Monday, October 15, 2012

‍කොකෙක්, නෙළුම් මලක් සහ තිත්ත පැටියෙක්...

නෙළුම් මලක් යට උන්න
තිත්ත පැටියෙක්ව දැකපු 
කොකෙක්
ඉවුරට ‍වෙලා ඉදගෙන කිවුවලු
"මෝඩ තිත්ත පැටියෝ 
උඹ කවදාවත් 
නෙළුම් ම‍ලක් දකින්නෙවත් 
සුවද අහන්නෙවත් 
නැති වෙයි" 
කියලා

හීන් හිනාවක් දමාපු 
තිත්ත පැටියා
නෙළුම් කොලේ යටි පැත්තේ
මෙන්න මෙහෙම ලියලා තිබ්බලු

                   "නුඹ හැමදාමත්   දකින්නෙ
                නෙළුම් මලක ලස්සන විතරයි
                ඒත්,
                ඒ නෙළුම් මල
                පූදින්න ගත්ත මහන්සිය
                දැක්කෙ මම විතරයි.

                මඩ ගොහොරුවකින්
                උඩට ඇවිත් මේ නෙළුම් දඩු
                මලක් උපද්දවන්න වුණ මහන්සිය
                දැක්ක මගේ හදවතේ ඇ‍දුන
                නෙළුම් මලේ 
                රූපයයි සුවදයි
                ඇත්ත නෙළුම් මලට වඩා
                දහස් ගුණේකින් ලස්සනයි"

8 comments:

  1. අන්තිමේදි පුංචි හිනාවක් දාපු නෙලුම් මල කිවුවලු,
    ඇත්තටම ඒ මහන්සිය කොච්චර සුන්දරද කියල දන්නෙ
    ඒක විඳපු මමම විතරයි කියල……….

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාළුවාගෙ එකතු කිරීමට.!!

      Delete
  2. කොකාගෙ ගැටේට හසු නොවු නුවණැති තිත්තයා.

    ReplyDelete
  3. එකට දුක් විදපු
    එකා වගේ එකට හිටපු
    නෙලුම් පොහොට්ටුව ගැන මම හිතපු
    සිතුවිලි ගොඩ පුරෝපු

    මෝඩ හදවත වැටහුනා හොදට
    හරි ගිය කල නෙළුම ලගට
    යන්නට පය තැබූ කලට
    අවසන් දිනයි මගේ පණට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාළුවගෙ වදන්වලට..!!

      Delete
  4. මේ කතාව කියවල ටික දවසකට පස්සෙ,
    අඩි ගානක් උඩට ඇවිත් නෙලුම් මලට හිනා වෙන්න
    නිහඬවම හයිය දුන්නු නෙලුම් කොලේ වගේ
    තිත්ත පැටවුන්වත් පරිස්සන් කරන් ඉන්න
    කෙනෙක් හම්බ වෙලා මට මේ කතාව ආයෙම මතක් උනා..

    ReplyDelete
    Replies
    1. ම්... එහෙම අය ඉන්න ලෝකෙ ඇත්තටම ලස්සනයි තමයි..
      ස්තූතියි යාලු කමෙන්ටුවට..

      Delete