සිනා දෙතොල පියවී යන
නිම් සලයෙක සිතිවිල්ලක -
හද කුටියට නුඹ වඩින්න
මගෙ හිත සුවපත් කරන්න
දහසක් දන යන එන තැන
සහසක් සිතුවිලි මුමුණන
නෙත් හී සර මිහිර රැගෙන
හීන් සැරේ මට විදින්න
හිතට හොරා නුඹ වඩින්න
දෑත දෑත පටලා ගෙන
දෑස දෑස මග නොම හැර
කිසිම දිනෙක මිදෙනු නොහෙන
බැදීමකින් මා වෙලන්න
මගේ හිතට නුඹ වඩින්න
කුණාටුවක සර පහරින්
කැඩී බිදෙන තත්පරයක
මා සොයලා පියඹා'විත්
මගෙ සිහිනේ ගිනි නිවන්න
අළු මත පිපි කුසුම වෙන්න
එක් වන පැතුමන් බිද හැර
අහස පොළව වැළපෙන සද
මට නුඹ එතරම් දුර බව
නොදැනෙන ලෙස සිනහ වෙන්න
මගේ හිතට නුඹ වඩින්න
යොදුන් ගණන් පියවර මැන
ගවුවක ඈතින් නැවතුන
ප්රාර්ථනා කදු මුදුනට
අත වනලා සුබ පතන්න
මගේ හිතට දිරිය වෙන්න
කදුළු බිදක පහස සොයන
අහිමි හැගුම වසා අතින
සිනහ බිදක් මට වෙන් කර
මගෙ හිත ළග නුඹ නිදන්න
මගේ ලොවට නුඹ වඩින්න...!!
සජානි අද මට පැටලුණා. තවත් කළු සුදු නම් බ්ලොගක් තියනවා.
ReplyDeleteSamakaya Wate නලින්
එක "කළු සහා සුදු"නලින් අයියේ..
Deleteම්...
Deleteකෝ අපිට කවි ලියන්න බෑනේ..:(
ReplyDeleteකමක් නැහැ ඔයාලා ලස්සනට ලියනවනේ...:)
අයියො මනෝජ් එහෙම කියන් එපා..
Deleteතැන්ක්ස් හැමදාම ඇවිත් මට දිරි දෙනවට...:)
සජා කවි මැසිමක් වෙලා..
ReplyDeleteඒක නෙවෙයි.
ඕම නම් බෑ...කවුරු හරි ඉස්සරවෙන්න වෙනවා...;)
ඒකනෙ ඒකනෙ රන්දු...:)
Deleteඉස්සර වෙන්න..???
මෙච්චර කියද්දීත් එන්නේ නැතිව ඉන්න බැරි එක්කෙනා කවුද ආ?
ReplyDeleteඒකනෙ පුමා...කවුද මන්දා...:D
Deleteසසර පුරා ලිහී නොයන
ReplyDeleteසෙනේ තාල අහුරු රැගෙන
අලුත් වසන්තයක් වෙලා
නුඹේ ලොවට ඔහු වඩින්න
ඒ සෙනෙහෙන් අලුත් වෙලා
තවත් තවත් කවි පිපෙන්න
සෙනෙහෙන් නැළවී ඔය හිත
එහිත් අහස මත නැගෙන්න
ලස්සනයි වර්ෂා....ස්තුතියි...:)
Deleteකවියට පමනක් පෙම්කල
ReplyDeleteමට හමුවුන කවිකාරිගේ
හිත් අරනට ගොඩවදින්න
අන් කාහට වේවිද ...
කවියම හැර වෙනෙකුට
මේ තියෙන්නෙ උත්තරේ... ස්තුතියි ධනුක...:)
Deleteලස්සනයි
ReplyDeleteස්තුතියි ඔයාටත්...:)
Deleteපුර හඳ පෑයූ දවසට
ReplyDeleteකන්ද උඩින් උජාරුවට
මිලිනව සැඟවෙන තරු කැට
හෙලන සෝ සුසුම් කඳුළැලි
නවතාපන් නුඹ ඇවිදින්
මං එන්නම් ඒ දවසට
නුඹෙ ඉහ ඉද්දර හිඳගෙන
හිස අතගා සනසන්නට...
අපූරුයි මහේෂ්...ඔන්න හැමදාම එන්න ඕන මේ පැත්තට..
Deleteස්තුතියි ගොඩක්...:)
වඩියි වඩියි !
ReplyDeleteමේ දන්නවද මාව . මේ මම මම . ඉස්කෝලේ වයලීන් ගහපු උස දණ්ඩා .
හැක හැක හැක .
අද මේක මීටර් උනේ . දිගටම කියවන්නම් .
ආ වයලීනෝ..මතකයි මතකයි..
Deleteසාදරයෙන් පිළිගන්නවා..හැමදාම එන්න හොදේ...
හරිම ලස්සනයි සජානි.
ReplyDeleteහැමදාමත් කියවතහැකි ඔයගෙ කවි.
තව ලියන්න................................: