ඉවුරේ කොනක ඔරු කද මත වාඩි ගෙන
පින්සර මුවේ හසරැල්ලක් තබා ගෙන
නිශ්චල නෙතින් දුර ඈතක බලා ගෙන
හිමියනි කොහේ යන්නද මේ උදෑසන
වනේ ඉන්න රුදු සතුරන් දුරස් වන
මනෝ රම්‍ය ඔය හිතමය නවාතැන
පෙමක් තිබෙයි මේ භවයෙත් සනාතන
සිනාවෙන්න මා දෙස නෙත් විදා ගෙන
හිත යට පුංචි රිදුමක් වෙද කියාපන්
නළලත සියුම් රැළි මා ළග ලිහාපන්
මෙගොඩහ ඉමේ මා තනිවම නොලාපන්
එගොඩට නොයම් යයි දිවුරා කියාපන්....!
ලස්සන කවි පන්තිය.යසෝදරාවක් නොවුණත් පුංචි සැකයක් හිතේ ඇතිවෙලා තියෙන හැඩයි ආදරණිය බිරින්දෑගෙ හදවතට
ReplyDeleteබොහොම ස්තුතියි...! :) :)
Deletejealous!!
ReplyDelete:D :D තනි වචනෙට ඔක්කොම දැම්මා නෙහ්....!
Deleteතමන්ගෙ සැමියගෙ පුංචි වෙනසක් වුණත් තේරෙන එක්තරා ගැහැණියක්.....ලස්සන පැදි පෙළ
ReplyDeleteගොඩක් ස්තුතියි.... :) :)
Deleteහොද පැදිපෙලක්
ReplyDeleteමට පැටලෙනවනේ මේ බ්ලොග් එකයි අර පවුල් සංස්ථාවේ සුදු කලු එකයි
ගොඩක් ස්තුතියි අටම් අයියෙ...:) :)
Deleteහ්ම්ම්...නම දාන්න කලින් හොයලා බැලුවෙ නැති එකේ විපාක...:/ :/
This comment has been removed by the author.
ReplyDeleteපිස්සුවක් ඇතෑ එහෙම කරන්න..මේක කළු සුදු.. ඔහේගේ එක කලු සහ සුදු...
Deleteසජානි ඔයාට බොහොම කලින් මේක ලියන්න ගත්තේ වාසනා
DeleteThis comment has been removed by the author.
Deleteමම නම දාන්න කලින් හොයලා බැලුවෙ නෑ වාසනා... හොයලා බැලුවා නම් මේ නම නොදා ඉන්නවා..
Deleteඒත් දැන් මේකත් පටන් අරන් ගොඩක් කල් නේ..? මම නම වෙනස් කරන එක හරි නෑ නේද.. මගෙ යාලුවන්ට දුන්න අනන්‍යතාව නැති වෙනවනෙ එතකොට...
කොහොම වුණත් නම් දෙක සමානම නෑනෙ... :)
බ්ලොග් පැටලුනත් කවි පැටලෙන් නෑනෙ අපේ....
සිතුවත් ඔරුකද පැදයන්න ඒ මත නැගලා
ReplyDeleteනොහැකිව තවම ඉමි ඉවුරේ නැවතිලා
මඟ හැර යන්නේ කොහොමද ඔබ මඟ දාලා
යන මඟ එකට යමු අත්වැල් පටලලා
හැමදාම කවියෙන් උත්තර...!
Deleteස්තුතියි මනෝ අපූරු කවිකම් මා වෙනුවෙන් වැය කරනවට...:) :)
අපූරු බ්ලොග් අඩවියක්. ඔයාගෙ කවි හරි රහයි
ReplyDeleteබොහොම ස්තුතියි බස්සි...:) :)
Deleteහරිම සුන්දරයි සජානි. පොඩි පසුතැවිල්ලක් වෙලා වගේ රූපයටම ගැලපෙනවා.
ReplyDeleteබොහොම ස්තුතියි චන්දි...:) :)
Deleteරස කවියක්..
ReplyDeleteස්තුතියි දිලිනි....:)
Delete