![]() |
අන්ත පිරිසිදු වතුර බිදුවක
පැහැය ගැන මං හොයනවා
ඒත් වැහි බිදු බිමට වැටුණ ම
බොර වතුර සිප ගන්නවා
උඹ දන්නෙ නැහැ තාරුකා
බහ දෙන්න බැරි කාරණා
සිප ගන්න හරි චේතනා
මට දෙන්න බැහැ මාලිමා
ඇත්ත උඹ මට කියන කාරණ ;
තිත්ත දිවියකි - මටම පෑහෙන
දුන්නකින් මග ඇරුණු
ඊ හිසකි මට දුන්නු
ජීවිතේ මට කුමට -
නවතින්න දැන් කරුණු
ඇස් දන්නෙ නැහැ වේදනා
හංගන්නෙ නැහැ චේතනා
මට දෙන්න බැහැ තාරුකා
උඹෙ ලොවට ඒ මේඝනා..
මට දෙන්න බැහැ තාරුකා..එක ඇත්ත..ඉර හද දෙනවා කියලා බොරුවට පොරොන්දු වෙන අයට හොඳ අදහසක්...
ReplyDeleteහිතේ තෙරපි තෙරපි තිබ්බ අදහස් ගොඩක්.....
ReplyDeleteහ්ම් අපූරුයි සාජා අක්කේ... ටිකක් විතර මංජුල වෙඩිවර්ධනගේ ශෛලිය දැනුනා... අවසානය හරිම ලස්සනයි-මට දෙන්න බැහැ තාරුකා,උඹෙ ලොවට ඒ වේදනා
ReplyDeleteස්තුතියි වර්ෂා...:)
Deleteහොඳ ගෙත්තමක් වැනි කවක්
ReplyDeleteස්තුතියි නලින් අයියෙ :)
Deleteඅපුරුයි ඊට වඩා දෙයක් කියන්න දන්නේ නැත.
ReplyDeleteස්තුතියි මනෝජ්.. :)
Deleteබොක්කටම වැදුනා
ReplyDeleteස්තුතියි සිතුම්...:)
Deleteමොකක්ද ප්‍රශ්නේ කියලා තමයි ප්‍රශ්නේ...:D
ReplyDeleteහෑ...:D
Deleteහරි ලස්සනයි නමුත් ව්‍යංගාර්ථයෙන් කියන්න යන දේ තේරුම් ගන්න අමාරුයි
ReplyDeleteම්....ස්තුතියි යාලු...:)
Delete