Wednesday, January 16, 2013

සින්ඩිගේ දින පොත 03 පිටුව.

                                     සින්ඩි සෙම්ප්‍රතිශ්‍යාවට බෙහෙත් සොයා ගනී 02.


පසුගිය කොටසින්....

                  http://kalusudu-nimthera.blogspot.com/2012/12/01_30.html  



    සින්ඩිගේ ජිල්බාලිස් මැණික් ගල අල්ලපු කරාබුවට මොකද වුණේ?

                                                       අපි දැන් පොඩ්ඩකට සින්ඩිගේ විත්තිය අමතක කරලා සින්තටියා දේශයට පියාඹලා යමු. මේ කොටස අවසන් වෙන කොට සින්ඩිගේ කරාබුවට මොකද වුණේ කියලාත් අපිට දැන ගන්න පුළුවන් වේවි...
                      
                                     සින්තටියා දේශය පිහිටලා තියෙන්නෙ සිංහ දේශයට ටිකක් උඩින්. උඩින් කියලා කිවුවාම ඒක ටිකක් පැහැදිලි මදි ‍වගේ නෙ. ම්... මං මෙහෙම කියන්නම්කො. අපි හැමෝම දන්නවානෙ තට්ටු තට්ටු උඩට ගහපු ගෙවල් ගැන. අන්න ඒ වගේ තමයි සිංහ දේශයට උඩිනුත් සින්තටියා දේශය පිහිටලා තිබුණෙ. හැබැයි තට්ටු ගෙවල්වල උඩ තට්ටුවයි යට තට්ටුවයි සම්බන්ධ වුණාට මේ රටවල් දෙක එහෙම සම්බන්ධ වෙලා තිබුණෙ නෑ හොදේ... හරි දැන් සින්තටියා දේශය ගැන බලමුකො..
                                    සින්තටියා දේශයේ රජතුමා තමයි සින්ත්‍රාට් කියන්නෙ. එයාගෙ දේවිය බාබරාසි. මේ දෙන්නා බොහොම ආදරෙන්, සතුටෙන්, සාමයෙන් තමයි කල් ගෙව්වෙ.
                                     සින්ත්‍රාට් රජතුමා ලොකු බඩක් තියෙන කොට රජතුමෙක්. එයා සතුටින් ඉන්න වෙලාවට හරිම කරුණාවන්ත යි. ඒ වෙලාවට සින්තටියා දේශයේ රජකම කාට හරි පරිත්‍යාග කරන්න වුණත් සූදානම් තරමට එයා සැහැල්ලුවෙන් ඉන්නෙ. හැබැයි රජතුමාට කේන්ති ගිය වෙලාවට නම් මකරු හත් දෙනෙක් එක කටට ගිලලා දාන්න පුළුවන් තරමටම නපුරුයි. භයානකයි. 
                                 දැන් ඉතින් ඔයාලාට ප්‍රශ්නයක් වෙලා ඇති සතුටින් ඉන්න වෙලාවට රජතුමා තමන්ගෙ රජකම පරිත්‍යාග කරන්න වුණත් සූදානම් නම් කොහොමද මේ තරම් කාලයක් සින්ත්‍රාට් රජතුමා සින්තටියා දේශයේ රජකම් කළේ කියලා..ඒ ප්‍රශ්නෙ මටත් මතු වුණා.. එක්කො රජතුමාව සතුටු කරවලා මේ දේශය තමන්ට පවරා ගන්න ඕනි කියන අදහස මේ වෙනකල් කාටවත් ඇවිත් නෑ. නැත්නම් මෙච්චර කාලෙකට රජතුමා සතුටින් ඉදලාම නැත් වෙන්න ඕනි..



                                                          

                                       මේ ප්‍රශ්නෙට විසදුම තියෙන්නෙ බාබරාසි දේවිය ගාව. ඇත්තටම රජතුමා සතුටින් ඉදලා තියෙනවා. ඒ වගේම ඒ වෙලාවට සමහරු සින්තටියා දේශයේ රජකම ලබා ගන්නත් ඉදිරිපත් වෙලා තියෙනවා. හැබැයි බාබරාසි දේවිය හරිම නුවණක්කාරයි. එයා මේ වෙනකල් කාටවත්ම තමන්ගෙ රජතුමාව අයින් කරලා වෙන කෙනෙකුට රජකමට පත් වෙන්න ඉඩ දුන්නෙ නෑ. කවදාවත්ම ඉඩ දෙන එකකුත් නෑ. එහෙම තමයි නුවණක්කාර බිසොවුන් වහන්සේලා...
                                      සින්ඩිගෙ කරාබුවට මොකද වුණේ කියලා දැන ගන්න නම් අපිට තවත් කෙනෙක්ව අදුර ගන්න වෙනවා. ඒ තමයි සින්ත්‍රාට් රජතුමාගෙ කොණ්ඩෙ කපන කරණවෑමිතුමා. මෙයා රාජකීය කොණ්‍ඩා කපන්නෙක් උනාට හරිම බයෙන් තමයි තමන්ගෙ රාජකාරිය කළේ. මොකද රජතුමාගෙ කොණ්ඩෙ කපන්න ගිහින් කනක්වත් කැපිලා ගියොත් රාජ උදහසට ලක්‍ වෙනවානෙ. එහෙම වරදක් සිදු වුණොත් දඩුවම කොතනින් කෙළවර වෙයිද කියලා හිතා ගන්නවත් බෑ. ඒ හන්දා රාජකීය කරණවෑමියා බොහෝම පරිස්සමෙන් හෙමීට එක කොණ්ඩ ගහ ගානෙ වගේ අල්ලලා තමයි රජතුමාගෙ කොණ්ඩෙ කැපුවෙ.
                                    ඔන්න 22වෙනි අගහරුවාදාත් කරණවෑමියාට රජතුමාගෙ කොණ්ඩෙ කපන්න නියම වෙලා තිබුණ දවසක්. ඉතින් කරණවෑමිතුමා උදෙන්ම නැගිටලා හත් පාරක් මූණ හෝදලා පිරිසිදු වෙලා
රජතුමා ගාවට ගියා. රජතුමාත් කරණවෑමියාව බලාපොරොත්තුවෙන් කොණ්ඩෙ කපා ගන්න සූදානම් වෙලා තමයි හිටියෙ........

(පිටුව දිග වැඩි වෙන කොට කියවන්න පොඩි කම්මැලි ගතියක් දැනෙන්න පුළුවන් නෙ. ළමයි කම්මැලි වෙන්න හොද නෑ හොදේ. ඒත් කමක් නෑ මම ඊළග කොටස ඊළග පිටුවෙන් දාන්නම්. සින්ඩිගෙ කරාබුවට මොකද වුණේ කියලා තාම දැන ගන්න බැරි වුණාට පොරොන්දු කඩ කළා කියලා හිතන්න එපා. ඒකත් ඊළග කොටසදි කියවන්න
බලමු...)

19 comments:

  1. බලමු ඊළඟට මොනවද වෙන්නේ කියලා ........... ඩී

    ReplyDelete
  2. ඊ ළඟට මොකෝ උනේ...? කණ කපල ද?

    ReplyDelete
  3. අද තමයි කුළුදුලේ මේ ඉසව්වට ආවෙ...සියල්ල කියවාගෙන ආයෙත් දවසක එන්නම්...ජය !

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා...ආයෙම එන්න..:)

      Delete
  4. ඈ.. සින්ඩි කියන්නෙ කවුද එතකොට ?????

    ReplyDelete
    Replies
    1. හි හි හයියු යසිත් 1 වෙනි කොටස බැලුවෙ නැද්ද???

      Delete
  5. අනේ සින්ඩිගෙ කරාබුව සිංහ දේශෙට වැටුනද දන්නෑ පවූ සින්ඩි... :(

    ReplyDelete
    Replies
    1. හි හි බලමු එයා ඒක හොයා ගනී...

      Delete
  6. අද තමයි කොටස් දෙකම කියෙව්වේ........ ලස්සනට ලියලා.... හැබෑට කරාබුවට මොකෝ වුනේ.... ඊලග කෑල්ල ඉක්මනින් දාමු බලන්න.

    ReplyDelete
    Replies
    1. මේ දානවා සමනලී... දිගටම කියවන්න...ස්තූතියි..!!

      Delete
  7. කොහෙන්ද බං මේ නං ටික හොයාගත්තේ

    ReplyDelete
    Replies
    1. හි හි හිතෙන එව්වා තමයි අනේ... :)

      Delete
  8. හා හා පොරොන්දු කඩන්න හොඳ නෑ ;)

    නියමයි ආ,ඊළඟ කෑල්ල තවත් රසවත් ඇති නේද :D

    ReplyDelete
    Replies
    1. කියවලාම බලමුකො රසවත් ද කියලා.. :) :)

      Delete
  9. මේ කොටස මං කියවල නෑනේ. සොරි වෙන්න ඕනේ. ඔන්න දැන් කියෙව්වා... :)

    ReplyDelete
  10. ටික දවසකින් එන්න බැරි උන නිසා මට පලවෙනි කොටසත් මගඇරිලයි තිබුනෙ…
    මේක කියවනකොට මට මතක් වුනේ Roald Dahl ගෙ පොත් සෙට් 1…
    ඒ වගේමයි.....හරිම අපූරුයි සාජානි……

    ReplyDelete