මවු පිය රූප හිත යට
සිය සිය වරක් සිප ගෙන
රත් පෑ අහස් හෙවනට
පිය පුතු ඉතින් නික්මිණ
සූරියකාන්ත මල -
පොළෝ තලයට
මුහුණ බර කර
සුබ පැතුම් පෝළිමේ
අන්තිම කොනට එක් විය
කාටත් හොරා හෙමිහිට
ඇස යට උනපු තෙත හිත
ඇසිපිය හෙළන වේගෙට
ඇසටම ආයෙ දියවෙත !
පියවරු හෙළන දහඩිය
ටොන් ගණන් එක්අහු කර
සදන්නට හැකිය ඒ එක කදුල
හී සරින් පලා ගෙන
එබුණොතින් නෙත යටට
කුසුමක් තියේවි ය එතැන
සුවදක් අරන් පුබුදින
අම්මා කෙනෙකුටම මිස
වෙනත් හිතකට නොතේරෙන...!