Sunday, October 6, 2013














මහේෂ්,
මට සැකයි
උඹ ගැන
යශෝරාවය රස විදපු
උඹෙන් ඇයි
බලදේවගේ ලෝකයක්
ගෙත්තම් නොවුණෙ කියලා...

මහේෂ්,
මට සැකයි
ලෝකය
යශෝරාවය ඈත් කරලා
බලදේවගේ ලෝකය කුඩු කරලා
දැම්මෙ ඇයි කියලා...

මහේෂ්,
මට සැකයි
මම ගැන
යශෝරාවයවත්
බලදේවවත්
නොදැකම
“අමා“ ලව අප්පිරියා වුණ
ගන්ධබ්බයෙක් වුණේ
ඇයි කියලා...

7 comments:

  1. රන්දුනු,
    මට දුකයි
    මම ගැන
    මේ නිමිත්ත වත්
    මෙහි තේරුම වත්
    දැනගැනීමට
    බැරි වීම ගැන....

    ReplyDelete
    Replies
    1. නොතේරුණ එක පුදුමයක් නෙවෙයි රන්දු..
      ම්...
      මහේෂ් රත්සරයන්ගෙ “හැම තාත්තෙකුගේම සිතුවිලි“ රස විදින අතරෙ එහි 69 වන පිටුවෙ මේ වචන මගේ අතින් සටහන් වෙලා තිබුණා.
      පසුව හිතුනා ඒක බ්ලොගයට ගේන්න..
      පෙරවදනක් හෝ පසුවදනක් නැතුව එහෙමම දැම්මා..
      පොත මා අතට පත් කළ ඔහුට හදවතේ ස්තුතිය පෙන්වන්න උවමනාව තිබුණත් ලියන්න තියෙන ලස්සනම විදිය හිතා ගන්න බැරි වුණ නිසා එහෙමම ගොළු වුණා...

      Delete
  2. කිව්වත් වගේ කොහේ ඉන්න මහේෂ් කෙනෙක්ද කියලා හිතා ගන්න බැරි උනා

    ReplyDelete
  3. සජානි කාලෙකට පස්සේ...?

    ReplyDelete
    Replies
    1. ම් ඔවු මනෝජ්.. ගොඩක් කාර්යබහුල වෙලා..පුළුවන් වෙලාවට එන්න වෙන්නෙ ඉතින්...:)

      Delete
  4. ඇත්තටම කාලෙකට පස්සේ නොවැ..
    සජානි මට නම් සැකයි
    මේ ලිව්වේ ඔබමද කියා....

    ReplyDelete
    Replies
    1. :) ම් ඇයි රොෂාන් එහෙම කිවුවෙ?

      Delete