Friday, January 25, 2013

පොඩි වුන්ගෙන් හෙන අපලයි....



අනංගයාට කරගන්නට වැඩක් නැතුව මේ දිනවල
කැරකෙනවාලු පොඩි වුන් ළග මල් දුනු හී වැහි අරගෙන

4ක් 5ක් දැනටත් ගොඩ දා               ලා          ය
බුකියෙත් හැම තැනම ආලය පෙර   ලා          ය
මං නැති දොහට මට ඌ කෙල කර   ලා          ය
පන්තියෙ හැම තැනම මොනවද කියලා          ය

          මලයෙක් නිසයි පෙර දුන්නේ හිනා වා
          අක්කෙක් නිසයි මූ දැම්මේ පනා  වා
          පොඩ්ඩෙක් නිසයි මා දුන්නේ සමා වා
          අඩේ - ඒ හන්ද ද මට ආයෙත් පනා  වා

වයසින් අඩු වුණත් වැඩ නම් අප්සෙට්           ය
ගේමට බැහැපු මූ යන පාටක් නැති                ය
පොඩි වුන් කියා දැන් නම් බලලා බැරි           ය
කෙලවෙන්නට වැඩක් දෙන්නම වෙනවා      ය





         *         *         *         *          *         *

පුංචි උන්ගෙ ලෝකෙට මං ආස කරන නිසා
ටිකකට උන් එක්ක ඉන්න 6 වසරට ගියා

පන්තිය දෙබෑ කළ පොඩ්ඩෙක් දුටුවෙමි       ය
සද්දය මොකද ඔය තරමට ඇසුවෙම්            ය
ඊළග තත්පරේ පිළිතුර ලැබුණේ                  ය
මං නැවතුණේ ගවු ගානක් උඩහින්              ය

මේ කට මගේ ගෙදරින් මට ආවා                 ය
අපෙ අක්කගේ කට මීටත් වැඩිවා                ය
කණ ගාවින්ම මූ බෙරිහන් දුන්නා                ය
පුංචි එකා මට තරවටු කෙරුවා                     ය





         *         *       *        *         *        *     

නිවාඩුවට මං ළගකදි අත්තම්මගෙ ගෙදර ගියා
පොඩි මාමාගෙ පුංචි කෙලිත් ඒ වෙලාවෙ එහෙ ආවා

වඩා ගන්න මට කරදර කෙරුවා                   ය
කෙල්ලව අරන් රවුමක් කැරකෙව්වා            ය
විසි කරනා බවට මම සැර දැම්මා                  ය
කෙල්ලට තද වෙලා එළියට දිව්වා                ය

මඩ ගෙන ඇවිත් ඇදුම පුරා ගෑවා                  ය
එක පිට එකට ගුටි ගණනක් දුන්නා               ය
කොළ රොඩු ගෙනත් මගෙ ඔලුවට හැලුවා    ය
කෙළ විතරයි තිබුණෙ ඒවත් ගැහුවා              ය

එපා කියා කීවට වැඩකට නැති                      ය
කාමරයට ගිහින් දොර ලොක් කෙරුවෙමි      ය
කෙල්ලගෙ මූණ රතු වී ලේ පිරුවේ               ය
නලවන්නට වුණෙත් අවසානෙට මට            ය






54 comments:

  1. වැඩිය පොඩි එවුන්ව මුලිච්චි වෙන්නැතුව ඉන්න එහෙනං මේ දවස්වල..!

    ReplyDelete
  2. හික් මදැයි වෙච්චි දේ.මන් නම් කැමති ඉස්සෙල්ලම සිද්දියට :)

    ReplyDelete
    Replies
    1. හි හි ආ මං දැක්කා නිශාන් මල්ලි මුල් සිද්ධියට කැමති වෙන්න හේතුව... :)
      ඒක දැන ගන්න කැමති අය මෙන්න මෙතන බලන්නකෝ..
      http://sinhalaya-lokayata.blogspot.com/2012/12/My-loves.html

      Delete
  3. අනේ අනේ..මෙහෙමත් අපල.පොඩි අයට මාත් ආසයි.වදයක් වෙනකොට තමා එපා වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ රොෂාන්.. පොඩි ළමයි වුණත් වදයක් වෙන කොට එපා වෙනවා..

      Delete
  4. හිකිස්.. ෆෙස්බුකිය පැත්තේ ගෙහුං කාලද කොහෙද.....

    ෆේස් බුකිය පැත්තේ ගිහිං මේ අක්කා
    කෑ ගහලම රිදෙනවා ඇති ඔය හක්කා
    බුකියේ හිටපු පොඩි උන්දැලා ටික දක්කා
    එනවා මෙතන මොර දී ගෙන මේ අක්කා

    CSK LANKA

    ReplyDelete
    Replies
    1. හි හි... ඕන්න කිවිවා ඉතින් මෙයා.. :)

      Delete
  5. නියම කවි ටික අප්පා..හිනා වෙලා පන ගියා

    ReplyDelete
  6. මටත් පොඩි උංවනං පේන්න බෑ...

    ReplyDelete
    Replies
    1. පොඩි ළමයි නැති ලෝකෙක ලොකු වෙලා ඉපදේවා කියලා හිතෙන්නෙ අර වෙලාවලට තමයි...:)

      Delete
  7. මං නම් පොඩි කාලෙ ඉදන්ම පොඩි උන්ට ආසයි. ඒ නිසාමද මංද මොනව කලත් ඉවසගෙන හිටියැහැකි. ඒත් දැන් ගෙදර නැති නිසා ගමේ පොඩි උන් මාව අදුනන්නෙත් නෑ :(

    කෝකටත් පාස්සමෙන් ඉන්න වෙයි හලිද :පි

    ReplyDelete
  8. හි හි දැන් පොඩි වුන් හරි කට්ට කෛරාටික වැඩ හලෝ කරන්නේ ..
    :)

    ReplyDelete
  9. නියම කවි ටික :D
    මං හරිම ආසයි මේ වගේ කවි වලට. :)

    ReplyDelete
  10. හික් හික්... දැං ඉන්න පොඩි උන් මේ වයසක අපිට වඩා අන්තයි..

    ReplyDelete
    Replies
    1. හි හි අලේ යසිත්... "වයසක" ??
      :) :)

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ආයෙ වරද්ද ගන් නෑ හොදේ....

      Delete
    2. ඕකේ මැඩම් :D සොරි මැඩම් :p

      Delete
  12. නංගිලා වගෙම සම වයසේ කෙල්ලෝ
    එක්කලා හිනාවක් දැම්මම කොල්ලෝ
    ගස්සලා බලයි දැක්කා වගෙ බිල්ලෝ
    අක්කලාට ඒකයි පැණි හැලුවෙ මලෝ ;)
    ................................................

    මගෙ සුදු කලිසමේ විසි කර මඩ පුල්ලී
    බටු ඇට දෙකක උස ඇති ප්‍රයිමරි මල්ලී
    මං පහු කරන මඩ වලකට පැන හෙල්ලී
    ඇහුවා ඉතින් තමුසෙට පිස්සුද මල්ලී

    ගැස්සුන නමුත් ඒ වග සැඟවූ කොල්ලා
    කට ඇද කර දිව එලියට ඇද හොල්ලා
    පල සමනලයො යන්නැයි කියමින් ඉල්ලා
    ආයෙත් වලට පැන ඌ හයියෙන් දිව්වා

    කට ඇරපු මෝඩ කම කියල හිතුන :p

    හෙහ් හෙහ්..බඩ අල්ලන් හිනා වෙන්ඩ ඇහැකි..නියමයි ආ :D

    මේ කට මගේ ගෙදරින් මට ආවා ය
    අපෙ අක්කගේ කට මීටත් වැඩිවා ය
    කණ ගාවින්ම මූ බෙරිහන් දුන්නා ය
    පුංචි එකා මට තරවටු කෙරුවා ය

    අපි තාම නොකරන ඒව උන් දැන් හයේදි හතේදි කරනවා :v
    ඒ මදිවට බලන්ඩ එපැයි දෙන පොර ටෝක්ස් :p

    ෆොටෝස් ටිකත් මරු ;)

    ReplyDelete
    Replies
    1. :D :D පට්ටයි ....සිරාවට මචං මේ කාලේ පොඩි උන් එක්ක මොකොවත් කරන්න බෑ ...හරිම දරුණුයි ..:))))

      Delete
    2. නියමයි ඉසුරු ආ.... ස්තූතියි...

      Delete
    3. ඒකනෙ කසුන් සහෝදරය කියන්නෙ,මාර භයානකයි :D
      හෙහ් හෙහ්..සජාටත් තව තව බාල්දිම වැටෙන්ඩ ඕනි ඉතින් අපිට තව හොඳ හොඳ කවි බලන්ඩ ;)

      Delete
  13. නියම කවි ටික.. :) දැන් කාලේ පොඩි එවුන් නම් නාහෙට අහන්නේ නෑ තමයි... ඒත් අපිත් පොඩි කාලේ දඟයිනේ.. :D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උදයංග... ඒක ඇත්ත තමයි.. :) :)

      Delete
  14. පොඩ්ඩ උනත් ඔයා මොටද දැම්මෙ පනා
    දැම්මා නම් ඉවසාපන් උගෙන් පනා
    අර දුන්නත් උස්සන් දැන් අනංගයා
    අප්සට් ප්ලේස් වලටම දැන් විදින්නියා

    පොඩි උන්ගෙන් නම් සැරටම අපලයි වගේ…
    අර පොඩි එකාට ගෙමක් දුන්නද ඉතින්..?? :P

    කවි හැකියාව නම් ඔයාගෙ ඉහලයි හොදේ..නියම කවි ටික…උපරිමයි (Y)

    ReplyDelete
    Replies
    1. හි හි විභෂ්....
      //අර දුන්නත් උස්සන් දැන් අනංගයා
      අප්සට් ප්ලේස් වලටම දැන් විදින්නියා// මේක නම් 200% ම ඇත්ත...

      කෝ ගේම දෙන්න බැරි උනානෙ.. :P

      ස්තූතියි විභෂ්.... :) :)

      Delete
  15. පලවෙනි එකා මගෙ ජාතියෙ එකෙක්. :P

    ReplyDelete
    Replies
    1. එහෙම කරන් එපා මේ දැක්කනෙ අක්කලාට කේන්ති යන හැටි... :)

      Delete
  16. පොඩි එවුන් එක්ක ලේසි නෑ දැන්.. වෙලාවකට කියන ඒවාට අපිට කට උත්තර නැති වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ චන්දන.. අපි ඉගෙන ගෙන තියෙනවා මදි එයාල එක්ක තර්ක කරන්න...

      Delete
  17. හි හි හු ... :D සිරාවටම එල නියමයි ..!

    ReplyDelete
  18. පොඩි උන් හුරතල් නම් තමයි මම කැමති...

    ReplyDelete
    Replies
    1. ඒකනෙ සිරා... හුරතල් ළමයින්ට නම් මමත් ආසයි...

      Delete
  19. හායි අක්කෝ.......මං ආ.......වා..........
    ඩැන් එටකොට මං බබීට අක්කි බබා ආස වෙයිඩ නැඩ්ඩ.......:O

    ReplyDelete
    Replies
    1. අක්කි බබා සූටි බබාලාට ආදරෙයි...හැබැයි දග කලොත් ගහනවා.. :) :)

      සාදරයෙන් පිළිගන්නවා අග්නි මේ පැත්තට ඔයාව... :D

      Delete
  20. මොකටද සාජෝ පොඩි අයට උනත් පනාව දාන්න ගියේ?????
    පොඩ්ඩක් පරිස්සම් වෙලා ඉන්න එපයැ අපල හින්දා....!!!
    හරිම ලස්සන කවි ටික සාජානි...හොදට හිනා උනා... :):)

    ReplyDelete
    Replies
    1. හි හි ඒකනෙ ශානි... මීට පස්සෙ ලොකු අයට මිසක් පොඩි අයට නම් පනාව දාන් නෑ ඔන්න.. හි හි..
      ස්තූතියි ශානියෝ....:)

      Delete
  21. podi podi lamai hemathena daga karana heti
    rasa kara kara liwwath un samaga geti
    saja nisa apihata wetenaa mutti
    apinm danii oba nodanii obage heti

    ReplyDelete
    Replies
    1. sashyooo....

      daanawa kiyaa rasa karalaa comentuwa
      kanawa neda mage okkoma karattuwa
      thoo ketuwoth mehewu ewwa aaye bola
      ammapa man gannawa mai thuwakkuwa...

      Delete
  22. comment damannai kiala balakarala
    kata ada kra thola hapala orawala
    comment nodemmoth tharahawa agawala
    hamu u wita hadai kannata maa marala

    onna demma sajaniyo commentuwak
    meka balala ganna epa thuwakkuwak
    'api denna yalui'kiya podi gathiyak
    set unu witeka gahamuko api hoda adiyak

    ReplyDelete
    Replies
    1. බලපල්ලකෝ මේ කෙල්ලන් කරන වැඩ
      හොඳ අඩියකට එලි පිට සැරසෙනා හැඩ
      තනියම ගැහුවොතින් අපි දානවා ලෙඩ
      කෙල්ලනි තවත් ඇත අඩියට කැමති නඩ ;) ;) ;)

      Delete
    2. :) :) :) හි හි හයියූ ටිමල්....

      සෂියෝ...,
      රහමෙර තියෙයි නම් අපි හොද මිතුරන් ය
      තනියම වැඩේ කර ගන්නට බැරි හැඩ ය...

      (ටිමල්, සෂි කවි ටික නියමයි ආ...)

      Delete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. This comment has been removed by the author.

    ReplyDelete
  25. Saajanige kavi tika nam ela kiriya
    hina wela mage hakkath ridenawaya
    anith ayage cmnt tikath tharu 5ya
    podi lokkange wada kawadath hurathalya

    kavi pambadinna oba hata bala labewa
    apatath kiyawanna ida kada labewa
    dahasak commentuth mehi tawa watewa
    gal bothalekata set wenna hetawath labewa

    ReplyDelete
    Replies
    1. හසන්ත,
      මෙවදන් මගේ ගමනට ලොකු හයියක් ය
      හද පිරි මගේ ස්තූතිය පුද දෙමි ය :)

      සෂී, ටිමල්, හසන්ත...,
      මෙව්වා ඇහුනොතින් ගෙදරට අපි සුන් ය
      රහසින් කතා වී සෙට් වෙන එක හොද ය.. :D

      Delete
  26. //මේ කට මගේ ගෙදරින් මට ආවා ය
    අපෙ අක්කගේ කට මීටත් වැඩිවා ය//
    උගෙ අක්කා ගැනත් හෙව්වොත් අගනේ ය
    මග තොට දැක්කොතින් මග හැර යන්නේ ය

    ReplyDelete
    Replies
    1. අක්කා ගැනම ඇයි මෙයාට මතක් වුණේ
      අහ ගන්නවත් හිතිලද හොදවයින් හනේ..... :O :D

      Delete