Friday, January 4, 2013

බඹර ගීතය




හිනැහුණා
නැලවුණා
ඇති තරම් මත් වුණා

රෝස මල්
කැකුළකට
පුංචි වදයක් වුණා

නොදැනීම
ඉර හැරෙන
වෙලාවත් ළං වුණා

රෝස මල
නෙතු පියා
සමුගන්න ළං වුණා

කියන්නට
හිටි යමක්
පපුව යට හිර වුණා

හිතේ පිපි
මල් යාය
මල එක්ක පර වුණා...

20 comments:

  1. හ්ම්.. තුන් පාරක් විතර කියෙව්වා. ලස්සනයි පද ටික.

    ReplyDelete
  2. ලස්සන කවියක් ඈ..
    මගේ කවි දැනීම ටිකක් අඩුයි.. මොකද යාන්ත්‍රික හිතනේ..:)

    ReplyDelete
    Replies
    1. යාන්ත්‍රික වුණත් මොකෝ ඔය කියවලා තියෙන්නෙ..
      ස්තූතියි ආ...

      Delete
  3. Replies
    1. ස්තූතියි යාළුවා..
      සතුටුයි මේ පැත්තෙ ආව එකට..
      දිගටම එන්න..

      Delete
  4. ඇත්තටම ලස්සන පද ටිකක්....

    කියන්නට
    හිටි යමක්
    පපුව යට හිර වුණා

    හිතේ පිපි
    මල් යාය
    මල එක්ක පර වුණා...

    ReplyDelete
  5. අහෝ! ඛේදවාචකයක් නොවැ..

    සොඳුරු වුව කෙතරම්
    පරව යේ මල් පවා
    එනමුදු..
    සිතේ පිපි හැඟුමන් වලට
    පරව යාමට
    ඉඩ දිය නොහේ
    කිසි විට

    http://csklanka.blogspot.com/

    ReplyDelete
    Replies
    1. හරිම ලස්සන පද ටිකක්

      Delete
    2. //සිතේ පිපි හැඟුමන් වලට
      පරව යාමට
      ඉඩ දිය නොහේ
      කිසි විට//
      ඒක ඇත්ත යාළුවා.. ඔයාගෙ පබැදුමත් අපූරුයි.

      ස්තූතියි ගොඩක්..

      Delete
  6. ලස්සනයි
    කියන්නට හිටි යමක් පපුව යට හිරවුනා
    කිවුවත් නොකිවුවත් රෝස මල පරවෙනවනෙ.....
    ලස්සන පද ටික

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ඒත් පරවෙන්න කලින් කියන්න තිබුණා නම් හොදයි...

      ස්තූතියි යාළුවා කමෙන්ටුවට..

      Delete
  7. එහෙම හිර උනා නම් හොදයි කියලා හිතෙන වෙලාවලුත් ජිවිතේ තියනවා යලුවා.....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...හ්ම්ම්... මම නම් දන්නෑ ඔන්න ඕවා.

      Delete
  8. ආයෙත් ඒ නම් ඒ බඹරින්ඳූ
    සනසා සිත් මල ඒ රුව ඇන්ඳූ
    පුබුදා මල් යායම යලි ලන්ඳූ
    දෙනවද සිත බඹරුට සිත බැන්ඳූ..? ;)

    වෙනද වගේම ලස්සන අදහසක්,ලස්සන වචන ටිකක්
    හැබැයි ඒ මැවුනු බලාපොරොත්තු එහෙම්මම නැති වෙලා ගියා කිව්වම දුකයි වගෙ නිසයි මෙහෙම කිව්වෙ :D

    ReplyDelete
  9. ස්තූතියි ඉසුරු... ඒ ප්‍රශ්නෙට උත්තර නම් නෑ මට..

    ReplyDelete
    Replies
    1. අයියෝ..වෙන කාගෙ හරි උත්තරයක්වත් දෙන්න එහෙනම් ;)

      Delete