රතුම රතු කමිසයට යට වුණ
හැගුම්බර ඔය සොදුරු හදවත
නපුරු ඇස් දෙක පෙරටු කර ගෙන
වහන් ඉදලා මොටද ඔහොමට...
* * *
කවිය අවියක් නෙවෙයි මට නම්
නුඹේ හිතුවක්කාර හදවත
සිදුරු කරලා විදින තරමට
යකඩ බරුවක් නෙවෙයි මම නම්
කිදා බහිනට නුඹේ හිත යට
මතක සටහන් ඉතිරි කරනට
දෑත බදලා ඇරන් පන්හිද
ලියන්නට බැහැ මගේ හිත් මල
මෙතැන මේ දැන් කවියකින් වුව..
* * *
රතුම රතු ඔය නුඹේ ලෝකෙට
ඇරයුමක් ලැබුණත් නෙතින්
සුදුම සුදු මගෙ නිසසංසල හිත
අහිංසක හින්දා ඉතින්
රතුම රතු පෑ රෝස මලකින්
ගලප ගන්නේ කෝම මං..
ඈත ඉද ගෙන බැලුවමත් මට
නුඹේ හිත මහ කවි පොතක්
මෑත ඉදගෙන දෑත වනලා
හිනා වෙන්නෙමි මම තවත්...
රතුම රතු මල් සුවද කරවා
ReplyDeleteසුදු මලින් තුන් හිතම නහවා
එකට යා හැකි මාවතක්
කොයි තරම් සොදුරුද ඉතින්??
:) ලස්සනයි වර්ෂා...
Deleteරතු පැහැති ඒ හදවතේ
ReplyDeleteදිනෙක මතු වී පෙනේවී
සුදු පැහැති නුඹ සිත මතින්
කෙතරම්ම සෙනහස
පුද කලාවද යන වග
:) අපුරුයි පුමා...
Delete