Friday, May 31, 2013

















ඔරව ගත් නෙතු බිමට රවනා සන්දියේ
දෙපා කඩිසර ගමන් දුවනා මාවතේ
හිනා කදුලක් දකින්නට නැති පුරවරේ
සත්තකයි මට වෙහෙස දැනුනා ජීවිතේ...

ගමට වඩිනා ඉර නොවේ මේ පුරවරට වඩනා
කිසිම ලෙංගතුකමක් නැති සද කවුළුවෙන් රවනා
හීන පොදි බැද ගෙනා කවරය ලිහී බිම වැටුනා
සිහිල ඇති යයි සිතූ තැනකත් දාහයෙන් දැවුණා....


12 comments:

  1. වෙහෙස දැනෙනා ලෝකයේ
    එකම නිම්සල ආදරේ
    ඒ සිහිලසත් දාහයක් වේ නම්
    දුකක්මද මුලු ජීවිතේ???

    ReplyDelete
    Replies
    1. :) ලස්සනයි වර්ෂා ඔයාගෙ වචන...

      Delete
  2. වෙහෙස දැනෙන එක නවත්තන්න බෑ. එකමයි මේ වගේ ලස්සන අදහස් තියන තැන්වලට ගොඩ වෙන්නේ

    ReplyDelete
    Replies
    1. :) ඒක ඇත්ත සහ ස්තුතියි පුමා...

      Delete
  3. වෙහෙස දැනෙන එක නවත්තන්න බෑ. එකමයි මේ වගේ ලස්සන අදහස් තියන තැන්වලට ගොඩ වෙන්නේ

    ReplyDelete
  4. ලස්සනයි...
    අන්තිම පදය කියවනකොට මර්වින් පෙරේරා මහත්තයගේ සිංදුවක් මතක් උනා අප්පා....:)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝජ්....
      මොකක්ද අනේ ඒ සිංදුව...:)

      Delete
    2. කතරක තනිවි ඔබ යන අයුරු පෙනි,පෙනි.
      "හිම සීල මුදුනත සිටියත් මහද ගිනි ගනී"
      ගිම්හානය පැමිණි එක් තැනම නොම රැදේ
      පැමිණෙන දුක් පැණි රස බව නොසිතුවේද යලි...

      Delete
  5. හ්ම්ම්... ඒක තමයි ජීවිතේ කියන්නෙ..........

    ReplyDelete