Thursday, April 18, 2013


මහ රෑක 
හැඩ බලමි ;
දවාලේ
ගහේ උන්
පරෙවි ජෝඩුවකගේ
මුණු මුණුවෙන්
ගිලිහිලා 
ඇද වැටුණු
අකුරු පේළියක..



13 comments:

  1. මුණු මුණුවේ සැගව ගත්
    සොදුරු වූ ඒ කවිය
    නුබ හඩින් අසන්නට
    අකැපයිද අපට අද

    ReplyDelete
    Replies
    1. :)
      ඇස් පියා කන් යොමා
      හිදිද්දී බලා ගෙන
      ඇසේවි ය ඒ කවිය
      හීනියට ගැයුම් දෙන....

      Delete
  2. මුණු,මුණුවේ සැගවුන
    ඒ අකුරු පේළියේ අරුත
    කියනු මැන කොදුරා
    සවන් පත් මතට සෙමින් මුමුණා..........

    ReplyDelete
    Replies
    1. :)
      අසා ඉදිනෙමු සොදුරු කවි පද
      මියුරු සරින් මුණු මුණුව
      ගැයුම් දෙන....

      Delete
  3. මට ලොකු ප්‍රෂ්ණයක්....'
    ඇයි කිසිම පෝස්ට් එකකට මාතෘකාවක් යොදන්නෙ නැත්තෙ ?

    ReplyDelete
    Replies
    1. යසිත් අයියට වෙන කිසිම ප්‍රශ්නයක් නැද්ද උත්තර හොයන්න? ඒක මට ලොකු ප්‍රශ්නයක් ;)

      Delete
    2. @යසිත් - ම්ම්....සමහර කවි වලට මං තේමා දුන්නොත් රස විදින්න බාධාවක් වෙයි කියලා හිතෙනවා...:)

      @ධාරා - හි හි ඒකනෙ ධාරා බලන්නකො යසිත්ට තියෙන ප්‍රශ්න...:)

      Delete

  4. කවි පේලියේ
    මතු වුණු පදයක
    සැඟවුණු අරුතයි
    අපේ මුණු මූණුව..

    අපි නැති ටිකට බ්ලොග් ලෝකේ වෙනස් වෙලා, අලුත් වෙලා!!
    අගේ ඇති තැනක් නෙව!

    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි රැංගෝ.....
      නුඹටත් ජය....!!

      Delete
  5. Replies
    1. ගොඩක් ස්තූතියි දෙව්මි.....

      Delete