Tuesday, August 20, 2013

කල්පනා..


කල්පනා කරන කොට
සියක් වර
විසික් වෙයි හැගුම් බර
සියොත් කැල
වසක් නම් නෑ තවත්
විසක් මිස
මසක් වුව ගෙවී යයි
නොදැනීම...

හදිසියෙන් පාර පනින කොට
යටවෙලා රෝදෙකට
චප්ප වුණා එළිවැට
ගැස්සුනා කවි හිත
ඇද වුණා අකුරු පේළි
මන්ද හාසයක් නම්
නෑ මෙතන
අනුප්‍රාසය විතරයි ඉතිරි
තැනින් තැන

දිග අරින්නවත් බැරි විදියට
දූලි වෙලා හැඩය
දෝෂ කියන්න වුණත්
තාලයක් එපැයි කවියට

මොන මගුලක්ද
විසික් කරලා දාපන්
ඔන්න ඕක...


17 comments:

  1. යවහන් දොස් නැති, විරිතකින් යුක්ත, එලිසම කවියකට වඩා සමහර වෙලාවට කිසිම ගැලපුමක් නැති නිසදැස ප්‍රබල වෙනවා නේද ඒ උනාට??

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මම නං එච්චර ආසා නැ සමියෝ නිසදැසට

      Delete
  2. මොන මඟුලක්ද..
    විසික්කා නොකර
    තව ලියාං...

    ReplyDelete
    Replies
    1. ම් තරියා...ඔය කිවුවට ඉතින් විසික් කරන්නෙ කෝම ද..:)

      Delete
  3. නිසදැස්,කවි,පද්‍ය,ගද්‍ය කියලා වෙනසක් නැහැ මටනම්
    රස විදින්න හැකි ඕනම දෙයක් රස විදිනවා...:)

    ReplyDelete
  4. හා හා ... විසික්කා කොරනවා එහෙම නෙවෙයි

    ReplyDelete
  5. තාලයක් රැක ගන්න
    එලි වැටට හිරවෙච්ච
    කවියකට අහිමි අර්ථ රස...

    දකිමි කවියක
    අයාලේ ලියුන
    සිතුවිල්ල ඒ ලෙසම
    වදන් වැලකට නැගුන...

    ReplyDelete
    Replies
    1. අපූරුයි චම්මා..ස්තුතියි..:)

      Delete
  6. එළිසමය තාලය අනං මනං අතෑරලා දාලා..,
    මම කැමතියි මෙ සිතුවිල්ලට. :)

    ReplyDelete
  7. අද තමයි ඔ‍බේ කවි අදහස් කියවන්න එන්න ලැබුණේ. හරිම ලස්සන නිර්මාණ ටිකක්. අපේ කවි බ්ලොග් එකෙනුත් ලින්ක් එකක් දුන්නා. දැන් හැම කවියක් ම කියවන්න පුලුවන්නේ.

    අපි කුරැටු ගෑ ගී පවුරෙන්

    ReplyDelete
    Replies
    1. :) ගොඩක් ස්තූතියි ගී පවුරට...

      Delete