Monday, December 8, 2014

අට ලෝ දහම !


“රතු පාට”  “නිල් පාට”  “කහ පාට”
පෙති අතර
“කොළ පාට”
නැති වුණත්
දැකල තියෙනව නේද නුඹ
කොයි ගහෙත්
කොළපාට තියෙන වග ?

එතනිනුත් එහාට

කොයි කොළෙත්
ඉදෙන කොට
රතු පාටට හැරෙන බව ?
මැලවෙන්න ළං වෙලා
කහ පාට ගන්න බව ?

අහයි ඔබ
“කෝ ඉතින් නිල් පාට”
හහ් හා
ඔය තියෙන්නෙ
පාට බෙදන
උඩම තැන
නිල් පාට

අන්තිමට,
අහසත් හැරෙනවා
කොයි කොයි පාටටත්

සීරුවට - මාරුවට ! 










8 comments:

  1. තිබුනත් ලොවේ එක එක ලස්සන පාට
    මෙය මගේ කැමැත්තයි ලොව ලස්සන පාට
    මට ඇති වාසියට සහ ඇති ලාබයට
    අපුලක් දැනෙනවා තෝරන කොට පාට

    ReplyDelete
  2. පාට පිරුණු ලෝකයක්.. පාට පාට හීනයක්...

    ReplyDelete
  3. පාට පෙරළේ කොයි කාගේත්
    එන කොට හරි කාලේ

    ReplyDelete
  4. අැත්ත සාජානි.................. මේ හැම පාටක් ම නියෝජනය කරන්නේ මනුස්සයින්... ඔවුන්ට ඒක අමතක වෙලා තිබුණාට..............

    ReplyDelete