දැන් - දැන්
ද් ද - ප
රෙ ලා
ඩ ගෙ
කු හිස් ගෙඩි මතට න
වැටෙතැයි සිතෙන
මොර ගෙඩි
හදවතත් උ ගු ළු
වා
ග
න්
න
ත ත න න
මොර ගෙඩි
විසි කරන
හුළං පොදි
_____________________
අහසක් පැලුව වැහි යට
අතකින් ඔලුව වහ ගෙන
වහලක් හොයන් දිව යන
හිස් පෙගුණ දැඩි පිරිමි ය
ඇදි වත ඇරන් දුර යන
හීතල - ගැහෙන පිනි මැද
නැවෙන - තෙරපෙන කුඩ යට
තෙත බරිත වුණ ගැහැනු ය
දෙදණක් උසය වට දිය
කාණු ඉස'ගින් දිව යන
ගගක් නැතිවත් "ගං දිය"
ගලන හැටි මහ පුදුම ය
අක් වැහි - අසෙනි වැහි යට
දියබත් පොළව මතුපිට
දලුලා හෙමින් නැගැ එන
පීදෙන පුංචි මලෙකි ය
කාටත් පළමු - වහළෙක
තැනක් අල්ලන හිත මිස
පීදෙන පුංචි මල ළග
කිසි ඇසක් නැත දැවටෙන
අනාගත යම් දිනයෙක
ඒ පුංචි සරු දලුපත
මහ ගසක් වන තුරුවම
වැහැපන් දිමිටි වතුරම...!
පද වැල සුන්දරයි , රිද්මයත් වැස්ස වගේ කියල හිතෙනවා .
ReplyDeleteස්තුතියි :)
බොහොම ස්තූතියි මහේෂ්...
Deleteමට එකවරම මතක්වුණේ මහගම සේකරයන් විසින් 60 දශකයීදී හඳුන්වාදුන් නිසඳැස් ශෛලිය. ඔබ කියවා ඇති ඔහුගේ නිර්මාණයක් වන 'කුසලානේ ලූ මිදියුෂ ඒ කුසලානේ හැඩය ගනී. කුසලානේ ලූ විෂ වුව ඒ කුසලානේ හැඩය ගනී' කියන නිසඳැස් කවිය.
ReplyDeleteඔබේ මේ නිර්මාණය බොහොම අගය කරනවා. දිගටම ලියන්න. විවිධ මාතෘකා වලට යන්න.
බොහොම ස්තුතියි යාලුවා...
Deleteඅක් වැහි - අසෙනි වැහි යට
ReplyDeleteහැම කටේ කුනු බැනුමය
එහෙව් වැස්සක අරුමය
කොහොම දෙනවද මෙවන් කවි සිත ....
:D ගොඩක් ස්තුතියි අයියා...
Deleteඇද වැටෙන වැහි දිය
ReplyDeleteගලන විට මාවතද යට කර
තෙමෙන විට මුළු ගතද
කොහොම උපදීද කවි
නොහැගේ මට කිසිම මොහොතක.
:) බොහොම ස්තුතියි මනෝජ්...
Deleteමේ කව කියවද්දී මට මතකෙට ආවේ කේ කේ සමන් කුමාර නොහොත් සර්පයාව. රටාව ඔහුගේ ම රටාවයි. හැබැට කොහොමද අර අකුරු ටික මේ විදියට ගත්තේ.
ReplyDelete:D :) ගොඩක් ස්තුතියි අදහස්වලට...
Deleteනව ආරක් දුටිමි.අගයමි.
ReplyDeleteහහා... ශෝයි කුඩේ සජානි. අකුරු වැස්සට තෙමි තෙමි, අකුරු කුඩේ යටින් ඇවිදගෙන ගියා.
ReplyDelete