Tuesday, May 21, 2013

ඉඩ දියන් මට ඉන්න

                                                                      lecture hall එකේ දී...

                                                                      'රෝම නීතිය' දේශනය
                                                                      කන් දෙකේ
                                                                      පුපුරු ගසන අතරතුර..,


ඉඩ දියන් මට ඉන්න

මුහුදු රැළි කෑ ගහන
වැල්ල උඩ ගල් බැම්මෙ
දෙපා නිදහස් කරන්...

ඉඩ දියන් මට ඉන්න

සෙනග ඇහිරුණ දිනෙක
දුම්රියේ අවසාන - පුවරුවේ වාඩි‍ ගෙන
කෙහෙරැල්ල අකීකරු
හුළගකට යා කරන්...

ඉඩ දියන් මට ඉන්න

මහා වැහි ඇද හැලෙන
තෙත බරිත දවාලක
හෙවනකට ගුලි නොවී
අයාලේ ඇවිදිමින්...

ඉඩ දියන් මට ඉන්න

ජීවිතේ සත් පැහැය
දේදුන්න විද ගන්න
නුඹේ ඇස් දෙක තුළට 
එබී ගෙන කිමිදෙමින්...


11 comments:

  1. දුම්රියේ පා පුවරුවේ කැල්ල මට තදින්ම දැනෙනවා.අමුතුම ආරක කාව්‍යයක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලින් අයියෙ...

      Delete
  2. ඇත්ත ගොඩක් දේවල් අපිට අහිමි වෙලා

    ReplyDelete
  3. ඉඩ දියන් මට ඉන්න

    ReplyDelete
  4. ජිවිත ගමන් මගේ
    ලගින් සිට ගන්න නුබේ
    ඉඩ දියන් මට ඉඩ දියන්.....

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. පැය ගානක් ජීවිතේ කියල දුන්නු,නිදහස දුන්නු

    මුහුදු රැළි, වෙනදටත් වඩා හයියෙන් කෑගහල කතා කරයි...,
    කෝච්චි ගාල බලාගෙන ඉදි එනකල්,බංකු රත් කරන්න නෙවෙයි ජීවිතේ ඉගෙන ගන්න කියන්න....
    ගොඩක් වහී,හැමදාම නොතෙමුනට තෙම්මන්න නෙවෙයි,පායනකොට නවතින්නේ නැති තැන් වල නවත්තන්න..

    ආයෙත් දවසක් එයි,ජීවිතේ මොහොතක් හරි සතුටින් ඉන්න.....

    ReplyDelete
    Replies
    1. "..හැමදාම නොතෙමුනට තෙම්මන්න නෙවෙයි,පායනකොට නවතින්නේ නැති තැන් වල නවත්තන්න.." ලස්සනයි අනී....

      Delete