වන වැදුණු - සෙවන වුණු
නිසල බිම
මතක වෙඩි
පුපුරන කොට - හදිසියෙම
බිම වැටුණු
කොක් රෑන දැක දැක
අපරාදයක් නොකළ
අත් දෙක
හූල්ලන්නෙ
රතු ලේ සිතැතිව ම..
අහිංසක දෙනෙතක
රැදුණ ලේ පාට
මග තොටක දැක
සුදුපාට වෙන කොට
අහිංසක නැති හිත
නගයි දොස් - පරොස්
හරියට...!!
ළගකදි බැදුණ
අත්දෙක
අත හැරෙයි - විසි වෙයි
දුරටම...
හුඟ දවසකින් මේ පැත්තේ එන්ට පුළුවන් උනේ අක්කේ.. වෙනද වගේම අපූරු පද ටික
ReplyDeleteගොඩක් ස්තුතියි මල්ලියා...:)
Deleteමටනම් තේරෙන්නේ නැ අප්පා ......
ReplyDeleteහයියු මැලේ රාළ...:D
Deleteපැරණි පෙමක් ගැනද මන්දා කියන්නෙ :D
ReplyDelete:D
Deleteමතක වෙඩි පුපුරන කොට හැම දේම විසි වෙනවා රෙහානි අක්කා..:)
හරියටම ඔළුවට ගියේ නෑ සජානි මගෙත් අද නම්
ReplyDeleteම්ම්ම්....
Deleteමම හිතනවා මේකටම ගැලපෙන කවි පද ටිකක් මමත් ලියලා තියෙයි කියලා ... මෙන්න ඒවා
ReplyDeleteවරද කිම
ලදලු මතුවන කුඩා පැළයක්
ලෙසින් හදතුල නැගුනු පෙම් කව
දෙඩුව මුත් හද නොසගවා මම
දරන්නට බැරි වීද ඒ බස
එයද මා රුපු ලෙස දකින්නට
කල වරද මට කියනු මැන සඳ
දියට ගලනට හැකිව තිබු හැම
ජල බිදක් වත් නෑනෙ දක්නට
වියලිලා ඇත ඉරි තලන්නට
කුරිරු කර ඇත සොබදහමම
එයද දඩුවම පෙමට දුන් ඔබ
නොකළ වරදට කියනු මැන සඳ
මිරිගු ඇත මහ කතර සිපගෙන
මවයි දසුනුත් සිහින ඇතිකර
පිපාසිත මුව පොව්වකුයි මම අද
පෙලී මියයනු පමණි ඉතිරිව
එයද ඔබ හද රිසි දකින්නට
ඔබට පෙම් බැඳ සිදුවූ වරදට
~අසංක රංග කුමාර සමරවීර ~
අපූරු පද ටික කැපා...:)
Delete