Thursday, April 18, 2013


මහ රෑක 
හැඩ බලමි ;
දවාලේ
ගහේ උන්
පරෙවි ජෝඩුවකගේ
මුණු මුණුවෙන්
ගිලිහිලා 
ඇද වැටුණු
අකුරු පේළියක..














අහංකාරම වදන් වැල් ගෙන
ලෙංගතුම අරුතක් කියා දෙන
අලුත් කවියක් හමු වුණා මට
තුඩ කැඩුණු පන්හිදක් සමගින.....




බියෙන් සැලෙමි 
ඉගිල යතැ යි
තැත් කළොත් නගන්නට
සේයා රුවට.. 

විදිමි තනිවම 
සුන්දරත්වය
ලොවට පෙන්විය 
නොහෙන්නේ වුව..


Thursday, April 11, 2013



සරා සද,
රෑ අහස එකලු කර
දෝතින්ම රැගෙන'විත්
හැගුම් මන්දාකිණිය

කුමුදු මල,
සිත් කොනක පිපී ගෙන
හීනියට දැල්වෙන
කණාමැදිරි එළියට
හෙමි හෙමින් කොදුරන
විදින්නට 
අසම්මතයේ මිහිරියාව....


(ඡායාරූ අන්තර්ජාලයෙන්)

Wednesday, April 10, 2013

සදාදර යෝධයෝ...,


                                                   එදා නුඹ, නුඹ වටා
                                                 තාප්පය ගොඩ නගා 
                                                 හුගක් කල් ගත වෙලා...
මල් උයනෙ අයිතිකරු
සදාදර යෝධයෝ,

දැන් ඉතින් කාලෙ හරි 
මේ කුළුණු පෙරලන්න
නිදහසේ ගහ වැලට
පිපෙන්නට ඉඩ දෙන්න
හැමදාම එක වගේ
වියලි හිම නොවැටෙන්න
හිනාවට දොර ඇරන්
වසන්තය ගෙට ගන්න
දැන් ඉතින් කාලෙ හරි
වට පවුරු බිදලන්න..!

අපි තාම තාප්පෙන්
මෙහා අයිනට වෙලා
ඇගිලි ගනිනවා - නුඹට
මල් කැකුළු පූදන්න,
වසන්තය ගෙන එන්න..