මට හමු වුණා හෙවණක් අහසට පහළින්
දැක ඒ සුවද පොඩි ගෙය සුවයක් සදමින්
හිත නැවතුනා ඇවිදින දෙපයටත් කලින්
සුදු වැලි අතුල මළුවේ පියවර මනිමින්
මං ගොඩ වුණා එළිපත්තට හුරු ගමනින්
වරුවක් බලා උන්නත් දොරකඩ ගාවින්
නැහැ දොර ඇරෙන පාටක් නම් මා වෙනුවෙන්
මගෙ අත පිරුණ හසකැන් මල් මිට අතරින්
එක කුසුමක් අරන් පූජා කර බැතියෙන්
පැතුමක් තබා ඒ ගෙයි හිමි කරු වෙනුවෙන්
සමු ගමි ඉතින් මට හිමි නැති ඒ පියසින්.........
පියවර නගන විට පැවසුව ගේ අසලින්
ReplyDeleteඑක් පොඩි දෙයක් ඇත ඇසුමට පිරි කුහුලින්
සෙවනට පැමිණි ඉටු දෙව් කුල ලිය කමලින්
ඇති පල කිමද නුඹ නොදුටුව නෙත් යුගලින්
වෙන්වීම තමයි උරුම හමුවීමට වඩා...
ReplyDelete\\පැතුමක් තබා ඒ ගෙයි හිමිකරු වෙනුවෙන්//
ReplyDeleteවරුවක් නෙමෙයි සසරක් බලා ඉදලද කොහෙද.
:'(
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
ReplyDeleteහිමි වෙයි කියලා අපි හිතන ගොඩක් දේවල් අපිට අහිමි වෙන්නේ අපි නොදැනීම යි. ලස්සණ කවියක්, සාජානි.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඔබ වැනි කවිකාරියකගේ
ReplyDeleteසිත නැවතුන ඒ මාළිගයේ
දොර මන්ද නොම හැරුනේ
අවාසනාව නොවේද ඔහුගේ.....???
සන්සුන් සෙනෙහසක හිමිකරු ළග සෙනෙහෙන්
ReplyDeleteතිබු මල්මිටට නෙත් නොහැරුණිදෝ කෙලෙසින්
කිවිදියෙ තනිව වැළපෙන හිමිකම් වෙනුවෙන්
කිව මැන කෙලෙස උපනිද මේ මුදු කවිකම්?
අගෙයි කවිකාරියේ
ReplyDeleteගිනියම් වැලි කතර සරමින් මඟ නොදැන
ReplyDeleteදුටුවෙමි මමත් රුක් ගොමුවක් සොඳ සෙවන
නැවතී මමත් හිඳ මොහොතක් ලදිමි සුව
ඔච්චම් කරන දහසක් වැලි කැට අතර
මට සෙවනක්ව සිටි සකි සඳ නුඹ බැවින
හිතටත් හොරා පෙම් බැඳ හද නුඹ වෙතට
එහෙත්,
මග වැරදුනු තවත් සහසක් වු මඟියන්ට
පිදුහැකි බැවින් නුඹෙ සිහිලැති සොඳ සෙවන
හැර යමි නුඹ නැවත මම වැලි කතර වෙත
අවසර මෙමල පුදනට අවසන් ලෙසට.....................
සොදුරුතම මිනිස් සිතිචිලි....පන්හිදට ගෙන චියා....අහිංසක සිත් පොලොච ..ස්නෙහයෙන් තෙමාලන ..ඔබ...නම්..අසමසම කිචිදියක්....
ReplyDelete