Monday, August 12, 2013





















දෙවසරකට පෙරාතුව
නුඹට ලිවු වදන් පෙළ
ආයෙමත් ලියනවා
ඔහු නමට..

දැනෙන කොට හිරිකිතක්
ආදරේ ගැන
අතින්වත් අල්ලන්නෙ
කෝම මං
ජීවිතය..

සිල් ගත්ත මගේ හිත
තවම අනිමිසයක
ඒ ගැන...


8 comments:

  1. මුහුදේ ඔහේ පාවෙන සීතල අයිස් කන්දක් වගේ හිත .......

    ReplyDelete
  2. හිත ගැන නම් කියන්න දෙයක් නෑ... වෙලාවකට අපට හිතෙන දේවල් නං කොයි තරම්ද. ඒත් ඒ දේවලින් ඉටු වන්නේ කීයද?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඇත්ත නලින් අයියෙ...

      Delete
  3. පෙමක් අහිමිවීම නිසා තවත් පෙම්ක් පැතීම සාදාරනීයකරනය කරන්න පුළුවන් මේ විදියට...

    තාලයක් නැති අවසනක් නැති
    නිමක් නැති පද වැල් පත් ඉරුව මත රැඳුන
    නිමකරන්නට බැරි පෙර ලෙසට
    කවියකි අඩක් ලියු පෙර රැයක...

    මතු දිනක පබැන්දුමට හිත ගියද පෙර කවිය
    ඉඩනොමැත පත් ඉරුව වදන් වැල් අමුණන්න
    නොහැකි මුත් නව ඉඩක පෙර වදන් ගලපන්න
    පිලියමක් නැති කමට කවි හිතට නවතින්න..

    ලියමි නව පදවැලක්
    නව තාලයක් ඇතිව
    පෙර දිනක කල ලෙසම
    ආදරේ නමට..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... අලුතෙන් නේද චම්මා..සාදරයෙන් පිළිගන්නවා ඔයාව...:)

      Delete
  4. //දැනෙන කොට හිරිකිතක්
    ආදරේ ගැන
    අතින්වත් අල්ලන්නෙ
    කෝම මං
    ජීවිතය..//
    එහෙම කියලා කොහොමැයි...?

    ReplyDelete