සංසාරේ හැමදාමත්
ළගින් ඉදන් බලන් ඉන්න
ඇයත් එක්ක යන පාරෙම
මටත් ටිකක් ඉඩ තියන්න..
අවිහිංසක ඇගෙ දෝතට
ආදරයෙන් ගෙනැවිත් දෙන
මල් පොකුරෙන් එක පෙත්තක්
මා ළගටත් විසි කරන්න..
ආදරයෙන් දොඩමලු වෙන
නුඹෙත් ඇගෙත් ලෝකය වෙත
හිනා වෙලා පෙම් බදින්න
ගොළු හදකට ඉඩක් දෙන්න..
නුඹ නමටම ඉපදුන සිත
නුඹ නමටම මියැදෙන දින
මදකට නැවතී මා ළග
සංසාරේ ගිම් නිවන්න...
පික්සු හැදෙන තනි අන්ඩේ ලව්. ඒ උනත් ඒක හරිම අවිහිංසකයි..
ReplyDeleteමගෙත් හුගක් ලව් තනි අන්ඩේ ඒවා තමයි.
Deleteඅහෝ! අවිහිංසක තනි අන්ඩේ අපි :( :)
Deleteඅහෝ බොලවු
Deleteදෙයියො බලවු...:D
එක අතකින් බැරිය අනේ අත්පුඩියක් වත් ගහන්න
ReplyDeleteබලන් හිටියා හොඳටම ඇති නර කෙසකුත් ඇවිත් මෙන්න
ඉක්මනින්ම එකතු වෙලා දරැ පවුලක් හදා ගන්න
අහක බලන් ඉන්නේ නැතිව මගේ හද කුටියට වඩින්න
මල් පොකුරත් අතේ තියන්
Deleteහනිකට මං ආවා මෙන්න
හද කුටියට මට වඩින්න
ඉක්මනටම දොර අරින්න..:D
හිතක පිපෙන හිතුම්වලට
ReplyDeleteදිය දෝතක් ගෙන ඉහින්න
ඔය හිත වෙත වසත් සමය
ඉක්මණටම ළගා වෙන්න...!
ගොඩක් ස්තුතියි වර්ෂා...:) :)
Deleteඅපූරුයි නංගිගෙ පද වැල්...
.
ReplyDeleteවීදි පහන් යටින් ඉතිං
තව දවසක් එපා යන්න
හෙවනැල්ලක් වගේ ඉන්න
එන්නම් හැකි ඉක්මනින්ම
ස්තුතියි යසන්ත ඔබේ වචනවලට..:) :)
Deleteපහන් ටැඹක් වගේ වෙලා එළිය කලත් හතර වටම
ReplyDeleteඅමතක නොකරන්න සබඳ පහන් කණුව යට අඳුරැය...
සහෝදරිය, ලස්සනයි කව්ය....
ස්තුතියි සහස් වර්ෂා...:) :)
Deleteඔය හිත ගැනනම් ඉතින් මොන කතාද?අපිටත් තියෙන්නෙ ඕකම තමයි.
ReplyDelete:D :)
Deleteචූටි ඉඩක් අපි ඉල්ලුවට ඒ ඉඩ අපිට බැරිවෙලාවත් ලැබුනට පස්සෙ අපිට හිතෙන්න ගන්නවා මට ඉන්න දිල තියෙන්නෙ චූටි ඉඩක නේද කියලා.. චූටි ඉඩක ඉන්න අකමැති අපි එක්කො සින්නක්කර ලියාගන්නවා නැත්නම් හිතහදාගෙන ඒ ඉඩත් එපා කියලා යන්න යන්වා
ReplyDeleteමට අනුව නම් චූටි ඉඩක ජිවත්වෙනවට වඩා ඒ ඉඩත් නැතුවම යන එක සැපක්.. මට ඒ චූටි ඉඩ විදවීමක්
ඒකත් ඇත්ත සමී...:) :)
Deleteඅවිහිංසක ඇගෙ දෝතට
ReplyDeleteආදරයෙන් ගෙනැවිත් දෙන
මල් පොකුරෙන් එක පෙත්තක්
මා ළගටත් විසි කරන්න..... ලස්සනයි....
ගොඩක් ස්තුතියි පොඩ්ඩෝ...:) :)
Deleteලස්සනයි..සුනිල් එදිරිසිංහගෙ කුඩා ගමේ සින්දුව මතක් උනා,
ReplyDeleteආලවඩන අකුරු පහේ තේරවිල්ල සකී
රෑට නිදන තනි පැදුරෙත් නැති සිහිලෙකි සකී
ආලෙ බිඳුනු දා කුමකට කඳුලු හෙලනු සකී
ආලවඩන යන තේරුම බෝසත්කම සකී
ආල වඩන යන තේරුම බෝසත් කම සකී...මමත් ආසම ගීතයක් ඉසුරු...:) :)
Deleteස්තුතියි..
හරිම ලස්සන නිර්මාණයක්.......කිහිපසැරයක්ම කියවලා රස වින්දා
ReplyDeleteගොඩක් ස්තුතියි යාලු...:) :)
Delete