ඔරව ගත් නෙතු බිමට රවනා සන්දියේ
දෙපා කඩිසර ගමන් දුවනා මාවතේ
හිනා කදුලක් දකින්නට නැති පුරවරේ
සත්තකයි මට වෙහෙස දැනුනා ජීවිතේ...
ගමට වඩිනා ඉර නොවේ මේ පුරවරට වඩනා
කිසිම ලෙංගතුකමක් නැති සද කවුළුවෙන් රවනා
හීන පොදි බැද ගෙනා කවරය ලිහී බිම වැටුනා
සිහිල ඇති යයි සිතූ තැනකත් දාහයෙන් දැවුණා....
වෙහෙස දැනෙනා ලෝකයේ
ReplyDeleteඑකම නිම්සල ආදරේ
ඒ සිහිලසත් දාහයක් වේ නම්
දුකක්මද මුලු ජීවිතේ???
:) ලස්සනයි වර්ෂා ඔයාගෙ වචන...
Deleteවෙහෙස දැනෙන එක නවත්තන්න බෑ. එකමයි මේ වගේ ලස්සන අදහස් තියන තැන්වලට ගොඩ වෙන්නේ
ReplyDelete:) ඒක ඇත්ත සහ ස්තුතියි පුමා...
Deleteවෙහෙස දැනෙන එක නවත්තන්න බෑ. එකමයි මේ වගේ ලස්සන අදහස් තියන තැන්වලට ගොඩ වෙන්නේ
ReplyDeleteලස්සනයි...
ReplyDeleteඅන්තිම පදය කියවනකොට මර්වින් පෙරේරා මහත්තයගේ සිංදුවක් මතක් උනා අප්පා....:)
ස්තුතියි මනෝජ්....
Deleteමොකක්ද අනේ ඒ සිංදුව...:)
කතරක තනිවි ඔබ යන අයුරු පෙනි,පෙනි.
Delete"හිම සීල මුදුනත සිටියත් මහද ගිනි ගනී"
ගිම්හානය පැමිණි එක් තැනම නොම රැදේ
පැමිණෙන දුක් පැණි රස බව නොසිතුවේද යලි...
හ්ම්ම්... ඒක තමයි ජීවිතේ කියන්නෙ..........
ReplyDelete:) ඔව් යසිත්...
DeleteI have to say,"I told you so!!"
ReplyDeleteහ්ම්ම්...:)
Delete