Sunday, June 16, 2013
ඔය තරමට එරෙවුවාට මට නැහැ නුඹ එපා වෙලා
නපුරු වචන කියෙවුවාට මගෙ නම් නැහැ හිත රිදිලා
අහක බලන් ඉගිලුනාට මගෙ ඇස් නුඹ ළගට වෙලා
සිනා සලයි ඔය හිත ළග පිපෙන සොදුරු මල් ගැනලා
නුඹ කිවුවට නවතින් නෑ මගෙ හිත් මල හිර කරලා
පන්හිද ගොළු කරවන් නෑ ඔය හිත් මල මග ඇරලා
දකින්නවත් බැරි තරමට දුර ඈතින් නුඹ රැදිලා
හිටියා වුණත් මැලවෙන් නෑ මගෙ ආදර හිත පිරිලා
නොපෙන්නුවට මම දන්නවා ඔය හිත ලස්සනයි කියලා
හැමදාමත් කවි ලියනවා නුඹ රවනවා බලන් ඉදලා
මම ආදරෙ තමයි නුඹට මොටද ඒක වහන් ඉදලා
ඉතින් කවුද කිවුවෙ නුඹට මට ආදරෙ කරන් කියලා...
- හිතුවක්කාර හිත -
Subscribe to:
Post Comments (Atom)
"ඉතින් කවුද කිව්වෙ නුබට මට ආදරෙ කරන් කියල"
ReplyDeleteනියමයි :-)
ස්තුතියි සම්පත්...:)
Deleteසජානි මොකෝ තරගයකට යන්න වගේ එකදිගටම පොස්ට් දන්නේ...:P
ReplyDeleteඋල්පතකින් වතුර එනවා වගේ කොහොමැයි
මෙහෙම කවි සිතුවිලි පහල වෙන්නේ...:D
සති අගදි විතරයි මට මේ දවස්වල මෙහාට එන්න වෙන්නෙ මනෝජ්...ඒකයි සතියෙම එවා එකතු කරලා එකට දාන්න වෙන්නෙ...
Delete:D
ලස්සනයි අක්කී !
ReplyDeleteජය !!
ස්තුතියි මල්ලියා.... අද නේද මෙහාට ආවෙ? සාදරයෙන් පිළි ගන්නවා...
Deleteආදරේ හිතට එබිකම් කරනකොට කවිද ලියවෙන්නැත්තේ.. නේ සජා.. ;)
ReplyDeleteඒකනෙ ඒකනෙ රන්දු....:)
Deleteමෙන්න මෙන්න මෙයා!!!!
ReplyDelete+1 for this line //ඉතින් කවුද කිවුවෙ නුඹට මට ආදරෙ කරන් කියලා//
හෑ...හි හි ඒ කිවුවෙ... තේලුනේ නෑ මදු...
Delete