සෝ සංකා බොහොම වැඩියි
නුඹ හන්දා ඔහුට ලැබෙන
හැමදාට ම බැරි වෙයි මට
ඒ කදුලැලි පිස දමන්න
නුඹ ගාවම රැදී ඉන්න
ඔහුට ඉතින් ඉඩක් දෙන්න
කුමර සිහින බිද දමන්න
එපා මලේ නපුරු වෙන්න
ඒ හිත ගැන නෙතින් වැටෙන
කදුළු බිදුව හංගා ගෙන
හිනා වෙන්න බලා හිදින
පුංචිම පිනි බිදුව මම ය
ඔහුත් එක්ක අත් බැද යන
නුඹෙ ලොව දැක සුබ පතන්න
මගෙ ආදර නගේ ඉතින්
තරහ නැතුව ඉඩ තියන්න...
උපේක්ෂාවද? අපේක්ෂා භංගත්වයද?
ReplyDeleteඅපේක්ෂා භංගත්වය උපේක්ෂාවෙන් හංගන්න යනවද මන්ද...
Delete:-)
DeleteThis comment has been removed by the author.
ReplyDeleteකවි විතරමයි වාගේ ලියන්නේ
ReplyDeleteඅනික්වා ලියන්න වෙලාවක් නෑනෙ අටම් අයියෙ....
Deleteපුංචිම පිනි බිදුව නුඹය
ReplyDeleteඒත් ලොකුම හිත නුඹේය
නුඹෙ ඇස් පිය අතර පෙනෙන
කදුළු බිදක රුව අගේය
දුරක පියාඹා නොඑනට
යන්ට සිතන නුඹ අතහැර
විහගෙකු ගැන කුමක් කියමි?
අනුකම්පා කරනු මිසෙක!!
ස්තුතියි වර්ෂා...හරිම අපූරුයි...:)
Deleteවෙනසකටත් එක්ක කථාවකුත් ලියන්න...
ReplyDeleteලියන්න නම් හිතේ තියෙනවා සිරා...
Deleteඒත් වැඩ ගොන්නකට හිර වෙලා මාව..
උත්සාහ කරන්නම් ඉඩක් ලැබුණ ගමන් ලියන්න..
ගොඩක් ස්තුතියි..
හ්ම්ම්, අනේ මන්දා!
ReplyDeleteඒ මොකද ධාරා....:)
Deleteඅලේ මංද... සින්ඩිගෙ කතාව ඉවරද :-(
ReplyDelete:) නෑ ඒක ඉවර නෑ සම්පත්..
Deleteපුළුවන් වෙලාවක් ලැබුණ ගමන් ඒක දාන්නම්...
හිමි නැති පෙමකට ඉකිබිද
ReplyDeleteහැඩුමට සිත මගේ බොළද වෙලා...ද...??
හි හි අනේ නෑ මනෝජ්...
Deleteඔයාගේ කවිය හරිම ලස්සනයි අක්කි. මටත් කවි ලියන්න පුලුවන් හැබැයි ඔයාට වගේ ලස්සනට ලියන්න නම් බැහැ. අනේ පුලුවන් නම් මගේ බ්ලොග් එක පැත්තෙත් ඇවිල්ලා කමෙන්ට් එකක් දාලා මාව ධෛර්යමත් කරන්නකෝ. මම නම් තවම මේකට අලුත්. මට ඔයාලගේ අදහස් වටිනවා
ReplyDeleteමම එන්නම් නංගෝ... වෙලාව තියෙන හැටියට කමෙන්ට් කරන්නම්...දිගටම ලියන්න.. නුඹට ජය..!!!
Deleteස්තුතියි මේ පැත්තෙ ආවට...
ලැබුණ දේට වඩා,නොලැබුන දේ ආදරේ වෙන්න ඇති..........
ReplyDeleteඅහ්... ආදරේට සීමා නොවුණු ලෙංගතු කමක් වෙන්න ඇති...
Delete