හිත බිමට වැටුණ වෙලාවක
හිස බිත්තියේ ගහගත්ත වේගෙට
රිදෙන් ඇති බිත්තියට හරි සැරට
දෙදරුම් කෑවෙ ඒ නිසයි උලුවස්ස
දුර්වර්ණ වී තිබුණ තැනෙකින්
හම ටිකක් ගැලවිලා වැටුණෙය
කලින්දා හම ගියපු තැනකින්
පතුරකුත් ගැළවිලා විසි විය
සුදු පාට බිත්තියේ පපුවෙන්
රතු පාට ලේ ගලන්නට විය
නෑ කමක් නෑ කියා ගෙන
හිනා වී ගෙනම උන්නාට බිත්තිය
වේදනා විදින් ඇති හරි තදට
දෙදරුම් කෑවෙ ඒ නිසයි උලුවස්ස...
සැලන නොසැලෙන වග වත්
ReplyDeleteබිත්තිය දැන උන්නානම්
රිදුමක් නොරිදුමත් එක ලෙසින්
සලකන්න හිතක් නොමැති බිත්තියක්
අගෙයි
ReplyDeleteහ්ම්ම්ම්ම් ....
ReplyDeleteඔළුව කැක්කුම වැඩි වෙලාවට මටත් ඔලුව බිත්තියේ ගහන්න හිතෙනවා චප්ප වෙන්න
ලස්සන කවි පෙළක්
බිත්තියටත් රිදුනා නම්
ReplyDeleteකොයි තරම්නම් රිදෙන්න ඇතිද හදවතට
ගහගත්තාම ඔලුව
තෙතමනයක් නැති බිත්තියේ.
අපුරුයි :)
ReplyDeleteරිදෙන් ඇති බිත්තියට ඇත්තටම..
ReplyDeleteඒත්.. අඩන හිතක් ලඟ අපිත් ඇඩුවාම
රිදෙනවා ඒ හිතට තව තවත්
දැනන් ඉන්නැති ඒ බව බිත්තියත්..
අපූරුයි අක්කෙ..
ReplyDeleteඅදමයි ආවෙ මේ පැත්තට..
ආයෙ නම් මිස් වෙන් නෑ.. බ්ලොග් රොලට දාගත්තා..
ඔයා කොහොම ලිව්වත් ලස්සනයි නගේ
ReplyDelete