Wednesday, April 10, 2013
සදාදර යෝධයෝ...,
එදා නුඹ, නුඹ වටා
තාප්පය ගොඩ නගා
හුගක් කල් ගත වෙලා...
මල් උයනෙ අයිතිකරු
සදාදර යෝධයෝ,
දැන් ඉතින් කාලෙ හරි
මේ කුළුණු පෙරලන්න
නිදහසේ ගහ වැලට
පිපෙන්නට ඉඩ දෙන්න
හැමදාම එක වගේ
වියලි හිම නොවැටෙන්න
හිනාවට දොර ඇරන්
වසන්තය ගෙට ගන්න
දැන් ඉතින් කාලෙ හරි
වට පවුරු බිදලන්න..!
අපි තාම තාප්පෙන්
මෙහා අයිනට වෙලා
ඇගිලි ගනිනවා - නුඹට
මල් කැකුළු පූදන්න,
වසන්තය ගෙන එන්න..
Subscribe to:
Post Comments (Atom)
හ්ම්ම් ..
ReplyDelete:)
Deleteතාමත් තරහින්ද
ReplyDeleteනුඹ ඉන්නෙ අප එක්ක
එන්න දැං කාලෙ හරි
මිතුදමින් වෙළෙන්නට
මල් උයනෙ අයිතිකරු
සදාදර යෝධයෝ,
ම්....
Deleteකොතෙක් කීවත්
ඇසෙන පාටක් නෑ
තවම....
කවදාක ඔය තාප්පය කඩන්න හැකිවෙයිද?
ReplyDeleteහ්ම්ම්....
Deleteගනිමු පොඩි වෑයමක්
රැලේ පැටවුන් සමග....
එක රට දෙකට බෙදපු බාර්ලින් තප්පේ කැඩුවනම් යෝදයගේ තප්පේ මොකක්ද ?
ReplyDeleteඅනික මන් අහලා තියෙන්නේ ඔය කතවේ අන්තිමට යොදයම තාප්පේ කඩනවා කියලයි.
පතමු අපි ඒ වගේ
Deleteසොදුරු අවසානයක්.....
ඔව් නේද. අන්තිමට යෝධයම තාප්පේ කඩනවනේ
ReplyDeleteඑහෙමනම් ශෝක්..
Delete:)
Deleteසමහර දේවල් කොතරම් නොහිමි යයි දැනුනත් ඒ හැගීම් අපි ආයාසයෙන් යටපත් කරගන්නවා...
ReplyDeleteහ්ම්ම්.....
Deleteඑකින් එක ගලපමින්
ReplyDeleteබැරි බැරිව තටමමින්
කියවූ කල සොම්නසින්
යලි මැවුණි නෙත් අගින්
:) :)
Deleteමේ පැත්තට අලුතෙන් වගෙයි....සාදරයෙන් පිලිගන්නවා පුමාව....
සැබැයි මා තාප්පය,
ReplyDeleteගොඩ නගා කලක් බව,
ඉර එලිය නොපෙනෙන්න,
කුරුලු ගී නොඇසෙන්න,
හිම්හානෙ හැමදාම,
මගේ තනියට ඉන්න..
තාප්පය බිහි උනේ,
කඳුලෙනුයි මගෙ ඇහේ,
ලෝකය නිසා වැටුනු..
නැත්තෙ නෑ ආසාව,
වසන්තය විඳ ගන්න,
නැවුම් හුලඟට එන්න,
තාප්පය පෙරලන්න..
එහෙත් මා හිර කරපු,
කුරිරු ලෝකය එදා,
තවම ඇත එහෙම්මම,
බයයි එලියට එන්න.......................................
හුටා කෑල්ලක් මතක නැති උනා.. :P
Delete"මම නෙවෙයි යෝදයා ඈ"
අපූරුයි මදූශ...
Deleteහිතට වැදුණා......
සාධාරණ උත්තරයක්......:)
ඉතින් නුඹ එනු මැනව
අපි අපෙන් පටන් ගෙන
යළි තනමු
ලෝකයම....:)
(ආ නුඹ කිවුවාට නුඹම නෙවෙයි..යෝධයා ආ....හි හි...)
:D
ReplyDeleteමට ඉන්න ඉඩ දෙන්න
මගෙ ලෝකෙ තනිවෙන්න
මගේ හිත අවුලන්න
ඉඩ නොදෙමි ලං වෙන්න ;)
තනි වෙන්න ඉඩ නොදෙමි
Deleteහිම වැටෙන ගිම්හානෙ
වැළද ගන්නට එන්න
මල් පිපෙන වස්සානෙ....:)