සතියක් දෙකක් එක නගරෙක
දිවිය උකස් වන්නා
එතැනින් නික්ම හෙට වෙනතක
කූඩාරම් ගසනා
සංගිලි පාලමට වැඩියි
හදවත වෙවුලන්නා
මල්ලියෙ නුඹෙ මූණ මැවී
හිතට රිදුම් දෙන්නා
"ජීවිතෙත් කරණමකි - විසල් අහසට නැගෙන
උඩට යන විට මුවින් - විසිල් හඩ එක් කෙරෙන
ඉහළ නැංගා වගෙම - විසල් අහසින් බහින
පහළ එන ක්ෂණයකින් - විසිල් හඩ මැකී යන"
ඉහළින් ඉහළ නැග ඔල්වරසන් මැද්දේ
දෙපයින් සිරුර සමබර කර නුඹ පැද්දේ
අතකින් අතක කඹයක කෙළවර පැටලේ
බයකින් මගේ ළය ලිස්සා හිත ගැස්සේ
පෙරදින ඔතැන ගිලිහී ගිය සිරුර ඇගේ
යන්තම්වත් මතක් නොවුණිද හිතට නුඹේ
වෙහෙසට පෙගුණ නුඹෙ ඇස් දෙක දකින වෙලේ
කොහොමින් ගසන්න ද අත්පුඩි කියන් මලේ...
හරිම සංවේදීයි... සර්කස් ජීවිත... ඒ ජීවිතත් කරනම් වගේ ම අවධානම්...................
ReplyDeleteස්තූතියි කියන්න ඕනේ වෙනස් වූ දෙයක් ගැන, නොපෙනෙන මිනිසුන් ගැන නිර්මාණයක් කරාට............
ස්තූතියි යාලු...
Deleteසර්කස් එකක් බලපු කාලයක් මතක නෑ . ඒ නිසා මේක කියවන්න කලින් යන්තම් වීඩියෝ එකක් හොයාගෙන බැලුවා . සර්කස් බලලා අපි සතුටු උනාට අපිට නොපෙනෙන ලෝකය හරිම භයානකයි කයලා හිතට දැනුනා මේක කියවත්දී ...... :)
ReplyDelete( මේ අපිව මතකද දන්නේ නෑ ? )
එහෙම අමතක වෙනද වයලීනෝව...
Deleteස්තූතියි ඔයාට...
හරිම ලස්සනයි,අපුරුයි.
ReplyDeleteමට පුදුම මේ වගේ කවි සිතක් නිතිය වගේ කර්කශ පැත්තකට යොමු වුනේ කොහොමද කියලා.
ස්තූතියි මනෝ...
Delete:) :)