Wednesday, May 22, 2013



පුරා හද ලස්සනයි තමයි,
අටවක ඊටත් වඩා හැඩයි..
ඒත් සොදුර, 
අපි ඉඩ දෙමු
මේ හදටත් 
බැ
   ස
       ය
            න්
                න
ඊළග පෝය හද 
පායන්න කලියෙන්
මාස් පඩියෙන් ඉතුරු කර ගෙන
තරු රටා අලවමු - 
වෙනසක් නැතුව
අමාවක අහසටත්...!

Tuesday, May 21, 2013

ඉඩ දියන් මට ඉන්න

                                                                      lecture hall එකේ දී...

                                                                      'රෝම නීතිය' දේශනය
                                                                      කන් දෙකේ
                                                                      පුපුරු ගසන අතරතුර..,


ඉඩ දියන් මට ඉන්න

මුහුදු රැළි කෑ ගහන
වැල්ල උඩ ගල් බැම්මෙ
දෙපා නිදහස් කරන්...

ඉඩ දියන් මට ඉන්න

සෙනග ඇහිරුණ දිනෙක
දුම්රියේ අවසාන - පුවරුවේ වාඩි‍ ගෙන
කෙහෙරැල්ල අකීකරු
හුළගකට යා කරන්...

ඉඩ දියන් මට ඉන්න

මහා වැහි ඇද හැලෙන
තෙත බරිත දවාලක
හෙවනකට ගුලි නොවී
අයාලේ ඇවිදිමින්...

ඉඩ දියන් මට ඉන්න

ජීවිතේ සත් පැහැය
දේදුන්න විද ගන්න
නුඹේ ඇස් දෙක තුළට 
එබී ගෙන කිමිදෙමින්...


Saturday, May 11, 2013

සෝ සංකා බොහොම වැඩියි
නුඹ හන්දා ඔහුට ලැබෙන
හැමදාට ම බැරි වෙයි මට
ඒ කදුලැලි පිස දමන්න

නුඹ ගාවම රැදී ඉන්න
ඔහුට ඉතින් ඉඩක් දෙන්න
කුමර සිහින බිද දමන්න
එපා මලේ නපුරු වෙන්න

ඒ හිත ගැන නෙතින් වැටෙන 
කදුළු බිදුව හංගා ගෙන
හිනා වෙන්න බලා හිදින
පුංචිම පිනි බිදුව මම ය

ඔහුත් එක්ක අත් බැද යන 
නුඹෙ ලොව දැක සුබ පතන්න
මගෙ ආදර නගේ ඉතින්
තරහ නැතුව ඉඩ තියන්න...












Saturday, April 27, 2013

ගමන් මග අතරතුර.....



දුර මග ගෙවා යන'තර සන්සුන් ගමනින්
මට හමු වුණා හෙවණක් අහසට පහළින්
දැක ඒ සුවද පොඩි ගෙය සුවයක් සදමින්
හිත නැවතුනා ඇවිදින දෙපයටත් කලින්

සුදු වැලි අතුල මළුවේ පියවර මනිමින්
මං ගොඩ වුණා එළිපත්තට හුරු ගමනින්
වරුවක් බලා උන්නත් දොරකඩ ගාවින් 
නැහැ දොර ඇරෙන පාටක් නම් මා වෙනුවෙන්

මගෙ අත පිරුණ හසකැන් මල් මිට අතරින්
එක කුසුමක් අරන් පූජා කර බැතියෙන්
පැතුමක් තබා ඒ ගෙයි හිමි කරු වෙනුවෙන්
සමු ගමි ඉතින් මට හිමි නැති ඒ පියසින්.........


Thursday, April 25, 2013





පායා  __ හිරු සදු ලෙස හැමදාමත් ළගින් ඉන්න
තව නොලියූ පෙම් කවියට නුඹ මුලකුරු ගෙනත් දෙන්න
මාත් එක්ක එකතු වෙලා ජීවිතයේ රහ බලන්න
හෙට උදේම නුඹ එනතුරු මං ඉන්න __ මට කියන්න

පබැදූ හැම කවි වැලකම තිබුණ අඩුව මකා ගන්න
තව කවියක් ලිව්වා මම ජීවිතයම ස__ස ගන්න
ලිවු කවියේ තේමාවට ඉරක් නොදා නමක් දෙන්න
මේ කවි‍‍ෙ__ත් මට මිස් වුණු අකුරු හතර සොයා දෙන්න....