Monday, December 9, 2013

නුඹ වෙනුවෙන් ඉපදුන සිත...!


සංසාරේ හැමදාමත්
ළගින් ඉදන් බලන් ඉන්න
ඇයත් එක්ක යන පාරෙම
මටත් ටිකක් ඉඩ තියන්න..

අවිහිංසක ඇගෙ දෝතට
ආදරයෙන් ගෙනැවිත් දෙන
මල් පොකුරෙන් එක පෙත්තක්
මා ළගටත් විසි කරන්න..

ආදරයෙන් දොඩමලු වෙන
නුඹෙත් ඇගෙත් ලෝකය වෙත
හිනා වෙලා පෙම් බදින්න
ගොළු හදකට ඉඩක් දෙන්න..

නුඹ නමටම ඉපදුන සිත
නුඹ නමටම මියැදෙන දින
මදකට නැවතී මා ළග
සංසාරේ ගිම් නිවන්න...




22 comments:

  1. පික්සු හැදෙන තනි අන්ඩේ ලව්. ඒ උනත් ඒක හරිම අවිහිංසකයි..

    ReplyDelete
    Replies
    1. මගෙත් හුගක් ලව් තනි අන්ඩේ ඒවා තමයි.

      Delete
    2. අහෝ! අවිහිංසක තනි අන්ඩේ අපි :( :)

      Delete
    3. අහෝ බොලවු
      දෙයියො බලවු...:D

      Delete
  2. එක අතකින් බැරිය අනේ අත්පුඩියක් වත් ගහන්න
    බලන් හිටියා හොඳටම ඇති නර කෙසකුත් ඇවිත් මෙන්න
    ඉක්මනින්ම එකතු වෙලා දරැ පවුලක් හදා ගන්න
    අහක බලන් ඉන්නේ නැතිව මගේ හද කුටියට වඩින්න

    ReplyDelete
    Replies
    1. මල් පොකුරත් අතේ තියන්
      හනිකට මං ආවා මෙන්න
      හද කුටියට මට වඩින්න
      ඉක්මනටම දොර අරින්න..:D

      Delete
  3. හිතක පිපෙන හිතුම්වලට
    දිය දෝතක් ගෙන ඉහින්න
    ඔය හිත වෙත වසත් සමය
    ඉක්මණටම ළගා වෙන්න...!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි වර්ෂා...:) :)
      අපූරුයි නංගිගෙ පද වැල්...

      Delete
  4. .
    වීදි පහන් යටින් ඉතිං
    තව දවසක් එපා යන්න
    හෙවනැල්ලක් වගේ ඉන්න
    එන්නම් හැකි ඉක්මනින්ම

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යසන්ත ඔබේ වචනවලට..:) :)

      Delete
  5. පහන් ටැඹක් වගේ වෙලා එළිය කලත් හතර වටම
    අමතක නොකරන්න සබඳ පහන් කණුව යට අඳුරැය...

    සහෝදරිය, ලස්සනයි කව්ය....

    ReplyDelete
  6. ඔය හිත ගැනනම් ඉතින් මොන කතාද?අපිටත් තියෙන්නෙ ඕකම තමයි.

    ReplyDelete
  7. චූටි ඉඩක් අපි ඉල්ලුවට ඒ ඉඩ අපිට බැරිවෙලාවත් ලැබුනට පස්සෙ අපිට හිතෙන්න ගන්නවා මට ඉන්න දිල තියෙන්නෙ චූටි ඉඩක නේද කියලා.. චූටි ඉඩක ඉන්න අකමැති අපි එක්කො සින්නක්කර ලියාගන්නවා නැත්නම් හිතහදාගෙන ඒ ඉඩත් එපා කියලා යන්න යන්වා

    මට අනුව නම් චූටි ඉඩක ජිවත්වෙනවට වඩා ඒ ඉඩත් නැතුවම යන එක සැපක්.. මට ඒ චූටි ඉඩ විදවීමක්

    ReplyDelete
  8. අවිහිංසක ඇගෙ දෝතට
    ආදරයෙන් ගෙනැවිත් දෙන
    මල් පොකුරෙන් එක පෙත්තක්
    මා ළගටත් විසි කරන්න..... ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි පොඩ්ඩෝ...:) :)

      Delete
  9. ලස්සනයි..සුනිල් එදිරිසිංහගෙ කුඩා ගමේ සින්දුව මතක් උනා,

    ආලවඩන අකුරු පහේ තේරවිල්ල සකී
    රෑට නිදන තනි පැදුරෙත් නැති සිහිලෙකි සකී
    ආලෙ බිඳුනු දා කුමකට කඳුලු හෙලනු සකී
    ආලවඩන යන තේරුම බෝසත්කම සකී

    ReplyDelete
    Replies
    1. ආල වඩන යන තේරුම බෝසත් කම සකී...මමත් ආසම ගීතයක් ඉසුරු...:) :)
      ස්තුතියි..

      Delete
  10. හරිම ලස්සන නිර්මාණයක්.......කිහිපසැරයක්ම කියවලා රස වින්දා

    ReplyDelete