Friday, July 5, 2013

සදාදර නුඹ නමින්...


පිපී නොපිපී දිලුනු
සුවද කුසුමක පතක
රැදී නොරැදී හෙමින්
පිනි බිදුව පැන ගිහින්

          හඩන නොහඩන සිතින්
          සුහද හැගුමින් සැනින්
          හුග දුරක් මම ගිහින්
          බෝ කලක් දැන් ඉතින්

හිත මිතුරු හිත අරන්
නැති වුණත් මම ළගින්
නුඹ නුඹෙම සිහිනයට
ගිහින් වග හෙමි හෙමින්
ඇසූ දුටු තත්පරෙන්
දැනුන හිත කවියකින්
ලියනු නොහැකිව - ළතවෙම්

       "කෙටියෙන් කරම් සදහන
        මල් සියක් සිත් අරණ
        ගොඩ වැදුණි එක් සැනින"

බලා ඉමි දුර ඉදන්
හිනා වෙමි නෙතු පියන්

යන අතර ඉදිරියෙන්
හදිසියෙන්වත් ඉතින්
වැටෙන්නට ගියෝතින්
පියාගන් ඔය දෙනෙත
හෙමි හෙමින්...
         සුහද ඒ මොහොතේම
         දෑත අල්ලා ගෙනම
         මම නුඹේ ළගින් වග
         දැනෙයි පෙම්බර නුඹට
         හදවතින්...












ප.ලි :
කොතෙක් ලිවුවත් මෙ කව්
දැනෙයි හිස් බව හිතට
ලියා ගත නොහැකිව තවම -
සිතුම් ඔබ ගැන ඇදෙන

විදින්නෙම් වේදනා තනිවම...



26 comments:

  1. නුබ ලගින් නැතුවට
    දැනේ තවමත් පෙර උන්නු සුවද
    ගෙන දී හදවතට ගින්දර
    ගියත් ඔබ දුර ඇතක
    සදාදර නුඹ නමින්
    බලා හිදින්නෙමි මම තවම.

    ReplyDelete
    Replies
    1. :) ස්තුතියි මනෝජ්.. දෙන්න උත්තරයක් නෑ මේකට...:(

      Delete
  2. "ඔබේ ආදරය යනු මා අයිති කර ගැනීම ම නොව මට ද මා අයිති බව පිළිගැනීම බව දිනෙක ඔබ වටහා ගනු ඇත...." -මහේෂ් බේරුගොඩ

    ReplyDelete
    Replies
    1. ම්....හ්ම්ම්... ඇත්ත මහේෂ්...:)

      Delete
  3. තව ලියමු. හිතේ තියන සේරම අමතක වෙලා යනකල්ම....

    ReplyDelete
    Replies
    1. :) ඔව් ලියතවා පුමා හදවත නවතිනකල්ම..:)

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. හෙන ගහපන් කවිය නුබට..
      අරගත්තට මගෙන් ඇයව
      රින්ගලා උබ ඇගේ හිතට....
      අරන් ගියා මගෙන් ඇයව....
      ලන් වෙන්නට බැරි ලෙසටම
      අහු උනොතින් මටත් උබව
      අම්මපා ගහනවා රිදෙන්න ....

      Delete
  5. හ්ම්ම්... දුක්බරයි.... ඒත් ලස්සනයි...

    ReplyDelete
  6. සදාදර නුඹ නමින්
    දයාබර මම ලියපු
    ආදරය මිය ඇදෙන
    අවසාන කවි ගොන්න !

    ReplyDelete
    Replies
    1. ජීවිතය මිය ඇදෙන
      ආදරය පණ ගහන
      හිත යටට
      කවි ගොන්න අවසාන වේවිද
      ඔහු නමට..!

      (පතන්නෙමි අවසාන
      කව් ගොන්න
      මෙ වන ලෙස..
      නමුත් අසාවිද
      මා තුට්ටුවකට
      මායිම් නොකරන
      මගෙම
      හිතුවක්කාර හිත..)

      Delete
  7. මිය ඇදෙන ජීවිතය
    මරණයෙන් ගොඩ ගන්න
    පණ ගහන ආදරය
    මැරෙන්නට හරිනු මැන !

    ReplyDelete
    Replies
    1. සිත් ගනී ඉල්ලුම
      උත්සුකයි සිත එයට
      එ වුවත්
      දෑස් ඉදිරියෙ
      හිනා වෙන රිදවන
      පණ ගසන ආදරය
      හැකියි නම් මරන්නට
      වළ දමා
      දෑත පිස දා
      අවසනය
      මෙ වන විටත්...

      Delete
  8. නොහැකි නම් රැක ගන්න
    පණ අදින යමක් දෙස
    බලන් ඉනු කොහොම නුඹ
    හිතක් නැති හිතක් ලෙස !

    ReplyDelete
    Replies
    1. රැක ගන්න, වළලන්න
      නොහැකි බව සැබැයි එය
      බලා ඉමි - හිස් අතින්
      දෑස ළග දග දමන
      හීන කව් කතන්දර..

      Delete
  9. Replies
    1. ලිවුවත් කවි පද අද
      වසරකට පෙර හිද
      ගොළු වුණෙම්
      මමත්...:)

      Delete
  10. දවසක් ඒවි
    ගොලු හදවත් විවර කරන
    පෑරුනු හදවත් සුවපත් වෙන
    වසන්තය ඈතක නෙවෙයි !

    ReplyDelete
    Replies
    1. වසන්තය පැන ගියේ
      ජීවිතය හොද හැටිම
      පදම් කර..
      පෑරෙන්න හදවතක්
      ඉතිරි නොකරම
      ඉද හිට තවම කවියකින්
      හැඩවෙන්නෙ නටඹුන්ය
      ඉතිරි වුණු..
      ඇති විටදි හිනස්සන
      නැති විටදි හැඩුම් දෙන
      වසන්තය ඇවැසි නැත
      පදම් වුණ මේ හිතට..:)

      Delete
  11. හැමදාම වසන්තයම බලාපොරොත්තු වෙනවට ඕව හොද පාඩම් ! :D

    ReplyDelete
    Replies
    1. :D බලාපොරොත්තු නොවුණ වෙලාවක හදිසියෙන් ආපු වස්සානයක්...

      Delete
    2. බලාපොරොත්තුවෙන් ඉදල එන වස්සානෙ ඊට වඩා ලස්සනයි !

      Delete