Friday, January 25, 2013
පොඩි වුන්ගෙන් හෙන අපලයි....
අනංගයාට කරගන්නට වැඩක් නැතුව මේ දිනවල
කැරකෙනවාලු පොඩි වුන් ළග මල් දුනු හී වැහි අරගෙන
4ක් 5ක් දැනටත් ගොඩ දා ලා ය
බුකියෙත් හැම තැනම ආලය පෙර ලා ය
මං නැති දොහට මට ඌ කෙල කර ලා ය
පන්තියෙ හැම තැනම මොනවද කියලා ය
මලයෙක් නිසයි පෙර දුන්නේ හිනා වා
අක්කෙක් නිසයි මූ දැම්මේ පනා වා
පොඩ්ඩෙක් නිසයි මා දුන්නේ සමා වා
අඩේ - ඒ හන්ද ද මට ආයෙත් පනා වා
වයසින් අඩු වුණත් වැඩ නම් අප්සෙට් ය
ගේමට බැහැපු මූ යන පාටක් නැති ය
පොඩි වුන් කියා දැන් නම් බලලා බැරි ය
කෙලවෙන්නට වැඩක් දෙන්නම වෙනවා ය
* * * * * *
පුංචි උන්ගෙ ලෝකෙට මං ආස කරන නිසා
ටිකකට උන් එක්ක ඉන්න 6 වසරට ගියා
පන්තිය දෙබෑ කළ පොඩ්ඩෙක් දුටුවෙමි ය
සද්දය මොකද ඔය තරමට ඇසුවෙම් ය
ඊළග තත්පරේ පිළිතුර ලැබුණේ ය
මං නැවතුණේ ගවු ගානක් උඩහින් ය
මේ කට මගේ ගෙදරින් මට ආවා ය
අපෙ අක්කගේ කට මීටත් වැඩිවා ය
කණ ගාවින්ම මූ බෙරිහන් දුන්නා ය
පුංචි එකා මට තරවටු කෙරුවා ය
* * * * * *
නිවාඩුවට මං ළගකදි අත්තම්මගෙ ගෙදර ගියා
පොඩි මාමාගෙ පුංචි කෙලිත් ඒ වෙලාවෙ එහෙ ආවා
වඩා ගන්න මට කරදර කෙරුවා ය
කෙල්ලව අරන් රවුමක් කැරකෙව්වා ය
විසි කරනා බවට මම සැර දැම්මා ය
කෙල්ලට තද වෙලා එළියට දිව්වා ය
මඩ ගෙන ඇවිත් ඇදුම පුරා ගෑවා ය
එක පිට එකට ගුටි ගණනක් දුන්නා ය
කොළ රොඩු ගෙනත් මගෙ ඔලුවට හැලුවා ය
කෙළ විතරයි තිබුණෙ ඒවත් ගැහුවා ය
එපා කියා කීවට වැඩකට නැති ය
කාමරයට ගිහින් දොර ලොක් කෙරුවෙමි ය
කෙල්ලගෙ මූණ රතු වී ලේ පිරුවේ ය
නලවන්නට වුණෙත් අවසානෙට මට ය
Subscribe to:
Post Comments (Atom)
වැඩිය පොඩි එවුන්ව මුලිච්චි වෙන්නැතුව ඉන්න එහෙනං මේ දවස්වල..!
ReplyDeleteඒක තමයි වර්ෂා... :)
Deleteහික් මදැයි වෙච්චි දේ.මන් නම් කැමති ඉස්සෙල්ලම සිද්දියට :)
ReplyDeleteහි හි ආ මං දැක්කා නිශාන් මල්ලි මුල් සිද්ධියට කැමති වෙන්න හේතුව... :)
Deleteඒක දැන ගන්න කැමති අය මෙන්න මෙතන බලන්නකෝ..
http://sinhalaya-lokayata.blogspot.com/2012/12/My-loves.html
අනේ අනේ..මෙහෙමත් අපල.පොඩි අයට මාත් ආසයි.වදයක් වෙනකොට තමා එපා වෙන්නේ..
ReplyDeleteඒකනෙ රොෂාන්.. පොඩි ළමයි වුණත් වදයක් වෙන කොට එපා වෙනවා..
Deleteහිකිස්.. ෆෙස්බුකිය පැත්තේ ගෙහුං කාලද කොහෙද.....
ReplyDeleteෆේස් බුකිය පැත්තේ ගිහිං මේ අක්කා
කෑ ගහලම රිදෙනවා ඇති ඔය හක්කා
බුකියේ හිටපු පොඩි උන්දැලා ටික දක්කා
එනවා මෙතන මොර දී ගෙන මේ අක්කා
CSK LANKA
හි හි... ඕන්න කිවිවා ඉතින් මෙයා.. :)
Deleteනියම කවි ටික අප්පා..හිනා වෙලා පන ගියා
ReplyDeleteස්තූතියි සයුරි.... :) :)
Deleteමටත් පොඩි උංවනං පේන්න බෑ...
ReplyDeleteපොඩි ළමයි නැති ලෝකෙක ලොකු වෙලා ඉපදේවා කියලා හිතෙන්නෙ අර වෙලාවලට තමයි...:)
Deleteමං නම් පොඩි කාලෙ ඉදන්ම පොඩි උන්ට ආසයි. ඒ නිසාමද මංද මොනව කලත් ඉවසගෙන හිටියැහැකි. ඒත් දැන් ගෙදර නැති නිසා ගමේ පොඩි උන් මාව අදුනන්නෙත් නෑ :(
ReplyDeleteකෝකටත් පාස්සමෙන් ඉන්න වෙයි හලිද :පි
:) :) :)
Deleteහි හි දැන් පොඩි වුන් හරි කට්ට කෛරාටික වැඩ හලෝ කරන්නේ ..
ReplyDelete:)
ඒකනෙ රෙහානි... :) :)
Deleteනියම කවි ටික :D
ReplyDeleteමං හරිම ආසයි මේ වගේ කවි වලට. :)
ස්තූතියි සමී... :D
Deleteහික් හික්... දැං ඉන්න පොඩි උන් මේ වයසක අපිට වඩා අන්තයි..
ReplyDeleteහි හි අලේ යසිත්... "වයසක" ??
Delete:) :)
This comment has been removed by the author.
ReplyDeleteආයෙ වරද්ද ගන් නෑ හොදේ....
Deleteඕකේ මැඩම් :D සොරි මැඩම් :p
Deleteනංගිලා වගෙම සම වයසේ කෙල්ලෝ
ReplyDeleteඑක්කලා හිනාවක් දැම්මම කොල්ලෝ
ගස්සලා බලයි දැක්කා වගෙ බිල්ලෝ
අක්කලාට ඒකයි පැණි හැලුවෙ මලෝ ;)
................................................
මගෙ සුදු කලිසමේ විසි කර මඩ පුල්ලී
බටු ඇට දෙකක උස ඇති ප්රයිමරි මල්ලී
මං පහු කරන මඩ වලකට පැන හෙල්ලී
ඇහුවා ඉතින් තමුසෙට පිස්සුද මල්ලී
ගැස්සුන නමුත් ඒ වග සැඟවූ කොල්ලා
කට ඇද කර දිව එලියට ඇද හොල්ලා
පල සමනලයො යන්නැයි කියමින් ඉල්ලා
ආයෙත් වලට පැන ඌ හයියෙන් දිව්වා
කට ඇරපු මෝඩ කම කියල හිතුන :p
හෙහ් හෙහ්..බඩ අල්ලන් හිනා වෙන්ඩ ඇහැකි..නියමයි ආ :D
මේ කට මගේ ගෙදරින් මට ආවා ය
අපෙ අක්කගේ කට මීටත් වැඩිවා ය
කණ ගාවින්ම මූ බෙරිහන් දුන්නා ය
පුංචි එකා මට තරවටු කෙරුවා ය
අපි තාම නොකරන ඒව උන් දැන් හයේදි හතේදි කරනවා :v
ඒ මදිවට බලන්ඩ එපැයි දෙන පොර ටෝක්ස් :p
ෆොටෝස් ටිකත් මරු ;)
:D :D පට්ටයි ....සිරාවට මචං මේ කාලේ පොඩි උන් එක්ක මොකොවත් කරන්න බෑ ...හරිම දරුණුයි ..:))))
Deleteනියමයි ඉසුරු ආ.... ස්තූතියි...
Deleteඒකනෙ කසුන් සහෝදරය කියන්නෙ,මාර භයානකයි :D
Deleteහෙහ් හෙහ්..සජාටත් තව තව බාල්දිම වැටෙන්ඩ ඕනි ඉතින් අපිට තව හොඳ හොඳ කවි බලන්ඩ ;)
නියම කවි ටික.. :) දැන් කාලේ පොඩි එවුන් නම් නාහෙට අහන්නේ නෑ තමයි... ඒත් අපිත් පොඩි කාලේ දඟයිනේ.. :D
ReplyDeleteස්තූතියි උදයංග... ඒක ඇත්ත තමයි.. :) :)
Deleteපොඩ්ඩ උනත් ඔයා මොටද දැම්මෙ පනා
ReplyDeleteදැම්මා නම් ඉවසාපන් උගෙන් පනා
අර දුන්නත් උස්සන් දැන් අනංගයා
අප්සට් ප්ලේස් වලටම දැන් විදින්නියා
පොඩි උන්ගෙන් නම් සැරටම අපලයි වගේ…
අර පොඩි එකාට ගෙමක් දුන්නද ඉතින්..?? :P
කවි හැකියාව නම් ඔයාගෙ ඉහලයි හොදේ..නියම කවි ටික…උපරිමයි (Y)
හි හි විභෂ්....
Delete//අර දුන්නත් උස්සන් දැන් අනංගයා
අප්සට් ප්ලේස් වලටම දැන් විදින්නියා// මේක නම් 200% ම ඇත්ත...
කෝ ගේම දෙන්න බැරි උනානෙ.. :P
ස්තූතියි විභෂ්.... :) :)
පලවෙනි එකා මගෙ ජාතියෙ එකෙක්. :P
ReplyDeleteඑහෙම කරන් එපා මේ දැක්කනෙ අක්කලාට කේන්ති යන හැටි... :)
Deleteපොඩි එවුන් එක්ක ලේසි නෑ දැන්.. වෙලාවකට කියන ඒවාට අපිට කට උත්තර නැති වෙනවා.
ReplyDeleteඒකනෙ චන්දන.. අපි ඉගෙන ගෙන තියෙනවා මදි එයාල එක්ක තර්ක කරන්න...
Deleteහි හි හු ... :D සිරාවටම එල නියමයි ..!
ReplyDeleteහි හි ස්තූතියි කසුන්...
Deleteපොඩි උන් හුරතල් නම් තමයි මම කැමති...
ReplyDeleteඒකනෙ සිරා... හුරතල් ළමයින්ට නම් මමත් ආසයි...
Deleteහායි අක්කෝ.......මං ආ.......වා..........
ReplyDeleteඩැන් එටකොට මං බබීට අක්කි බබා ආස වෙයිඩ නැඩ්ඩ.......:O
අක්කි බබා සූටි බබාලාට ආදරෙයි...හැබැයි දග කලොත් ගහනවා.. :) :)
Deleteසාදරයෙන් පිළිගන්නවා අග්නි මේ පැත්තට ඔයාව... :D
මොකටද සාජෝ පොඩි අයට උනත් පනාව දාන්න ගියේ?????
ReplyDeleteපොඩ්ඩක් පරිස්සම් වෙලා ඉන්න එපයැ අපල හින්දා....!!!
හරිම ලස්සන කවි ටික සාජානි...හොදට හිනා උනා... :):)
හි හි ඒකනෙ ශානි... මීට පස්සෙ ලොකු අයට මිසක් පොඩි අයට නම් පනාව දාන් නෑ ඔන්න.. හි හි..
Deleteස්තූතියි ශානියෝ....:)
podi podi lamai hemathena daga karana heti
ReplyDeleterasa kara kara liwwath un samaga geti
saja nisa apihata wetenaa mutti
apinm danii oba nodanii obage heti
sashyooo....
Deletedaanawa kiyaa rasa karalaa comentuwa
kanawa neda mage okkoma karattuwa
thoo ketuwoth mehewu ewwa aaye bola
ammapa man gannawa mai thuwakkuwa...
comment damannai kiala balakarala
ReplyDeletekata ada kra thola hapala orawala
comment nodemmoth tharahawa agawala
hamu u wita hadai kannata maa marala
onna demma sajaniyo commentuwak
meka balala ganna epa thuwakkuwak
'api denna yalui'kiya podi gathiyak
set unu witeka gahamuko api hoda adiyak
බලපල්ලකෝ මේ කෙල්ලන් කරන වැඩ
Deleteහොඳ අඩියකට එලි පිට සැරසෙනා හැඩ
තනියම ගැහුවොතින් අපි දානවා ලෙඩ
කෙල්ලනි තවත් ඇත අඩියට කැමති නඩ ;) ;) ;)
:) :) :) හි හි හයියූ ටිමල්....
Deleteසෂියෝ...,
රහමෙර තියෙයි නම් අපි හොද මිතුරන් ය
තනියම වැඩේ කර ගන්නට බැරි හැඩ ය...
(ටිමල්, සෂි කවි ටික නියමයි ආ...)
This comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteSaajanige kavi tika nam ela kiriya
ReplyDeletehina wela mage hakkath ridenawaya
anith ayage cmnt tikath tharu 5ya
podi lokkange wada kawadath hurathalya
kavi pambadinna oba hata bala labewa
apatath kiyawanna ida kada labewa
dahasak commentuth mehi tawa watewa
gal bothalekata set wenna hetawath labewa
හසන්ත,
Deleteමෙවදන් මගේ ගමනට ලොකු හයියක් ය
හද පිරි මගේ ස්තූතිය පුද දෙමි ය :)
සෂී, ටිමල්, හසන්ත...,
මෙව්වා ඇහුනොතින් ගෙදරට අපි සුන් ය
රහසින් කතා වී සෙට් වෙන එක හොද ය.. :D
//මේ කට මගේ ගෙදරින් මට ආවා ය
ReplyDeleteඅපෙ අක්කගේ කට මීටත් වැඩිවා ය//
උගෙ අක්කා ගැනත් හෙව්වොත් අගනේ ය
මග තොට දැක්කොතින් මග හැර යන්නේ ය
අක්කා ගැනම ඇයි මෙයාට මතක් වුණේ
Deleteඅහ ගන්නවත් හිතිලද හොදවයින් හනේ..... :O :D