Sunday, December 1, 2013
සීතලයි උදුවප්..!
උහුලන්න බැරි තරම්
සීතලයි උදුවප්
ඉපදුණ නිසා නෙවෙයි උඹ -
විසි හතර
ගොළු වුණ නිසයි මම -
සදහට...
කියවන කොට
මගේ කවි පෝලිම
දැනෙනවද උඹට රළු ගතිය
මතකයිද මන්දා
අන්තිමට මුදු වුණේ
මගේ හිත
දෙසැම්බර් මාසෙක වග
නපුරු ඇති මම!
නරක ඇති මම!
අහිංසක වුණ නිසා
ඉස්සරම දවසක...
පෑගෙන කොටත් දෙපයට
උන්නු නිසා හිනා වී ගෙන..
"වැරදීම" විසික් කර
පිස දා නොගත් නිසා
අත් දෙක..
දැනෙන්නෙත් නෑ ඇනුන වග -
පිහි තුඩග
උහුලන්න බැරි තරම්
සීතලම සීතලට
ගල් වෙලා හරි තදට
මුදු නෑ ඉතින් දැන් හිත!
මතකයිද මුල වචන ;
ඉපදුණ නිසා නෙවෙයි උඹ -
විසි හතර
ගොළු වුණ නිසා මම -
සදහට...
ගියා නම්
ගිය තැනක ඉන්නැතුව
රිද්දනවද මන්දා මම..!!
.
.
.
.
කොච්චර වුණත් තාමත්
රිදෙනවා මට
ඒ නිසයි ගෙතෙන්නේ
කදුළු හිම පත්තිරුව
සීතලම සීතල
දෙසැම්බර් මාසෙක...
Subscribe to:
Post Comments (Atom)
හ්ම්ම්ම් ,,,, දෙස්ම්බරයේ සීතල මතකයක් ලස්සනයි අක්කේ
ReplyDeleteගොඩක් ස්තුතියි අපූර්වි...සීතල මතක හැමවෙලේම උණුසුම් කවි උපද්දනවා...
Deleteලස්සන සිතිවිල්ලක්!! තව තව ලියන්න සජානි! අපි එනවා රස විඳින්න....
ReplyDeleteගොඩක් ස්තුතියි සදුන්....
Deleteහැමදාමත් වගේ ලස්සණ යි, සාජානි අක්කේ.
ReplyDeleteගොඩක් ස්තුතියි ධාරා...
Deleteදෙසැම්බර් සිතලයිලු නේ...
ReplyDeleteහ්ම්ම් හුගක් සීතලයි නලින් අයියා...
Deleteවෙනස් .... මරු ... :)
ReplyDeleteගොඩක් ස්තුතියි කසුන්...
Deleteමතක කියන්නේ පස්සෙන් පන්න පන්නා ඇවිත් රිදවන දෙයක්
ReplyDeleteම්ම් රිදවීම කියන්නෙ ආයෙ ආයෙ කවි බිහි කරවන දෙයක්..
Deleteකාලෙකට පස්සේ ආවේ සජානි උදුවප් සීතලට මමත් හරි අසායි.
ReplyDeleteඒකනෙ මනෝජ් හුග කාලෙකින්... ම්ම්....එන්න දිගටම ඉස්සර වගේ..
Deleteඋඳුවප් ඉවර වෙලා ,එ උනාට සිතල තවම තියෙනවා ..
ReplyDeleteලස්සනයි ,මල් 7යි
රිදෙනවා තමයි මට
ReplyDeleteනුඹ හිතට එන හැම වාරෙම
මගේ හිත තාමත්
පෑගෙනව නුඹේ මතකයට
උඳුවප් සීතලට
නුඹෙ උණුසුමේ ගුලි වෙන්න
ඇඟිලි ගැන ගැන හිටිය මට
ඇහෙනවා වගෙ දැනුත්
නුඹේ ඒ වචන පහ,
මම ගොඩක් කැමතියි ඒයි,එයාට...
ගොලු වුනේ මගෙ මුවයි
තනි වුනේ මගෙ හිතයි
නුඹට නැහැ කිසි ගානක්
එපා බොරු දුක් රැඟුම්...
උඳුවප් මහේ සීතලට
ගුලි වෙච්ච මගෙ හිතට
තවම නෑ උණුසුමක්
කොහෙද මේ වසන්තය
ආවෙ නෑ තාමත්
නාවත් කමක් නෑ
පුරුදුයි දැන් සීතල...