Tuesday, December 25, 2012

ඕන්න එල්ලෙ ගැහුවා....!!!


                                           සින්ඩිගේ දින පොත ලියන්නට උන්න මං ඒ වැඩේ ටික දොහකට කල් දමලා මේ පෝස්ටුව කොටන්නට ගත්තේ හිතට නැගුණ රිදුමක් නිසාය. මේ වචන කිසිවෙකුගේ හිත් රිදවීමක්වත් පහර ගැසීමක්වත්වෙන කිසිම කෙහෙම්මලක්වත් අරමුණු කොට ගෙන නොලියවූ වග පළමුව කිව යුතුය.
                                            මෙතෙක් පැවති සම්ප්‍රදාය කඩ නොකිරීමත් ජීවිතයේ වෙනසකුත් පතා අපි පන්තිදෙකක් ක්‍රීඩා තරගාවලියක් සංවිධානය කළෙමු ය. "කළෙමු" කීවාට මා නම් සංවිධායක කටයුතුවලට සම්බන්ධ වූයේ නැති තරම්ය. පන්තියේ සංවිධායක වැඩවලට උපන් හපන් කම් ඇති කිහිප දෙනෙක් ඒ කටයුතු කරට ගෙන ඉටු කළහ ය. (මගේ උත්තමාචාරය ඔවුන්ට)
                                                       ක්‍රීඩා තරග ලෙස එල්ලේ, ක්‍රිකට් හා කැරම් පැවැත්වීමට තීරණය කෙරුණි ය.  අපිද දින දෙක තුනක් පිටියට සෙට් වී සෙල්ලම් කෙරුවේ පුහුණුවකටත් වඩා විනෝදයක් ලබා ගැනීමට ය. තදබලලෙස පුහුණු වීමේ අවශ්‍යතාවක් අපට නොවූයේ මෙය තරගාවලියක් ලෙස හැදින්වුව ද හුදෙක් සහෝදරත්වය පෙන්නුම් කරනසුහද හමුවක් ලෙස අප සැලකූ නිසා ය. සංවිධායක මණ්ඩලය සහෝදර පිළ වෙනුවෙන් විශේෂ සංග්‍රහයක් පවා සූදානම් කළේ එහෙයින් ය. ආයේ බොරු දෙසා බාන්නට දෙයක් නැත අප බලාපොරොත්තු වූයේ ඔවුන්ව බොක්කෙන්මපිළි ගැනීමට ය.
                                    තරග දිනය උදා විය. පළමුව තිබුණේ ගැහැනු ළමයින්ගේ එලිලේ තරගය ය. ක්‍රීඩිකාවෝ අතට අත දී සුහදව පිටියට බැස්සහ ය. විරුද්ධ පිලෙහි පළමුව තරගයට බට ක්‍රීඩිකාව පළමු පන්දු කිහිපයෙන්මතරගයෙන් ඉවත් කිරීමට අප කණ්ඩායමට හැකි විය. අනතුරුව උදා වූයේ අප කණ්ඩායම හීනෙන්වත් නොසිතූතත්වයකි. විරුද්ධ පිලේ හවුල් කරුවන්ගේ හා ක්‍රීඩිකාවන්ගේ (ඇතැම් දෙමාපියන්ගේද) කුප්ප තත්වය එළියට පනින්නට පටන් ගත්තේය.
                                               දෙවන හෝ තෙවන ක්‍රීඩිකාව මගේ අතින් දැවී ගියා ය. ඒ කෙලි පැටික්කිය උඩ පැන පැන දිව විත් මට පැන වදින්නට වූයේ ඒකිව (සමා වෙන්ඩ මේ මගේ සාමාන්‍ය භාෂා ශෛලිය නෙවෙයි) අවුට් කරපු වරදටය. "ඉතින් හත්තිලවුවේ උඹ දුවපු විදියට මට කියන්නෙ අවුට් නොකර උකුලෙ දාලා නලවන්න දැ යි අසන්නට සිතුන මුත් ඉක්මනින් එතනින් ඉවත් වූයෙමි. අනතුරුව මගේ කණ්ඩායම් සහෝදරියන්ටත්මටත් පැමිණි ඇනුම් බැනුම්වල කෙළවරක් වූයේ නැත. එවුන්ගේ වීර කම වූයේ එල්ලේ ගැසීමක් නොව අප පිලේ මානසික ඒකාග්‍රතාව බිද දමා කසේ හෝ කප් එක ගැනීමය. අපේ නැගනියකට තර්ජන එල්ල කොට තිබුණේදඑනිසා ය.
                                      විරුද්ධ පිලේ කටවලින් කොටු දැමිය යුතු මට්ටමේ වචන පිටවන්නට වූ වේලේ කෙල්ලකටසුහදව අමතා "මේ සෙල්ලමක්නෙ ඒ හන්දා රණ්ඩු දා ගන්න හදන්න එපා" යයි කීවෙමි. ඔලුව කළු ගලක හප්පා ගෙන හප්පා ගෙන යන්නට සිතුණේ ඒ සුහද බව ප්‍රදර්ශනය කරන්නට ගියායින් පසුව ය.
                                           අර කෙල්ල එය සෙල්ලමක් බව දැන ගත්තේ මා කීවායින් පසුවලු ය. "ඇයි හත්තිලවුවේ තොපිලා මේක මොකක් කියලා හිතා ගෙනද වැඩියේ" යි අසන්නට සිතුන ද කිසිවක් නොකියා සුපුරුදු ගොන් පාට්සිනාව මුවට නගා ගත්තෙමි ය. අනතුරුව ක්‍රීඩාව අවසන් වන තුරුම ‍කන් දෙන පුරවා හොද හැටි අසා ගත්තෙමි ය.
                                          ඒවා කුජීත සීන් ය. මට නම් පට්ට අපුල ය. මට බැන වැදුන එකියක හා ඇන ගත්තේ දදිරවා ගන්නට බැරිම වූ තැනදී ය. (අචිනි උඹ හිටියෙ නැත්නම් සිරා මං එවේලේ අම්බානක කනවා ය. හිකිස්) එවුන් සමග පවත්වන්නට සිටි කැරම් තරගය වර්ජනය කළේ විනය කඩා දමා උන් ලබා ගන්නා කික් එක අපටඅනුමත කරන්නට බැරි නිසා ය. එවැනි කුජීත සෙට්වලට කැරම් බෝඩ් එකෙන් දමා ගසනවා ඇ‍රෙන්නට වෙනත් කැරම් ගැසීමක් මට නම් සිතා ගන්නට නොහැකිය. සංවිධායක මණ්ඩලයේ මහත්තුරු සමා වෙන්ඩ ඕනා ඒකෙන් පහසුවට පත් වුණා නම්....
                                         කෙසේ වෙතත් එල්ලේ තරගාවලියෙන් පසුව සහෝදර පිල අමතක කර දමා අප වෙනමසෙට් වී ලබා ගත්තේ නම් පට්ට ෆන් එකක් ය. ක්‍රිකට් තරගයත් එලටම තිබුණේ ය. අනුන්ගේ සහෝදර කම් කෙසේ වෙතත් අප කණ්ඩායම අතර බැදීම තවත් ශක්තිමත් වුණේ ය. මගේ ඉතිහාසයට එදින අමරණීය දවසක් වූයේ එනිසාය.
                                 හවුස් මීට් දවස්වල හැමදාම ඉස්කෝලෙන් කටුටි පැනපු මම (අපේ ඉස්කෝලෙ ප්‍රිපෙක්ට් අක්කලා අයියලා සමාවෙන්ඩ ඕනා ඒකට නම්) එල්ලෙ ගැහුවෙ ඔන්න ඔහොමලු...

ප.ලි. - 

අපේ ක්‍රීඩා සංස්කෘතිය තුළ "විරුද්ධ පිල මානසිකව බිද දමා තරග ජය ගැනීම" ජයටම කෙරීගෙන යන කලාවක්බව දැන ගත්තේ පසුවය. (එය සැම තැනකම සැම ක්‍රීඩාවකම කෙරෙන බව මම කියන්නේ නැත) ක්‍රීඩාව නම් ක්‍රීඩාව ය. ආයේ වටේ පිටේ අනම් මනන් වැඩ මට නම් දිරවන්නේම නැත. "ක්‍රීඩාව මගින් ජය පරාජය විද ගැනීමටත් සහෝදරත්වය ඉස්මතු කිරීමටත් මිනිසා හුරු කරයි" යනුවෙන් පොර ටෝක් දමා ඒ දවස්වල පට්ට ගැසූ රචනා මතක් වී පොළව හාරා ගෙන හාරා ගෙන ගොස් වැළලෙන්නට මට සිතුනේය....

15 comments:

  1. ඕවා තමා අක්කියෝ දැන් කාලේ ජයටම වෙන්නේ..මටනම් ඔය වගේ හොර වැඩ කරන උන් පෙන්නන්න බෑ...කාලකන්නි....ආතල් එකේ සෙල්ලම් කරන්නවත් ඒ යක්කු නෑ.....

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මල්ලි.. ගේම්වලට යටින් අදින වෙනම ගේම් සම්ප්‍රදායක් තියෙනවා කියලා මං දැන ගත්තෙ එදා නෙ..

      ස්තූතියි කමෙන්ටුවට..

      Delete
  2. ඕක ක්‍රිකට් තරංග වල එහෙම නම් දකින්න ලැබෙනවා...
    ඒත් ක්‍රීඩාවේ අරමුණ නැතුව යනවා එතනින් ම. උන් හිතන්නේ කොහොම හරි දිනන්න විතරයි නේ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත යාළුවා..එක කණ්ඩායමක් දිනන කොට අනිත් කණ්ඩායම පරාද වෙන බව දැන ගෙන ක්‍රීඩාවකට අත ගහන්න ඕනි.එහෙම නැති වුණාම තමයි අරහෙම අවුල් යන්නෙ.

      ස්තූතියි කමෙන්ටුවට..

      Delete
  3. සමහර කොල්ලොත් ඉන්නවා අක්කා පරාජය දරාගන්න බැරුව අන්තිමට වලී දාන වුන්.හැබැයි අපිනම් ඒවා ඉවසන්නේ නැහැ :)

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි.. ඒ වුණාට එයාලා එක්ක පැටලෙන්න යන්න එපා ඉතින් (ඒ තමයි වැදි බණ හොදේ.හි හි..)

      ස්තූතියි කමෙන්ටුවට..

      Delete
  4. Replies
    1. ඒකනෙ හපොයි..!!! හි හි..

      ස්තූතියි කසුන් කමෙන්ටුවට..

      Delete
  5. අපේ පැත්තේ ( වෙන්නප්පුවේ ) එල්ලේ ක්‍රීඩාව ජයටම තියෙනවා. ඒත් අපේ ඉස්කෝලෙ නම් එල්ලේ ක්‍රීඩාවට එතරම්ම තැනක් දුන්නේ නෑ. අපේ ගමේ තිබ්බා යෞවන සමාජයක්. ඒකෙ නම් එල්ලේ කණ්ඩායම් දෙකක් තිබ්බා. ගැහැණු පිරිමි. අපි එක එක යෞවන සමාජ එක්ක එල්ලෙ තරඟවලට ගිහින් අනේක වාරයක් දිනලා තියෙනවා. ඒ විතරක්ද..ඉස්සර යෞවන සමාජයේ ගැහැණු- පිරිමි දෙපිලේ තරඟත් තියෙනවා...මම තවමත් ගෙදර ගියාම ගමේ ඉස්කෝලේ පිට්ටනියේ එල්ලේ ගහනවා දැක්කොත් ටික වෙලාවක් බලාගෙන ඉන්නවා...

    මතකය සුන්දරයි..

    ReplyDelete
    Replies
    1. ක්‍රීඩා කරන්න ගත්තහමයි දැනුනෙ ඒක කොයි තරම් සතුටක්ද කියලා. ඒත් වැඩේ කියන්නෙ ලිහිණි අක්කලාට (අක්කා‍ නේද? මට 21 යි) වගේ හැමදාම ඒවට එකතු වෙන්න අය මගෙ ළග පාතක නැති එකයි. ඒත් දැන් අවස්ථාවක් ලැබෙන වෙලාවට ක්‍රීඩා නොකර ඉන්නෙත් නෑ..
      අනිවා මතකයන් සුන්දරයි අක්කෙ..

      ‍ගොඩක් සතුටුයි මේ පැත්තට ආව එකට..
      ස්තූතියි කමෙන්ටුවට..

      Delete
  6. හ්ම්ම්ම්...ඔය වගේ අය ඕන තරම් ඉන්නවා අප්පා. එයාලට ඕනේ දිනන්නම විතරයි. තරගයක් කියන්නේ දිනුම පැරදුම කොයික වෙතත් එය භාර ගැනීම බව එයාල දන්නේ නැ. මෝඩ මිනිස්සු. එයාල වගේ අය එක්ක සෙල්ලම් කරනවට වඩා හොදයි නිකන් ඉන්නවා....

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත සමනලී..දිනුම පැරදුමත් සහයෝගයෙන් නෙ සිද්ධ වෙන්නෙ. දිනුම තියෙන හන්දා තමයි පැරදුම තියෙන්නෙ. පැරදුම තියෙන හන්දා තමයි දිනුම තියෙන්නෙ.දෙකම වටිනවා ඒ හන්දා. ඕක තේරුම් ගන්න බැරි අය එක්ක මොන සෙල්ලම් ද...

      ගොඩක් සතුටුයි මේ පැත්තට ආව එකට..
      ඔයාටත් ස්තූතියි කමෙන්ටුවට..

      Delete
  7. "ඇයි හත්තිලවුවේ තොපිලා මේක මොකක් කියලා හිතා ගෙනද වැඩියේ"
    ඔන්න මං මේ වාක්‍ය පාඩම් කරගත්ත ;)

    මොක උනත් ඉතින් වැඩේ නම් කැතයි තමා.."මෝඩ ආතල්" ගන්න කස්ටිය කොහෙත් ඉන්නවනේ..

    ReplyDelete
    Replies
    1. උඹ ඔව්ව පාඩම් කොර ගත්තට කාරි නෑ. අපිට එහෙම කියන්නෙ නෑ ඕං. :P

      Delete
  8. එදා ඔයාලගෙ පංතියේ match එක දැක්කම මටත් ඇති උනේ ඔය වගේ කලකිරීමක්. ගිය පාර අපි නම් හරි සමගියෙන් හිටියා. ඒත් දැන් පංතිය වෙනස් වෙලා. දුකයි.

    ReplyDelete