විසල් අහස විසිරී හිද
රටා මවන තරු කැට මැද
දිලෙනා රන් තරුවක් වෙත
ඔබේ දෙ ඇස දිව යන සද -
සබද ඔබම ඔබ දැක ඇත
ගලා හැලෙන ඇල්ලක සිට
වැටෙනා එක දිය බිඳකට
කම්පා වන සඳ හද ස්වර
උතුරා යන සිතිවිලි මැද -
සබද ඔබට ඔබ හමු විය
තිමිර සිදින හිරු රැස් දැක
මල් පිබිදෙන වන මැද හිද
දස දහසක් සියොතුන් නැගි
ජීවනයේ ගී හඩ මැද -
ඔබේ ස්වරය සැගවී ඇත
ඉගැඹුරු මහ සයුර සමග
පවනැල්ලක් හාදව සිට
මවනා රැළි සරැළි අතර
මතුවන එක දිය රැල්ලක -
ඔබත් මමත් හමු වී ඇත..
සොබා දහමේ
ReplyDeleteසොඳුරු නිමේෂයන්හි
සැඟවී ඇති කල
අපේම සෙවනැලි..
දිය රැල්ලක වූ
අස්ථිර ඇසිල්ලක
ඔබත් මමත්
හමු වී සිටිනා වග..
ඉඟි කරනා වග
වැටහුනි "සබඳ"..
"ඉගැඹුරු මහ සයුර සමග
ReplyDeleteපවනැල්ලක් හාදව සිට
මවනා රැළි සරැළි අතර
මතුවන එක දිය රැල්ලක
ඔබත් මමත් හමු වී ඇත.." මරු,….