බාල්දිය නැත්නම් පනිට්ටුව කියන්නෙ ගෙදර දොරේ වැඩවලට සෑහෙන ප්‍රයෝජනවත් දෙයක්නෙ. පනිට්ටු කිව්වමත් එක එක ජාතියෙ පනිට්ටු තියෙනවා. ලොකු පනිට්ටු, පොඩි පනිට්ටු, යකඩ පනිට්ටු, පාට පාට පනිට්ටු.... මේ වගේ විවිධාකාර පනිට්ටු තියෙනවා.
දැන් නම් කස්ටිය බලනවා ඇති සතියක් විතර හාවක් හූවක් නැතුව ඉදලා මොකෝ මේ එක පාරටම පනිට්ටු කතාවක් ඇදලා ගත්තෙ කියලා. මේක ටිකක් වෙනස් වෙනස් විදියෙ පෝස්ටුවක් තමයි. අවුලක් නෑ කියවන්නකෝ...
මෙහෙම උන්නාට මේ අවුරුදු 21ක ජීවිත පුරාණෙ ඇතුලෙ අපිටත් ඉතින් ඕනි තරම් බාල්දි සීන් හම්බ වෙලා තියෙනවානෙ. ජීවිතේ කියලා කියන්නෙ දෙයියො පෙරළපු පනිට්ටුවක්ද කියලා හිතෙන තරමටම බාල්දි පෙරලුන වෙලාවලුත් තියෙනවා. බාල්දි වැටෙනවා, බාල්දි අදිනවා, බාල්දි පෙරලෙනවා, බාල්දි පෙරලා ගන්නවා....(ඊ.ටී.සී). මේ ටිකේ ලබලා තියෙන්නෙත් යන යන තැන පිට පිට බාල්දි පෙරළෙන කල දවසක්. පහුගිය දවසකත් නිකම් ඉන්න බැරුවට බාල්දිය පුරවලා ඇදගෙන බාල්දිය පිටින්ම විහින් ඔලුවට හලා ගත්තා..
පහු ගිය ගුරු දවසක තමයි සිද්ධිය වුණේ. ආ...සිද්ධියට කලියෙන් පූර්ව විස්තර කථනයක් කරන්න වෙයි වගේ...
අපි ඉතින් ආණ්ඩුවේ Z මැල්ලුමට අහු වෙලා තෙම්පරාදු වෙලා තෙල් වෙලා ඉන්න කට්ටියක්නෙ. දැන් නම් "නෝ කැම්පස්" කියන තරමටම හිත ඇට්ටර වෙලා. ඒත් ඉතින් ඉගෙන ගන්න උණක් ඇග ඇතුලෙ තියා ගෙන ගෙදරට වෙලා කාලකන්නි වෙන එක තරම් දුකක් නම් තවත් නැතුව ඇති. (ගෑණු පරාණයක් වෙච්ච හන්දා හිතෙන හිතෙන විදියට එලියට බහින්නත් තහංචි නේ). වෙන රටවල නම් මේ වෙන කොට මේ වයාස අය රටේ ආර්ථිකයට සම්බන්ධ වෙනවා කියලා පොර ටෝක් එකක් දීලා ජාතික ආර්ථිකයට සම්බන්ධ වෙන්න (job එකකට සෙට් වෙන්න) ලෑස්ති වුණාට ඒකත් තහනම් වුණා නෙව. ඉතින් ගෙදර බිත්ති ටිකටයි හවසට ගාටන ඉංග්‍රීසි පන්තියටයි ( ඉංග්‍රීසි පන්තිය කිව්වට දැන් දැන් ඒකෙ ඉංග්‍රීසි වචනයක් ඇහෙන්නෙත් බොහොම කලාතුරකින්. පස්සෙ කියන්නම්කො ඒ ගැන විස්තර) ලෝකෙ සීමා කර ගෙන අත පය අකුලන් දෙන දෙයක් කාලා බීලා බලන් ඉන්නවා.
මං යුනිවර්සිටියෙ ගාටන්න ඉන්න පැත්තට සම්බන්ධ සර් කෙනෙක්ව හම්බු වෙලා පහුගිය දවසක කතා කර කර උන්නා. ක්ෂේත්‍රය ගැන විස්තර ටිකක් කියන අතරෙම සර් කිව්වා පොත් වගයක් ගැනත්. නිකම් ඉන්න ගමන් අරන් බැලුවට කමක් නැහැ කියලා තමයි සර් කිව්වෙ.
සර් එහෙම කිවුවට මට හැමෝම වගේ උපදෙස් දීලා තිබුණෙ යුනිවර්සිටි බඩගාන්න කලියෙන් විෂය ගැන හොයන්න කරන්න යන්න එපා කියලා. හිනා වෙවී උන්නාට මං කම්මැලි කමේ වේලෙන හැටි සර්ට පෙනුන හන්දායි එහෙම පොතක් බැලුවයි කියලා නරකක් වෙන්නෙ නැති හන්දයි වෙන්න ඕනි සර් එහෙම කිව්වෙ. මමත් ඉතින් ගෙදරට ඇවිත් කණු කුණු ගාන්න පටන් ගත්තා ඒකවත් අරන් දෙන්න කියලා. පොත ගන්න තිබුණෙ කොළඹ රටෙන් විතරයි. පහුගිය ගුරු දවසෙ නැන්දලාගෙ ගෙදර යන්න සූදානම් වෙන ගමන් එදාම මට පොත අරන් දෙනවා කියලා ගෙදරින්පොරොන්දු පත්‍රයක් නිකුත් කළේ මගෙ කරදරෙන් බේරෙන්න බැරිම තැන වෙන්න ඕනි.
ඔන්න ඉතින් ගමනත් ගියා කියමුකො. එදා දවාලෙ ටුක් ටුක් එකක් අරගෙන අදාළ පොත් සාප්පුවට ගොඩ වැදුණා. ඒත් පොත් සාප්පුවේ අධිපතිතුමා මීටිමකට බැහැර වෙලා හන්දා සාප්පුව වහලා දාලා. ආයෙම එන්න වුණා ඉතින්. ටුක් ටුක් අයිතිකාරතුමාත් රු.800කට විතර විද්දා.
හවස ගෙදර එන්න පිටත් වෙන්න කලියෙන් පොඩි පහේ සාකච්චාවක්. මගෙ පොත ගන්න බැරි වුණ එක ගැන.
"ඔයාට පොත ගන්න ඕනිම ද?"
"හ්ම්ම්..."
"පොත ගන්නම ඕනි නම් අපිට අද ඉදලා හෙට ඒක අරගෙනම යතහැකි"
වැඩිහිටි පාර්ශවයෙන් දැනුම් දුන්නා. තීරණය මගෙ අතේ. ගෙදර ඉන්නවාද? නවතිනවාද? ඒ වෙන කොටත් ෆිල්ම් කෑලි කීපයක් බලලා කාඩ් අතකටත් සෙට් වෙලා උන්නු හන්දා මටත් ආපහු යන්න උවමනාවක් දැනුනෙම නෑ. අදාළ පොත බලන්නත් පුංචි පහේ අවශ්‍යතාවක් මෝදු වෙලා තිබුණා.
"අද නැවතිලා හෙට පොත අරගෙනම යමු"
මං තීන්දුව දුන්නා. වැඩිහිටි පාර්ශවයෙ අනුමැතිය ලැබුණෙ ඒතරම් කැමැත්තකින් නෙවෙයි වගේ.
ඔන්න පහුවෙනිදා උදා වුණා. පොත ගන්න සාප්පුවට ගොඩ වුණා.
"මොකක්ද ඔයාට ඕනි පොත?" සාප්පුවෙ අධිපතිතුමා ඇහුවා.
"අහවල් ක්ෂේත්‍රය ගැන ඔයාලා ගහලා තියෙන පොත"
"එහෙම කිව්වට බෑ. ඒ ගැන පොත් කීපයක්ම ගහලා තියෙනවා. හරියටම නම කියන්න."
හුටප්පරයයි...මං සර්ගෙන් පොතේ නම හරියට අහ ගත්තෙ නෑනෙ. දැන් මොකෝ කරන්නෙ? මං තනියෙන් උන්නා නම් මොකක් හරි කර ගන්න තිබුණා.
"මට ඒ පොත් ටික පෙන්නුවොත් ඕනි පොත කිව්වහැකි"
"ඒ පොත් ටික අදින්න මට බෑ. ඔයාට ඕනි පොතේ නම කිවුවොත් ඒක දෙන්නම්" අධිපතිතුමා ගෝරනාඩු කරනවා.
පොත් ටික පෙරලලා බලලා ගැළපෙන පොත තෝරා ගන්න පුලුවන් කියන විශ්වාසෙ හිතේ තිබුණට මේ යකා මට පොත් ටික පෙන්නන්න බෑම කියනවා. මගෙත් කෝපාග්නිය ටිකෙන් ටික ඇවිලෙන්න පටන් අරන් වචනයක් දෙකක් කියවුනා.. ටික වෙලාවකින් අධිපතිතුමාගෙ කටින්ම පොත්වල නම් එළියට විසි වුණා. ඒ නම්වලින් මට කැපයි කියලා හිතුණ නම අහුලා ගෙන අන්න ඒ පොත දෙන්න කියලා මමත් කිව්වා. අන්තිමට රු.300ක පොත් දෙකක් අරගෙන සාප්පුවෙන් එළියට බහින්න සිද්ධ වුණා. අප්සෙට්ම වැඩේ කියන්නෙ එලියට බහින්න කලින් අධිපතිතුමාගෙ පොර ටෝක් එකකටයි උපදෙස් මාලාවකටයි සවන් දෙන්න සිද්ධ වුණ එක. ක්ෂේත්‍රයට ඇතුලු වෙන්න කලියෙන් ඒ ගැන හාර අවුස්සන්න යන්න එපා කියලායි තව මොනවදෝ ගැනයි දේශන මාලාවක්ම තිබ්බා. මං තාම පොඩි එකා හන්දා කට පියාගෙන අහන් උන්නා...
ආපහු ආවට පස්සෙ තමයි වැඩිහිටි අවවාද අනුශාසනා ආරම්භ වුණේ. මොකක් කරන්නද බිම බලාගෙන අහන් ඉන්නවා මිසක්. වැඩිහිටි කටවල් තුන හතරක් කතා කරන තැනක මගෙ හඩට ඉඩක් තියේවි යැ.
"හරි අමාරුයි මෙයාට ටික දවසක් ගෙදරට වෙලා ඉන්න. රටේ නැති ඒවා කරන්න හදනවා. යන්න ඉන්න ක්ෂේත්‍රයට කිසිම සම්බන්ධයක් නැති දේවල් ඔලුවෙ තියෙන්නෙත්....(ඊ.ටී.සී) "
ඒ පියාණන් වහන්සේ...
"තව ටික දවසනෙ පුතේ. ඉක්මනට යුනිවර්සිටි ගනීවි. මේ දවස් ටිකත් ඔහොමම ඉන්නකො"
නැන්දණියගෙ කට හඩත් අවදි වුණා...
"මෙයාගෙ තව නරක පුරුද්දක් තමයි හැම වැඩේම බාගෙට කරලා අතෑරලා දාන එක. කිසිම වැඩක් හරියට කරන් නෑනෙ"
මෑණියන් වහන්සෙ අදාලම නැති ප්‍රශ්නෙකුත් ඒ වෙලාවෙම සභාවට ඉදිරිපත් කළානෙ...
Usual බණ කැසට් එක වුණත් ඒ වෙලාවෙ නම් සැරටම වැදුනා..
"අද නම් මදි නොකියන්න අහ ගත්තා නේද?"
අයියාත් හීනියට නෝන්ඩියක් දැම්මා...
යන්න ඉන්න ක්ෂේත්‍රයට වඩා අහවල් අහවල් ක්ෂේත්‍රවලට මං උපන් දා ඉදලාම කැමති හන්දානෙ නිකම් ඉන්න කාලෙදිවත් ඒවා කරන්න හදන්නේ. යන්න ඉන්න ක්ෂේත්‍රයත් එක්ක අරවා ගලපන්න අමාරුයි තමයි. ඒත් මනුස්සයෙක් එක දෙයක් විතරක් ඉගෙන ගෙන බනානා ගෙඩියක් වගේ ඉන්න ඕනි කියලා කොයි පොතේද කියන්නකො තියෙන්නෙ. මට ඕනි හොද ජාතියෙ කොත්තුවක් වෙන්නනෙ අප්පච්චී...
ඔහොම හිතන් උන්නාට මං එච්චරටම නරක් නෑ අම්මේ. වැඩ අතර මග නතර කරන්නෙ හිතට ෆිට් වෙන්නෙ නැති වුණාමනෙ. ෆිට් වෙන තැනකින් වැඩේ සෙට් වුණොත් නවත්තපු වැඩක් උනත් මං පටන් ගන්නවානෙ. එතකොට මාව නවත්තන්න කාටවත් බැරි බව අම්මා හොදටම දන්නවානෙ...
කමක් නෑ ඉතින් දැන් සිද්ධිය අකුරු වුණාට පස්සෙ මොක නැතත් ඒකෙන් රහක්වත් ලැබෙයිනෙ.....
ඇත්තටම එහෙම කලින් හාර අවුස්සන්න එපාලුද ඔයා යන්න ඉන්න පැත්ත? අපිට නම් කිව්වෙ යන තැන දැනගෙන ගියේ නැත්තම් අපේ අරමුණට ඒකත් බාල්දියක් වෙයි කියල තමයි. අන්තිමට තිබුන අන්තර්ජාතික පොත් පොලෙන් "දාස්" ගාණක පොතකුත් කොන්ද කඩාගෙන උස්සන් එන්න උනා ඒ කතාව නිසා. :\
ReplyDeleteවිවෘත ආර්ථිකේ යටතෙ සාප්පු අධිපතිට බාල්දු උනු එක නම් අපරාදෙ. මම නම් ඔහොම කතාවක් කිව්වොත් එවෙලෙම ආපහු හැරිල එනව. පොඩ්ඩක් හොයල බලල වෙන කඩේකින් ගන්න බැරියැ. :)
ඒකනෙ ටිමල්..විෂය ගැන හාරා අවුස්සන්න එපා කියලා තමයි ගොඩ දෙනා කියන්නෙ ඉතින්..
Deleteමමත් තනියම හිටියා නම් ඒ වගේ දෙයක් කරන්න තිබුණා..වැඩිහිටි පාර්ශවෙත් උන්නා නෙ.ඒකයි ඔච්චර දේවල් අහ ගත්තෙ.හි හි..
ඒ පොත අර පොත් සාප්පුවෙන්ම මුද්‍රණය කරලා තනියම විකුණන හන්දා වෙන තැන්වල ගන්නත් නෑලු නෙ..
පොතක් ගන්න ගිහින් වෙච්චි දෙයක් ;)
ReplyDeleteඒකනේ..
Deleteසතුටුයි මේ පැත්තට ආව එක ගැන. ස්තූතියි කමෙන්ටුවට..
නියමයි අක්කියෝ...දිගටම කරගෙන යන්න...සුභ පතනවා
ReplyDeleteස්තූතියි මල්ලියෝ...
Deleteඔන්න අපිත් ආවා මොනවද තියෙන්නේ බලන්න
ReplyDeleteස්තූතියි ඔයාටත්.. සතුටුයි මේ පැත්තෙ ආව එකට.. ප්‍රීතී ප්‍රීතී..
Deleteඅටම් පහුරටත් ජයෙන් ජය.!!
මොකද අප්පා එහෙම කියන්නේ.. කලින්ම කියවල එපාවෙයි කියලද..
ReplyDeleteපොත් කියවන එක හොඳයි නේ..
මේ පහල පින්තුරේ ඉන්න ඔයාගේ නැන්දා ලස්සනයි.. :):)
ඒකනේ...
Deleteඅඩෙ අප්පා ඒ මගෙ නැන්දා නෙවෙයි නෙ..රූප දෙකේම ඉන්නෙ මං ළමයා නෙව. හි හි..!!
ස්තූතියි මේ පැත්තෙ ඇවිත් කමෙන්ටුවක් දැම්මාට..ප්‍රීතී ප්‍රීතී..
අයියෝ මට නම් හැමෝම කියන්නෙ පොත් ටික අරන් බලන් යන්න
ReplyDeleteනැත්නම් අනාතයි කියල තමා.
ඒත් ඉතින් ඒ තඩි පොත් පෙරලන්නත් කම්මැලි... :( :(
මටත් ඔය හැමදේම පටන් අරන් මගදි අත ඇරල දාන ලෙඩේ නම් තියේ තමා…
ගිටාර් එකක් අරන් ගිටාර් අහන්න ගියාට ඒකත් මගදි අත ඇරල දෙම්ම…
ඒකට නම් තාම ගෙදරින් බැනුම් අහනව.. :D :D
ම්..ඔයාලාට නම් ටිකක් ටිකක් බලලා යන එක ඇගට ගුණයි වගේ තමයි.
Deleteඅපි යන පැත්තට එහෙම ඕනි නැතුවත් ඇති ඇගේ අමාරුවට බලන්න ගියාට..හි හි..
ආ.. ගිටාර් ප්‍රශ්නෙ නම් මටත් තිබුණා..
මරු බාල්දිය ආ..ඊ ළඟ බාල්දිය පෙරල ගන්නා තුරු ආසාවෙන් බලා සිටිමු ;)
ReplyDeleteහෑ...බාල්දි පෙරලෙනකම්ද බලන් ඉන්නෙ..හි හි..
DeleteMechchara tap tiyeddith adagenamane nanne...... :P
ReplyDeleteඒකනෙ අෆ්‍ෆා... ආයෙ නම් ඇදගෙන නාන් නෑ ඔන්න. කෙලින්ම ටැප් එකට ඔලුව අල්ලනවා..
Deleteමේ කතාව දැක්කම ඔය ගැන විතරක් නෙවෙයි
ReplyDeleteඅපි හැමෝම ගැන දුක හිතෙනේව
Z මැල්ලුමට අහුවුණ ගොඩක් අය මෙහෙම නොන්ඩි කනවා ඇත්ද
මමනම් හොද හැටි නොන්ඩි කැවා මේ අවුරුදු දෙකට
අර ඔයාගේ ලෙඩේ මටත් තියනවා අපේ විභාෂ් කරපු වැඩේ මමත් කලා. හි හි
හැබෙයි ඉතින් අපේ පාළුවටත් එක්ක ඔය මෙහෙම දෙයක් පටන් ගත්තු එක ලොකු පිනක් :)
හි හි එුක ඇත්ත කසුන්...
Deleteස්තුතියි කමෙන්ටුවට..:)