Friday, June 28, 2013

මගේ හිතට නුඹ වඩින්න..


සිනා දෙතොල පියවී යන
නිම් සලයෙක සිතිවිල්ලක -                   
සිහින් සරින් පියවර මැන
හද කුටියට නුඹ වඩින්න
මගෙ හිත සුවපත් කරන්න

දහසක් දන යන එන තැන
සහසක් සිතුවිලි මුමුණන
නෙත් හී සර මිහිර රැගෙන
හීන් සැරේ මට විදින්න
හිතට හොරා නුඹ වඩින්න

දෑත දෑත පටලා ගෙන
දෑස දෑස මග නොම හැර
කිසිම දිනෙක මිදෙනු නොහෙන
බැදීමකින් මා වෙලන්න
මගේ හිතට නුඹ වඩින්න

කුණාටුවක සර පහරින්
කැඩී බිදෙන තත්පරයක
මා සොයලා පියඹා'විත්
මගෙ සිහිනේ ගිනි නිවන්න
අළු මත පිපි කුසුම වෙන්න

එක් වන පැතුමන් බිද හැර
අහස පොළව වැළපෙන සද
මට නුඹ එතරම් දුර බව
නොදැනෙන ලෙස සිනහ වෙන්න
මගේ හිතට නුඹ වඩින්න

යොදුන් ගණන් පියවර මැන
ගවුවක ඈතින් නැවතුන
ප්‍රාර්ථනා කදු මුදුනට
අත වනලා සුබ පතන්න
මගේ හිතට දිරිය වෙන්න

කදුළු බිදක පහස සොයන
අහිමි හැගුම වසා අතින
සිනහ බිදක් මට වෙන් කර
මගෙ හිත ළග නුඹ නිදන්න
මගේ ලොවට නුඹ වඩින්න...!!















20 comments:

  1. සජානි අද මට පැටලුණා. තවත් කළු සුදු නම් බ්ලොගක් තියනවා.
    Samakaya Wate නලින්

    ReplyDelete
  2. කෝ අපිට කවි ලියන්න බෑනේ..:(
    කමක් නැහැ ඔයාලා ලස්සනට ලියනවනේ...:)

    ReplyDelete
    Replies
    1. අයියො මනෝජ් එහෙම කියන් එපා..

      තැන්ක්ස් හැමදාම ඇවිත් මට දිරි දෙනවට...:)

      Delete
  3. සජා කවි මැසිමක් වෙලා..
    ඒක නෙවෙයි.
    ඕම නම් බෑ...කවුරු හරි ඉස්සරවෙන්න වෙනවා...;)

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ඒකනෙ රන්දු...:)

      ඉස්සර වෙන්න..???

      Delete
  4. මෙච්චර කියද්දීත් එන්නේ නැතිව ඉන්න බැරි එක්කෙනා කවුද ආ?

    ReplyDelete
  5. සසර පුරා ලිහී නොයන
    සෙනේ තාල අහුරු රැගෙන
    අලුත් වසන්තයක් වෙලා
    නුඹේ ලොවට ඔහු වඩින්න

    ඒ සෙනෙහෙන් අලුත් වෙලා
    තවත් තවත් කවි පිපෙන්න
    සෙනෙහෙන් නැළවී ඔය හිත
    එහිත් අහස මත නැගෙන්න

    ReplyDelete
    Replies
    1. ලස්සනයි වර්ෂා....ස්තුතියි...:)

      Delete
  6. කවියට පමනක් පෙම්කල
    මට හමුවුන කවිකාරිගේ
    හිත් අරනට ගොඩවදින්න
    අන් කාහට වේවිද ...
    කවියම හැර වෙනෙකුට

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නෙ උත්තරේ... ස්තුතියි ධනුක...:)

      Delete
  7. ලස්සනයි

    ReplyDelete
  8. පුර හඳ පෑයූ දවසට
    කන්ද උඩින් උජාරුවට
    මිලිනව සැඟවෙන තරු කැට
    හෙලන සෝ සුසුම් කඳුළැලි
    නවතාපන් නුඹ ඇවිදින්
    මං එන්නම් ඒ දවසට
    නුඹෙ ඉහ ඉද්දර හිඳගෙන
    හිස අතගා සනසන්නට...

    ReplyDelete
    Replies
    1. අපූරුයි මහේෂ්...ඔන්න හැමදාම එන්න ඕන මේ පැත්තට..
      ස්තුතියි ගොඩක්...:)

      Delete
  9. වඩියි වඩියි !
    මේ දන්නවද මාව . මේ මම මම . ඉස්කෝලේ වයලීන් ගහපු උස දණ්ඩා .
    හැක හැක හැක .
    අද මේක මීටර් උනේ . දිගටම කියවන්නම් .

    ReplyDelete
    Replies
    1. ආ වයලීනෝ..මතකයි මතකයි..
      සාදරයෙන් පිළිගන්නවා..හැමදාම එන්න හොදේ...

      Delete
  10. හරිම ලස්සනයි සජානි.
    හැමදාමත් කියවතහැකි ඔයගෙ කවි.
    තව ලියන්න​................................:

    ReplyDelete