 2013

ජින්නා



ඡන්ද කාලෙට
පෝස්ටර් අලවන
ජින්නා,
හොද වෙලාවට
ලොකු මහත්තුරු
දැක්කෙ නැත්තෙ උඹව..

ඊයෙ දහයෙ කොළවලට
අලවපු පෝස්ටර්
උඩ
අලුත් පෝස්ටර්
ගැහුවෙත්
උඹමයි කියලා
දැන ගත්තා නම්
පාත තැනින් ගලං යනව වතුර
ස්ථිරයි...

තියාපන් ඔය පාද
හීනියට - සීරුවට
අතුරෙ යනවා වගෙයි
ජීවිතය
පරෙස්සම් වෙයන්
උඹ
ලිස්සුවොත් එක වරක්වත්
වාරු නැති වෙයි හැමදාටමත්...



Friday, July 26, 2013

රාජෝ හරණං..!!













 

අනේ කුහුඹුවනේ
තොපට ඇති රජෙක් නැත්තේ
අපිට නම් ඉන්නේ
බොහෝ සතුටිනි කල් ගෙවන්නේ

අහස් පාලම් තියෙන්නේ
අධි වේගයෙනි යන්නේ
ගොඩනැගිලි ඉදි වෙන්නේ
ආශ්වර්යට ළගා වෙන්නේ

එළවළු වැවෙන්නේ
ගොවිතැන් සාර වෙන්නේ
වතුර නෑ හිග වෙන්නේ
බලා ඉද්දිම ගම නැගෙන්නේ

ප්‍රතිපල හොදට දෙන්නේ
හැම දෙන පාස් වෙන්නේ
කැම්පස් සැවොම ගන්නේ
විභාගෙට නෑ බයක් වෙන්නේ

මහ පොළ ලැබෙන්නේ
මාසෙටම සෑහෙන්නේ
තව ඉතුරු වෙන්නේ
ගෙදරටත් කොටහක් යවන්නේ

දවස් නෑ යන්නේ
උපාධිය ගන්නේ
ජොබ් එක අතට දෙන්නේ
වැටුප දින දින වැඩි කරන්නේ

කලාවට පෙම් බදින්නේ
හෝල් තව තව තනන්නේ
අඩුවට ටිකට් දෙන්නේ
නෙළුම් පොකුණෙනි අපි නාන්නේ

යහ ගුණ වැඩෙන්නේ
හිනාවෙන් කල් ගෙවන්නේ
පවු පල නෑ ඇහෙන්නේ
සතුටටයි මැරුණොත් මැරෙන්නේ...!!


Sunday, July 21, 2013












පෙරදා රැයේ
පය පැකිලිලා
සින්ඩරෙල්ලාට විතරක්
නෙවෙයි
කුමරුටත් අමතක වුණා
පය රැදුණ සපත්තුව...!!



Saturday, July 20, 2013

යාළුයි අපි යාළුයි...














හිනා මූණෙන්
කතා කරන ඇස්වලින්
නලියන දෙතොලින්
මිනිහෙක්ව 

හම්බ කළා මං...


Monday, July 15, 2013







කොළඹ වැස්සත්
නුඹ වගේම යි
හිතන්නවත් බැරි මොහොතට
ඇද හැළෙනවා එක පාරට
හැමදාම පාර පනින
කහ ඉරත්
අඩිය තියන්න බැරි තරමටම
යට කර ගෙන
කොච්චර ඉක්මනට
පෑවුවත්
ගන්න දෙයක් නෑ
මහ පාර...
.


Thursday, July 11, 2013

තාමත් තනිකඩයි ??







 





 නුඹ මට දුන්නු
ආදරය
මගෙන් මිලට ගන්න
තාම
බැරි වුණා
කාටවත්....!



Friday, July 5, 2013

සදාදර නුඹ නමින්...


පිපී නොපිපී දිලුනු
සුවද කුසුමක පතක
රැදී නොරැදී හෙමින්
පිනි බිදුව පැන ගිහින්

          හඩන නොහඩන සිතින්
          සුහද හැගුමින් සැනින්
          හුග දුරක් මම ගිහින්
          බෝ කලක් දැන් ඉතින්

හිත මිතුරු හිත අරන්
නැති වුණත් මම ළගින්
නුඹ නුඹෙම සිහිනයට
ගිහින් වග හෙමි හෙමින්
ඇසූ දුටු තත්පරෙන්
දැනුන හිත කවියකින්
ලියනු නොහැකිව - ළතවෙම්

       "කෙටියෙන් කරම් සදහන
        මල් සියක් සිත් අරණ
        ගොඩ වැදුණි එක් සැනින"

බලා ඉමි දුර ඉදන්
හිනා වෙමි නෙතු පියන්

යන අතර ඉදිරියෙන්
හදිසියෙන්වත් ඉතින්
වැටෙන්නට ගියෝතින්
පියාගන් ඔය දෙනෙත
හෙමි හෙමින්...
         සුහද ඒ මොහොතේම
         දෑත අල්ලා ගෙනම
         මම නුඹේ ළගින් වග
         දැනෙයි පෙම්බර නුඹට
         හදවතින්...












ප.ලි :
කොතෙක් ලිවුවත් මෙ කව්
දැනෙයි හිස් බව හිතට
ලියා ගත නොහැකිව තවම -
සිතුම් ඔබ ගැන ඇදෙන

විදින්නෙම් වේදනා තනිවම...



Friday, June 28, 2013

මගේ හිතට නුඹ වඩින්න..


සිනා දෙතොල පියවී යන
නිම් සලයෙක සිතිවිල්ලක -                   
සිහින් සරින් පියවර මැන
හද කුටියට නුඹ වඩින්න
මගෙ හිත සුවපත් කරන්න

දහසක් දන යන එන තැන
සහසක් සිතුවිලි මුමුණන
නෙත් හී සර මිහිර රැගෙන
හීන් සැරේ මට විදින්න
හිතට හොරා නුඹ වඩින්න

දෑත දෑත පටලා ගෙන
දෑස දෑස මග නොම හැර
කිසිම දිනෙක මිදෙනු නොහෙන
බැදීමකින් මා වෙලන්න
මගේ හිතට නුඹ වඩින්න

කුණාටුවක සර පහරින්
කැඩී බිදෙන තත්පරයක
මා සොයලා පියඹා'විත්
මගෙ සිහිනේ ගිනි නිවන්න
අළු මත පිපි කුසුම වෙන්න

එක් වන පැතුමන් බිද හැර
අහස පොළව වැළපෙන සද
මට නුඹ එතරම් දුර බව
නොදැනෙන ලෙස සිනහ වෙන්න
මගේ හිතට නුඹ වඩින්න

යොදුන් ගණන් පියවර මැන
ගවුවක ඈතින් නැවතුන
ප්‍රාර්ථනා කදු මුදුනට
අත වනලා සුබ පතන්න
මගේ හිතට දිරිය වෙන්න

කදුළු බිදක පහස සොයන
අහිමි හැගුම වසා අතින
සිනහ බිදක් මට වෙන් කර
මගෙ හිත ළග නුඹ නිදන්න
මගේ ලොවට නුඹ වඩින්න...!!















Sunday, June 23, 2013

උඹ දන්නෙ නැහැ තාරුකා..





අන්ත පිරිසිදු වතුර බිදුවක
පැහැය ගැන මං හොයනවා
ඒත් වැහි බිදු බිමට වැටුණ ම
බොර වතුර සිප ගන්නවා

        උඹ දන්නෙ නැහැ තාරුකා
        බහ දෙන්න බැරි කාරණා
        සිප ගන්න හරි චේතනා
        මට දෙන්න බැහැ මාලිමා

ඇත්ත උඹ මට කියන කාරණ ;
තිත්ත දිවියකි - මටම පෑහෙන

       දුන්නකින් මග ඇරුණු
       ඊ හිසකි මට දුන්නු
       ජීවිතේ මට කුමට -
       නවතින්න දැන් කරුණු

      ඇස් දන්නෙ නැහැ වේදනා
      හංගන්නෙ නැහැ චේතනා
      මට දෙන්න බැහැ තාරුකා 
      උඹෙ ලොවට ඒ මේඝනා..


Saturday, June 22, 2013

අපේ ආදරේ





තාලයක් දමන්නට ලත වෙච්චි
පද පේළි වැරදියට ඇහිරිච්චි
තෙලි තුඩග බැතින් ගෙන ලියවිච්චි
සුන්දරම කවි අහුර නුඹ වෙච්චි

ජීවිතේ දෙතැන හිද තනි වෙච්චි
අපි හෙව්ව මග අපිට පැටලිච්චි
බිදුණ මල් තුහින ළග ගොළු වෙච්චි
තවත් එක කතාවක් ලියවිච්චි...


දේශනේ අවසන යි.....


මොනවදෝ මන්දා කියෙවුවා
බලාගෙන මහ ලොකු පොතක්
කිවුව හන්ද ම ලියා ගත්තා
ඇහිද ගත් පොඩි කොළයක ත්
ඒත් අම්මේ හිතට දැණුනා 
දරන්නට බැරි හිස් කමක්
ජීවිතේ මග ඇරුණු මාවත
මුණ ගැහුණෙ නෑ එතනවත්...






Sunday, June 16, 2013




ඔය තරමට එරෙවුවාට මට නැහැ නුඹ එපා            වෙලා
නපුරු වචන කියෙවුවාට මගෙ නම් නැහැ හිත        රිදිලා
අහක බලන් ඉගිලුනාට මගෙ ඇස් නුඹ ළගට          වෙලා
සිනා සලයි ඔය හිත ළග පිපෙන සොදුරු මල්       ගැනලා

නුඹ කිවුවට නවතින් නෑ මගෙ හිත් මල හිර          කරලා
පන්හිද ගොළු කරවන් නෑ ඔය හිත් මල මග          ඇරලා
දකින්නවත් බැරි තරමට දුර ඈතින් නුඹ                රැදිලා
හිටියා වුණත් මැලවෙන් නෑ මගෙ ආදර හිත          පිරිලා

නොපෙන්නුවට මම දන්නවා ඔය හිත ලස්සනයි  කියලා
හැමදාමත් කවි ලියනවා නුඹ රවනවා බලන්         ඉදලා
මම ආදරෙ තමයි නුඹට මොටද ඒක වහන්            ඉදලා
ඉතින් කවුද කිවුවෙ නුඹට මට ආදරෙ කරන්        කියලා...

                                                 - හිතුවක්කාර හිත -


නුඹේ විප්ලවවාදි හිතට...


රතුම රතු කමිසයට යට වුණ
හැගුම්බර ඔය සොදුරු හදවත
නපුරු ඇස් දෙක පෙරටු කර ගෙන
වහන් ඉදලා මොටද ඔහොමට...

*   *   *

කවිය අවියක් නෙවෙයි මට නම්
නුඹේ හිතුවක්කාර හදවත
සිදුරු කරලා විදින තරමට

යකඩ බරුවක් නෙවෙයි මම නම්
කිදා බහිනට නුඹේ හිත යට
මතක සටහන් ඉතිරි කරනට

දෑත බදලා ඇරන් පන්හිද
ලියන්නට බැහැ මගේ හිත් මල
මෙතැන මේ දැන් කවියකින් වුව..

*   *   *

රතුම රතු ඔය නුඹේ ලෝකෙට 
ඇරයුමක් ලැබුණත් නෙතින්
සුදුම සුදු මගෙ නිසසංසල හිත
අහිංසක හින්දා ඉතින්
රතුම රතු පෑ රෝස මලකින් 
ගලප ගන්නේ කෝම මං..

ඈත ඉද ගෙන බැලුවමත් මට 
නුඹේ හිත මහ කවි පොතක්
මෑත ඉදගෙන දෑත වනලා 
හිනා වෙන්නෙමි මම තවත්...



මළුව ඇමද
එකින් එක
එකතු කළ

          ක
     ළ        න්
 කො             ද

ගිනි තබන්නටත්
පෙරාතුව

සු   ළං     ප   හ   ර   ක්
අවුත්
සියවන වතාවටත්

අ           වු
      ල්            
               ක        ර
 ද       මා

යන අන්දම...


Saturday, June 15, 2013



කොළපාට ගෑවුණ
දුඹුරු පාට අතු අතර
වසන්තය කියා දෙන
එකම
එම
රතු මලක්...






ලැගුම් ගන්නට 
බෝ පතක්
සොයා ඇවිදින 
තනි හිතක්
කොහේදෝ සිට 
ආ දුකක්
වෙලා ගෙන හිත 
පාලුවක්...

පුරන්නට සිත
ආලයක්
ගෙනත් නුඹ ගැන
හීනයක්
මුතු වගේ ගෙන 
හිනාවක්
ඉතින් දෙන් මට
ඉනාවක්...


Sunday, June 9, 2013

මතකයි ද නුඹට තව..














මතකයිද නුඹට තව

කොයි තරම් අපූරුද
ඒ පුංචි කතා පොත

නමක් නැති නිසාවෙන්
මුල පිටුව හිස් තියපු -
හිස් කමට අකමැතිව
අපි අපේ නම් ලියපු

පෙරවදන පිරෙන්නට
නෙතු කොනේ 
බැලුම් ලූ
වචන ගණනක් ලියපු

පිදුම ගැන සටහනක්
අවසනට ලියන්නට
ඉඩ තියපු
එහෙයින්ම කෙදිනවත් 
නොලියවුණු

ඒ පුංචි කතා පොත

පාසලේ - පන්තියේ
බස් රියේ - මග තොටේ
කතා නොකරම අපි
කතා බහ කරපු හැටි
පළමු දෙවන පිටුවල
හැඩ දමා ලියවුණු

පරිච්ඡේද ගණනක
දෙබස් ගණනක් ලියපු
වචන ගණනක විවරණ -
පාද සටහන් තියපු

පටන් ගැන්මම වැරදුණු
එනයින් අවුල් ජාලයක්ව
එක ඉරෙන් කපා හැර
අවසනක් නොදැකම
අවසන් කරපු
ඒ පුංචි කතා පොත

කතෘ හිමිකම් සුරකින්න
අපි අපිට සපථ වුණු
එහෙයින්ම රහසක්ව
පෙර දිනෙක වළ දැමුණු
කොයි තරම් අපූරු ද
ඒ පුංචි කතා පොත

මතකයි ද නුඹට තව..



Thursday, June 6, 2013

මට ළං වෙන නුඹට...



සද එළිය හෙමි හෙමින් ගලන හැටි අපූරුයි
මා ළගට නුඹ එදා ආවෙ ඒ වගේමයි
හොර හොරෙන් මගෙ හිතට ආවැඩුවෙ නුඹ තමයි
ලෝබ නැති හිතෙන් මම විද ගත්තෙ ඒ නිසයි

කාරි නෑ මා එක්ක 
තරහ ගන්නට ඔන්න
කියලා හිටියොත් හොදයි
කියලා හිතුනා මෙහෙම

ජීවිතේ ගමන් මග මට තවත් බෝ දුරයි
දහස් මල් පිපෙනවා මගේ ළග හරි හැඩයි
නුඹ වගෙම උන් ළගත් සුවද හරි අපූරුයි
හිත ගියොත් ඒ හැඩත් මගේ කවියක එතෙයි

මල් සුවද අරන් මම
අතාරිනවා නෙවෙයි
කිසිදාක අහිතකින්
සැලකුවා හෙම නෙවෙයි

ඉන්න ඔය වාගේම හිනාවෙන් පැත්තකින්
ගන්න හිත ගිය දිනෙක වෙනකෙකුගෙ අත හෙමින්
සින්න කර ගන්න මට හිතක් නම් නෑ ඉතින්
ඔන්න නුඹ දුකක් නම් ගන්නෙපා කදුලකින්...



Monday, June 3, 2013

සාමලා අමරලා
වරෙල්ලා මෙහෙට
සල් මල් කැඩුවා ඇති ඔතන
ගනිල්ලා මේ තුවක්කුව අතට
බැද ගනිල්ලා පිටට - දේශ මාමකත්වය
පපුවට - ජාති ආලය

"වර්ජිතයි හලාල්
කුජීතයි ටැමිල්
පණ කෙන්ද තියෙනකල්
හම්බයින්ට දෙන් නෑ මොරාල්"

දුන්නෙ මං උණ්ඩ පුරවලා අතට
උඹලට තියෙන්නෙ කොකා ගස්සන්න විතරයි

වෙඩි තියමු වැටෙනකල්
එකා පිට එකා
පාගලා දාමු 
පස්වෙලා යනකල් ම

දැණුනොතින් හදිසියේවත්
ලේ රහ කටට
සූප්පු කරපියවු ජාති ආලය
දිව යටින් තියා ගෙන
හිරිකිතක් නැතිව

පඩුවස්ලා - පරාක්‍රමලා 
මේක හැදුවෙ බෙදා ගන්න නෙවෙයි
මේ තියෙන්නෙ යස අගේට
බදා ගෙන ඉඹිමු අපි - 
"ලක් මාතාව" උජාරුවට

අපේ කම සමරමු අපි
කකියන ලේවලින්
වැරදුණා බං
අපිට කොහෙද ලේ :-
ඇටවලින්..

ඉන් පස්සෙ පේ වෙලා
සුදු ඇදන්
පන්සල් ගිහින්
අත් දෙකම නළලට තියන්
ගාථා කියමු එක හඩින්
"මම බුදුන් සරණ යමි
  දහම් සරණ යමි"

ආ ඒ විතරක් ද
 "සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා
     නීරෝගි වෙත්වා
     සුවපත් වෙත්වා
          සාදු
          සාදු..!!"


Friday, May 31, 2013

















ඔරව ගත් නෙතු බිමට රවනා සන්දියේ
දෙපා කඩිසර ගමන් දුවනා මාවතේ
හිනා කදුලක් දකින්නට නැති පුරවරේ
සත්තකයි මට වෙහෙස දැනුනා ජීවිතේ...

ගමට වඩිනා ඉර නොවේ මේ පුරවරට වඩනා
කිසිම ලෙංගතුකමක් නැති සද කවුළුවෙන් රවනා
හීන පොදි බැද ගෙනා කවරය ලිහී බිම වැටුනා
සිහිල ඇති යයි සිතූ තැනකත් දාහයෙන් දැවුණා....


Friday, May 24, 2013

මට උඹව ඕනි නැහැ...


මට උඹව ඕනි නැහැ...
ඔන්න කිවුවා මුලින්ම,

දගලන්න එපා ඔය තරම් 
මං ඉස්සරහා
අල්ල ගත්තොත්
මං - උඹව
අතාරින්නෙ නෑ මයි...

තුවාල වෙයි උඹට
සෑහෙන්න
මගේ කවිවලින්

හිතන තරම් 
අහිංසක නෑ මං

වෙඩි තියන්නෙ
මූණිස්සම් වචනවලින්..

උඹේ ආත්මය 
අඩියෙන් අඩිය හූරලා
කවිවලට ගොනු කරලා
රහ බලනවා මං
හප හපා..

හදවතින් ගලන
ලේ බිංදු එකක්වත්
අතාරින්නෙ නම් නෑ
මගේ කවිවල
එළිවැටට ගන්නවා..

උඹටමයි කියලා
ඉතුරු වෙන එකක් නෑ
කිසි දෙයක්

ඉතිං පලයං
ජීවිතේ බේර ගෙන
මගේ ඇස් මානෙන්
ඈතකට....

















Wednesday, May 22, 2013



පුරා හද ලස්සනයි තමයි,
අටවක ඊටත් වඩා හැඩයි..
ඒත් සොදුර, 
අපි ඉඩ දෙමු
මේ හදටත් 
බැ
   ස
       ය
            න්
                න
ඊළග පෝය හද 
පායන්න කලියෙන්
මාස් පඩියෙන් ඉතුරු කර ගෙන
තරු රටා අලවමු - 
වෙනසක් නැතුව
අමාවක අහසටත්...!

Tuesday, May 21, 2013

ඉඩ දියන් මට ඉන්න

                                                                      lecture hall එකේ දී...

                                                                      'රෝම නීතිය' දේශනය
                                                                      කන් දෙකේ
                                                                      පුපුරු ගසන අතරතුර..,


ඉඩ දියන් මට ඉන්න

මුහුදු රැළි කෑ ගහන
වැල්ල උඩ ගල් බැම්මෙ
දෙපා නිදහස් කරන්...

ඉඩ දියන් මට ඉන්න

සෙනග ඇහිරුණ දිනෙක
දුම්රියේ අවසාන - පුවරුවේ වාඩි‍ ගෙන
කෙහෙරැල්ල අකීකරු
හුළගකට යා කරන්...

ඉඩ දියන් මට ඉන්න

මහා වැහි ඇද හැලෙන
තෙත බරිත දවාලක
හෙවනකට ගුලි නොවී
අයාලේ ඇවිදිමින්...

ඉඩ දියන් මට ඉන්න

ජීවිතේ සත් පැහැය
දේදුන්න විද ගන්න
නුඹේ ඇස් දෙක තුළට 
එබී ගෙන කිමිදෙමින්...


Saturday, May 11, 2013

සෝ සංකා බොහොම වැඩියි
නුඹ හන්දා ඔහුට ලැබෙන
හැමදාට ම බැරි වෙයි මට
ඒ කදුලැලි පිස දමන්න

නුඹ ගාවම රැදී ඉන්න
ඔහුට ඉතින් ඉඩක් දෙන්න
කුමර සිහින බිද දමන්න
එපා මලේ නපුරු වෙන්න

ඒ හිත ගැන නෙතින් වැටෙන 
කදුළු බිදුව හංගා ගෙන
හිනා වෙන්න බලා හිදින
පුංචිම පිනි බිදුව මම ය

ඔහුත් එක්ක අත් බැද යන 
නුඹෙ ලොව දැක සුබ පතන්න
මගෙ ආදර නගේ ඉතින්
තරහ නැතුව ඉඩ තියන්න...












Saturday, April 27, 2013

ගමන් මග අතරතුර.....



දුර මග ගෙවා යන'තර සන්සුන් ගමනින්
මට හමු වුණා හෙවණක් අහසට පහළින්
දැක ඒ සුවද පොඩි ගෙය සුවයක් සදමින්
හිත නැවතුනා ඇවිදින දෙපයටත් කලින්

සුදු වැලි අතුල මළුවේ පියවර මනිමින්
මං ගොඩ වුණා එළිපත්තට හුරු ගමනින්
වරුවක් බලා උන්නත් දොරකඩ ගාවින් 
නැහැ දොර ඇරෙන පාටක් නම් මා වෙනුවෙන්

මගෙ අත පිරුණ හසකැන් මල් මිට අතරින්
එක කුසුමක් අරන් පූජා කර බැතියෙන්
පැතුමක් තබා ඒ ගෙයි හිමි කරු වෙනුවෙන්
සමු ගමි ඉතින් මට හිමි නැති ඒ පියසින්.........


Thursday, April 25, 2013





පායා  __ හිරු සදු ලෙස හැමදාමත් ළගින් ඉන්න
තව නොලියූ පෙම් කවියට නුඹ මුලකුරු ගෙනත් දෙන්න
මාත් එක්ක එකතු වෙලා ජීවිතයේ රහ බලන්න
හෙට උදේම නුඹ එනතුරු මං ඉන්න __ මට කියන්න

පබැදූ හැම කවි වැලකම තිබුණ අඩුව මකා ගන්න
තව කවියක් ලිව්වා මම ජීවිතයම ස__ස ගන්න
ලිවු කවියේ තේමාවට ඉරක් නොදා නමක් දෙන්න
මේ කවි‍‍ෙ__ත් මට මිස් වුණු අකුරු හතර සොයා දෙන්න....



Thursday, April 18, 2013


මහ රෑක 
හැඩ බලමි ;
දවාලේ
ගහේ උන්
පරෙවි ජෝඩුවකගේ
මුණු මුණුවෙන්
ගිලිහිලා 
ඇද වැටුණු
අකුරු පේළියක..














අහංකාරම වදන් වැල් ගෙන
ලෙංගතුම අරුතක් කියා දෙන
අලුත් කවියක් හමු වුණා මට
තුඩ කැඩුණු පන්හිදක් සමගින.....




බියෙන් සැලෙමි 
ඉගිල යතැ යි
තැත් කළොත් නගන්නට
සේයා රුවට.. 

විදිමි තනිවම 
සුන්දරත්වය
ලොවට පෙන්විය 
නොහෙන්නේ වුව..


Thursday, April 11, 2013



සරා සද,
රෑ අහස එකලු කර
දෝතින්ම රැගෙන'විත්
හැගුම් මන්දාකිණිය

කුමුදු මල,
සිත් කොනක පිපී ගෙන
හීනියට දැල්වෙන
කණාමැදිරි එළියට
හෙමි හෙමින් කොදුරන
විදින්නට 
අසම්මතයේ මිහිරියාව....


(ඡායාරූ අන්තර්ජාලයෙන්)

Wednesday, April 10, 2013

සදාදර යෝධයෝ...,


                                                   එදා නුඹ, නුඹ වටා
                                                 තාප්පය ගොඩ නගා 
                                                 හුගක් කල් ගත වෙලා...
මල් උයනෙ අයිතිකරු
සදාදර යෝධයෝ,

දැන් ඉතින් කාලෙ හරි 
මේ කුළුණු පෙරලන්න
නිදහසේ ගහ වැලට
පිපෙන්නට ඉඩ දෙන්න
හැමදාම එක වගේ
වියලි හිම නොවැටෙන්න
හිනාවට දොර ඇරන්
වසන්තය ගෙට ගන්න
දැන් ඉතින් කාලෙ හරි
වට පවුරු බිදලන්න..!

අපි තාම තාප්පෙන්
මෙහා අයිනට වෙලා
ඇගිලි ගනිනවා - නුඹට
මල් කැකුළු පූදන්න,
වසන්තය ගෙන එන්න..

                                 

Tuesday, March 26, 2013

අභාග්‍යය නම් අහිමි වීමම නොව.. හිමිකම නොදැනීම යි..

පොළව තව නොදන්නී
මල් යායේ හිමිකාරි
ඇයම වග...

අහස තව නොදන්නේ
දේදුන්නේ අයිතිය
ඔහුට වග..

බලා හිදින්නෝ
දෙපස සිට,

රැගෙන යන තුරා
මල් යායත්..

මැකී යන තුරා
දේදුන්නත්...