ලිවුව වචනෙට හා වෙලා
වගෙයි දැන් නම් ඇති වෙලා
නුඹට මගෙ කවි රළු වෙලා
පෙරදි සිනහව රහටමයි
රැවීමත් හරි මිහිරටයි
මුවින් මුව දැන් මුකුත් නොකියත්
දැනෙන්නේ නපුරට වගෙයි
මුලදි දුන් දේ සිහි වෙලා
නුඹෙ නඩත්තුව ඉල්ලනා
මටත් බැරි කොට දෙන්න බුහුමන්
ඔන්න හොදටම තද වෙලා
.
.
.
.
කවිය ඔහොමමයි
කාටත් එක වගෙයි
විටෙක නළවයි
විටෙක නිය පිට පහර දෙයි
- වැදුනොතින් හරි විසකුරුයි
නුඹට ගහනවා වාගේ
මගෙත් ගෙල මිරිකයි
නුඹේ මිහිරිය වාගෙයි
හරිම හිතුවක්කාරයි
පස්සේ කියවනවා කවිය.. හිතන්න වෙලාව ඕන
ReplyDelete:)
Deleteවිවාහය ගැනවත්ද
ReplyDeleteවිවාහය විතරක් නෙමේ බං කොයිදේ වුණත් ඔහොම තමයි.මුලින් දැනෙන මිහිර පස්සට ටිකක් අඩු වෙනවා තමයි.
Deleteමනෝ කිවුවා වගේ හැමදේම තමයි...:)
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඕවා ඔහොම තමා පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා
ReplyDeleteඒකනෙ මොණරි...:)
Delete