"දන්නවද මම දැන් කොතනද ඉන්නෙ කියලා?"
"කොතනද?"
"හොස්ටල් එකේ වහලෙ උඩ"
"වහිනව නෙ?"
"ඔවු වහිනව හොදටම.."
"දැන් කිවුවෙ මට වහින නිසා කන්න එළියට යන්න කම්මැලි කියලා?"
"ඔවු කන්න යන්න කම්මැලි..තෙමෙනව නේ..."
"වහලෙ උඩ තෙමෙන් නැද්ද එතකොට?"
"තෙමෙනවා..ඒ වුණාට නිල් පාට කුඩයක් තියෙනවා ළග.."
"ඉහළ ගන්න ඕක..මොකටද වහලෙ උඩ නැග්ගෙ.?"
"බෑ ඒක දිහා බල බල ඉන්නවා..මට මගේ නොවන මගේම නිල් කුඩයක් තිබුණා කිය කිය..."
"තෙමිලා ලෙඩ වෙයි..බහින්න ඔතනින්.."
"බෑ.."
"විහිලු නෙවෙයි. බහින්න කිවුවෙ..!"
"හොදින් කිවුවොත් බහිනවා.."
"හා බහින්න.."
"බෑ එහෙම බෑ.."
"බහින්න..."
"එහෙම කිවුවට බහින්න හිතෙන් නෑනෙ.."
"කෝ බහින්නකෝ..."
"මදි මදි"
"බහිනවා එක පාරක් කිවුවම.!"
"හි හි ඔය එක පාරක් යැ..දැන් කී පාරක් කිවුවද?"
"මගෙ යකා අවුස්සන් නැතුව බහින්න ඔතනින්.."
"යකායවත් කියලා බලමු කියන්න ඕනි විදිය තේරෙයිද කියලා..."
"බැහැපිය කියන දේ අහලා.!!"
"හම්මොහ්..ඉන්න ටිකක්....."
"හ්ම්ම්..
බැස්සද?"
"නෑ මේ තව උඩට නගින්න තැනක් නැද්ද කියලා හෙව්වෙ.."
"හිතුවක්කාරයා..."
"ඔයා වගේමයි..."
-හොදටෝම හිනා අපිට-
බහින්න කිව්වොත් බහින්නේ නෑ නෑ නෑ මයි. චූටි කාලේ මාත් ඔහොමමයි. තවමත් ටිකක් ඒ විදියයි. 'හිතුවක්කාරකම'
ReplyDeleteඒකට කියන්නෙ හිතුවක්කාරකම තමයි අසෙනි..:)
Deleteලස්සනයි ඒ හිතුවක්කාරකම...
බහින්න මගෙ පැටියො
ReplyDeleteමේ කතාව ඇතුළෙ එහෙම කියන්න අයිතියක් නෑ සමී...
Deleteපහළ ඇති පින්තුරයට අනුව ලියන ලද කතාවක් නේද මේ
ReplyDeleteම්...නෑ නලින් අයියා..කතාවට අනුව තේරුණ රූපයක් ඒක...
Deleteඇත්ත කතාවක් මේ...
මේ සිතුවිල්ලක්ද? ඇත්තක්ද?
ReplyDeleteමේක සිතුවිලි අතර හැමදාම සැරිසරන ඇත්තක් මදාරා...
Deleteහැම වචනයක්ම ඇත්තම ඇත්ත...
බහින්න එපා ඔහෝමම ඉන්න කියලා ගේ ඇතුලට ගිහින් ටික වෙලාවක් ඉන්න තිබුනේ. එතකොට එපා වෙලා ගොඩක් වෙලාවට නිකම්ම බහියි. හැබැයි ගොඩක්ම හිතුවක්කාරයෙක් නම් එලි වෙනකම්ම තෙමි තෙමි ඉන්නත් ඉඩ තියෙනවා.
ReplyDeleteඑහෙම කිවුවොත් නම් මෙයා තෙමි තෙමි උඩටම වෙලා ඉන්නවා සදුන්..
Deleteහරිම හිතුවක්කාරයි..පරාද වෙන්නෑ කාටවත්...:)