සරා සද,
රෑ අහස එකලු කර
දෝතින්ම රැගෙන'විත්
හැගුම් මන්දාකිණිය
කුමුදු මල,
සිත් කොනක පිපී ගෙන
හීනියට දැල්වෙන
කණාමැදිරි එළියට
හෙමි හෙමින් කොදුරන
විදින්නට
අසම්මතයේ මිහිරියාව....
(ඡායාරූ අන්තර්ජාලයෙන්)
(ඡායාරූ අන්තර්ජාලයෙන්)
සම්මතයට පිටින්
ReplyDeleteඅසම්මත පෙමක
මිහිරියාව අත්විදීන්නෙමි
හුදකලවේ තනිවී....
අසම්මත පෙම ලොවට
Deleteසම්මත ය තනි හිතට....:)
විඳ ගන්න ඉඩ දෙයිද
ReplyDeleteඅසම්මතයේ මිහිර
කුරිරු මේ සමාජය
හුදෙකලා තනි ඔබට................
අසම්මතය නොසලකන
Deleteඅකීකරු සිතට
රහසක්ම වුණාවේ එය.....:)
කැකුළු මල් හිත් පොඩිය..,
ReplyDeleteවිඳිනු ඇත්ද පෙමක් 'අසම්මත' ?
බැන්දේ නමක් එවිලසට ,
නිසාවෙන් ; සිත් සහසක්.....
තේරුම් ගත්තා හරිද මන්දා සාජානි :D
කිසිවෙකුත් නොදක්නා
Deleteලෙංගතුම හැගුම් පොදි...... :)
ඔබටත් එසේම වේවා නලින් අයියෙ.......
ReplyDeleteසියලු යහපත් පැතුම් ඉටු වෙන නිදුක් නිරෝගී සුවපත් නව වසරකට සුබ පැතුම්!
ReplyDeleteඔයාටත් සුබම සුබ වාසනාවන්ත නව වසරක් වේවා වර්ෂා...!!!
Deleteලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබටත් පවුලේ සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!
ReplyDeleteසුබම සුබ වාසනාවන්ත නව වසරක් වේවා සුපුන්...!!!
Deleteසම්මතයට පටහැනි ව
ReplyDeleteඅසම්මතයේ මිහිරියාව
කරා නොඇදෙන්න සබඳ . . .
දුක් සුසුම් ඉතුරු කර
අසම්මතය හැර ගිය දා
හද දැවී අළු වේවී . . .
ලස්සණ කවියක්, සජානි :) ඔබටත් පවුලේ සැමටත් සියලු යහපත් පැතුම් ඉටු වන සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා!
හිතේ ඉපදෙන වදන් වැල්
Deleteජීවිතය හා මුසු නොවී
හිතේ මිය යන නිසාවෙන්
කවියකට පමණක් ම ගොනු කළෙම්....
ගොඩක් ස්තූතියි ධාරා....ඔයාටත් පවුලේ සැමටත් ලැබුවා වූ අලුත් අවුරුද්ද වාසනාවන්ත සුබ නව වසරක් වේවා...!!!
සඳුට සදහට සෙනෙහෙ පෑමුත් උදුල තරු කැටයම්
ReplyDeleteහිරුට පෙම් බැඳි එකදු තරුවක් සිටිය නොහැකිද යම්.......
සම්මතය අසම්මතය
ඉරකින් වෙන් කරල
සම්මතය තුල හිරබත් කන මිනිස්සු
නිදහසේ මේ ලොකෙට ඉපදුනු අපි
අනුන් හදපු සම්මතයක හිර වෙලා ජීවත් වෙනව...
සම්මතය තුලම මැරිල යනව..............
හ්ම්ම්....ඇත්ත විභෂ්....
Deleteගොඩ දෙනෙක් පිළිගන්න ගමන් හංගලා දාන ඇත්තක්...
සමාවෙන්න කවියකින් පිළිතුරු පඹදින්නට මසුරු උනාට...
ReplyDeleteමට මතක් වෙන්නේ ඒ කලෙත් හඳ එලියට අවදිවුනු කොඳ මල් ගැනයි...
මතකය මතකයක්ම වුණාවේ සුහද...
Deleteරසබර වේදනාත්මක අතීතය...අනාගතේට පාර කියාවි...!!
සාදරයෙන් පිළිගන්නවා ඔයාව මේ පැත්තට...
ඊළග වතාවෙ කවියකින්ම පිළිතුරු ඕනි...