Sunday, December 30, 2012

සින්ඩිගේ දින පොත 02.

                 සින්ඩි සෙම්ප්‍රතිශ්‍යාවට බෙහෙත් සොයා ගනී 01.

                ඔන්න එකමත් එක රටක අලිග්නියා සින්ඩි සෙමින්ට්‍රියා ඩැඩරාෆි බරාස් කියලා ළමයෙක් හිටියා. මේ ළමයාට ‍හැමදේම කරන්න පුලුවන්. හැමදේම කිව්වෙ මේ වගේ දේවල්...
                   1)  හැතැප්ම දාස් ගාණක් කිසිම මහන්සියක් නැතුව පයින්   

                                    ඇවිද ගෙන යන්න.
                   2)  ඕනි බරක් උස්සන්න.
                        ඒ කිව්වෙ අලියෙක් නිල් තල්මහෙක් හෙම මෙයාට 

                        ඇගිල්ලෙන් ඉස්සුවහැකි.
                   3)  නොනවත්වා දවස් ගානක් එක හුස්මට කතා කරන්න.
                        මෙයා ගොඩක් දේවල් දන්නවා. ඒ කිව්වෙ වෙලාවකට 

                        ඇවිදින පුස්තකාලයක් වගේ. ඉතින් කතා කරන්නත් 
                        පුලුවන් කියන එ‍කේ ආයෙ පැහැදිලි කරන්න දෙයක් 
                       නෑනෙ.
මේ වගේ ගොඩක් දේවල් එයාට පුලුවන්.
කොයි දේ පුලුවන් උනත් එයාට වැඩ දෙකක් නම් කරන්න බෑ.
                   1)  ගණන් හදන්න.
                        මෙයා එකතු කිරීම වෙනුවට අඩු කිරීම කරන ජාතියෙ 

                        කෙනෙක්.
                   2)  මහත් වෙන්න.
                        සින්ඩි කෑම කන්න දක්ෂයි. මෙයා එක වේලකට ඇඹුල් 

                        කෙසෙල් ඇවරි 5 1‍/2කුයි, පානරාත්තල් 2කුයි, 
                        චොකලට් පෙති 21 1/2කුයි, එක්ක තව මොනවා හරි 
                        කනවා. ඒත් මෙයා කවදාවත් මහත් වෙන්නෙ නෑ. 
                        ඉදිකට්ටකටත් වඩා කෙට්ටුයි. ඒ හන්දා සින්ඩි දැන් 
                        මහත් වෙන අදහස අතහැරලා තියෙන්නෙ.






                                                          සින්ඩි හැමදාම උදෙන්ම නැගිටිනවා. ඔන්න 
22වෙනි අගහරුවාදාත් එයා උදෙන්ම ඇහැරිලා පුරුදු විදියට දවස පටන් ගත්තා. ටිකක් දවල් වෙන කොට සින්ඩිගෙ රටේ රජතුමාගෙ අණ බෙර කාරයා මොකක්දෝ කිය කියා ඇවිදිනවා ඇහුණා. සින්ඩි හිටියෙ එයාගෙ කාමරේ සිවිලිම සුද්ධ කර කර. ඒ වෙලාවෙ එයාට අණ බෙරකාරයා කියන්නෙ මොකක්ද කියලා අහන්න යන්න අමාරුයි. ඒ හන්දා එයා එයාගෙ කනට කිව්වා ගිහින් අණ බෙරකාරයා කිව්වෙ මොකක්ද කියලා අහගෙන එන්න කියලා. ඔන්න සින්ඩිගෙ එක කනක් කාමරෙන් එළියට ඇවිද ගෙන ඇවිත් සාලෙ මැදින් ගිහින් අණ බෙරකාරයා ළගට ඇවිත් එයා කිව්වෙ මොකක්ද කියලා ඇහුවා. අණ බෙරකාරයා කිව්වෙ මේක.

                          " අප මහා සිංහ දේශයේ උත්තම අධිරාජ්‍ය දරිබිලි නාස් 

                             මහ රජතුමාට අතිශදරුණු සෙම්ප්‍රතිශ්‍යාවක් වැළදී
                             ඇත. එතුමාට හචිං යාම නවතා ගත නොහැකි 
                             තත්වයට පත්ව ඇති අතර එයට දිව්‍යමය ඖෂධයක්  
                             සින්තටියා දේශයේ ඇති බවත් එය ගෙනැවිත් රෝගය
                             සුව කරන්නෙකුට රටෙන් බාගයක් තිළිණ කරන
                             බවත් රජතුමා මෙයින් දන්වා සිටී "


                                                                           සින්ඩිගෙ කන මේක අහගෙන ආයෙම කාමරේට ආවා. සින්ඩි සි‍විලිම සුද්ධ කරලා ඉවරයි. එයා සිවිලිමෙන් බැහැලා කන ගාවට ආවා. අහ්..! ඊට පස්සෙ සින්ඩි දැක්ක ‍දෙයින් එයා තුෂ්නිම්භූත වුණා.....
                එයාගෙ කනේ තිබුණ වට්ටක්කා ගානක් වටින (සාමාන්‍යයෙන් මේවට සින්ඩිගෙ රටේ කිව්වෙ කැරට් ගානක් වටින කියලා. ඒත් සින්ඩි කැරට්වලට කැමති නෑ. ඒ හන්දා එයා කිව්වෙ වට්ටක්කා කියලා)
ජිල්බාලිස් මැණික් ගල අල්ලපු කරාබුව අතුරුදහන් වෙලා...!!!
                                සිංහ දේශය කියන්නෙ හොරු, මංකොල්ලකාරයො ඉන්න රටක් නෙවෙයි. වෙන රටක මේක වුණා නම් රටේ පුරවැසියෙක් හොරකම් කරලා කියලා කියන්න පුළුවන් නෙ. ඒත් සින්ඩිගෙ රටේ එහෙම වෙන් නෑ.

එතකොට සින්ඩිගෙ කරාබුවට මොකද වුණේ..???
මම ඒ ගැන දැන ගත්ත ගමන්ම ඔයාලට කියන්නම්....

10 comments:

  1. හ්ම්ම්ම්ම්ම් ඉතාම නිර්මනාත්මකයි ...
    ගොඩක් රස වින්ද ...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි..
      සතුටුයි මේ පැත්තට ඇවිත් අදහස් කිවුවාට..

      Delete
  2. ඒ ළමයාගේ නමට මං ආසයි..හුලඟ සැර කාලෙ ඒ නමේ අග කොටස අපිට නිතරම වගේ ඇහෙනවා. :) අපි බ්ලොග් වලදී පාවිච්චි කරන සින්ඩි හැදුවෙත් එයාද එතකොට.. :p

    ඇත්තටම සාජානි මේක හරිම ලස්සන කතාව.. ඔයා ලියල තියන විදිහත් නියමයි. තව කොටසක් තියනවා නේ..?

    ReplyDelete
    Replies
    1. හි හි.. ඒ ළමයාට ඔය නම වැටුන හැටි ගැනත් කතාවක් තියෙනවානෙ..පුළුවන් උනොත් ඒකත් කියන්නම්. හැබැයි ඒ ගැන පොරොන්දු වෙන්න නම් බෑ..මොකෝ ඒක රහසක්...ෂ්ෂ්ෂ්..

      ගොඩාක් ස්තූතියි චන්දන. ඔයාලාගෙ කමෙන්ට්ස් මට සතුටක්. ඔව් තව කොටස් තියෙනවා මේකෙ. සින්ඩි කතා කළා ඇති කියලා හිතෙනකම් දින පොත ලියවෙයි අනෙක් ලිපිත් පල වෙන අතරෙ..

      Delete
  3. මේකෙ සින්ඩි කන කෑම ගැන කිවුවමනම් මට අදුරන කෙනෙකුත් මතක් වුනා.... සින්ඩිට නම වැටුනු හැටිනම් කියන්නම ඕනි සෑහෙන බර නමක්නෙ ;) රහසක් උනාට කමක් නෑ මොකද අපි කාටවත් කියන්නෑ ඉතින් ආයි පත්තරේ දැම්ම වගේ තමයි ;)

    ReplyDelete
    Replies
    1. //මේකෙ සින්ඩි කන කෑම ගැන කිවුවමනම් මට අදුරන කෙනෙකුත් මතක් වුනා// ඒ කවුද අනේ..හි හි මම නම් නෙවෙයි නෙ?

      ම්..බලමු..ඒත් මට නම් සුවර් නෑ ඔයාලා ඒක පත්තරේ විතරක් දාලා නවතිද කියලා.. tv එකටත් දැම්මොත්..???

      ගොඩක් ස්තූතියි කමෙන්ටුවට සම්පත්..

      Delete
  4. මම අදද කොමහදෝ මෙහාට ආවේ.සින්ඩි නරක නෑ.ලස්සන කතාව

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි යාළුවා..සාදරයෙන් පිළිගන්නවා.
      දිගටම එන්න..

      Delete
  5. මේක මතු සම්බන්දයි නේද? කෝ තාම බෙහෙත හොයා ගත්තේ නෑ නේ?

    ReplyDelete
    Replies
    1. ඔව් යාළුවා මතු සම්බන්ධයි.. ඉස්සරහට දාන්නම් ඉතුරු ටික..ගොඩක් ස්තූතියි කමෙන්ටුවට. ආයෙම එනවා නේ...??

      Delete