Thursday, November 8, 2012

" රන් පිගාන ලෙස වටකුරු
  දිලිහි දිලිහි තියෙන අයුරු                                 
  හඳ හාමියෙ හඳ හාමියෙ

  - කිරිත් පැණිත් එපෝ එපෝ "

මතක ඇති දවසෙ ඉදලා
ගෙයි සන්තකයටම තිබුණෙ
එකම එක
පිගානයි...

නංගිටයි - මටයි - අම්මටයි.

ඒත් ඒ රත්තරං...

සින්ඩරෙල්ලාගෙ වසිලිස්සලාගෙ
කතා මැදින්
නංගිටයි මටයි කවන අතරෙ
අම්මටත්

කටක්... 
දෙකක්...

නංගිගෙ හිනාව යි
අම්මගෙ ආදරෙ යි
මගෙ කතා පෙට්ටිය යි

අපි තුන් දෙනා එකතු වෙන තැන
රත්තරං වුණේ
එහෙමයි..

කාලා නැතත් - කිරි පැණි
කියතෑකි
අපේ අම්මගෙ බත් කට
රහයි කියලා
ඊට වඩා

5 comments:

  1. සුදු නෝනල ඇවිත් බෙදන
    රස මසවුළු නැති උනාට
    පැලේ උණුහුමට තුරුල් වෙලා
    බඩ නොපිරෙව්වත් හිත පුරවන
    ඒ බත් කට තමයි රසම

    ReplyDelete
  2. ස්තූතියි යාළුවගෙ ලස්සන පද වැලට..

    ReplyDelete
  3. අයියයි මමයි අම්මයි....

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා හසන්ත මේ පැත්තට...

      Delete
  4. අමරතුංග අක්කේ එස් මහින්ද හිමි ලියූ රන් පිගාන ලෙස වටකුරු කවියත් දාන්න

    ReplyDelete